සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව හෙට(16) පෙරවරු 8.00 වනවිට ඔවුන් සියලුදෙනාම සිය ආයතනවලට වාර්තා කළ යුතු වෙයි.
කොවිඩි 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් හුදකලා කළ ප්‍රදේශවල BOI සහ EDB කර්මාන්ත ශාලා වෙත දැනුම් දීමක් කර තිබේ.
අද(15) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. උතුරු සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි […]
ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි කැළණිය පොලිස්බල ප්‍රදේශය ද හුදෙකලා කිරීමට තීරණයකර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ හුදෙකලා කළ පොලිස්බල ප්‍රදේශ අතරින් මීගමුව, ජා-ඇල, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ යන ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කෙරෙන බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා […]
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ් අනුව කොළඹ – කොටුව, පිටකොටුව, කොම්මපඤ්ඤවීදිය, වේල්ලවීදිය සහ මරදාන යන ප්‍රදේශ සඳුදා උදෑසන 5 සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කරන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.
පෑලියගොඩ කොරෝනා ආසාදනය වූ පොකුර ආශ්‍රයෙන් තවත් ආසාදිතයින් 214 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඔවුන් සියලු දෙනා මින් පෙර එම පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 12,909ක් ලෙසයි.
බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ආසාදිතයින්ගේ සමස්තය දැක්වෙන්නේ 329ක් ලෙසයි.
දරුණු කොරෝනා වෛරසය මුළු ලොවක් ගිල ගනිමින් ඇති මොහොතක ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවලට අනුව අප පසුවන්නේ තුන්වැනි අවදානම් මට්ටමේයි. දිනෙන් දින සීඝ්රයෙන් පැතිර යන වසංගතය මේ දිනවල ප්‍රධාන වශයෙන් ගොදුරු කර ගනිමින් සිටින්නේ බස්නාහිර පළාතයි. මෙතෙක් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කය ද පසු කරමින් අඛණ්ඩව දින පහක් පුරා වැඩිම ආසාදිතයින් ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් […]
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පරාජයෙන් පසු පළමුවරට ඊයේ එරට ජනතාව ඇමතුවා. ඒ, ධවල මන්දිරයේ රෝස් උද්‍යානයේදීයි. එහිදී ජනතාව අමතමින් ඔහු පවසා ඇත්තේ, සිය පාලන කාලය තුළ රට අගුලු දැමීමට කිසි විටෙකත් තමන් කටයුතු නොකළ බවයි. එහෙත් ඉදිරි කාලයේදී කුමක් සිදුවේද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ. එමෙන්ම ජනාධිපතිවරණ පරාජය […]
කොරෝනා ආසාදනය වූ තවත් 293 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ වනවිට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 11,324ක් ලෙසයි.
කොරෝනා වෛරසය වැළඳී මහමඟ වැටී පුද්ගලයින් මිය යන බවට සමාජ මාධ්‍යය ඔස්සේ අසත්‍යය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. අද උදෑසන කඩුගන්නාව ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එලෙස අත්අඩංගුවට ගත්තේ 35 හැවිරිදි පුද්ගලයෙක්. එවැනි අසත්‍යය පුවත් පළ කරන හා ඒවා හුවමාරු කරන පුද්ගලයින් හට දැඩිව නීතිය ක්‍රියාත්මක […]
පවතින වසංගත තත්ත්වය හමුවේ කොළඹ නගරය තුළ හුදෙකලාකර ඇති ප්‍රදේශ, නිවාස සංකීර්ණ ඇතුළු ස්ථානවල නොමිලයේ ජංගම සායන පැවැත්වීමට තීරණයකර ඇතැයි කොළඹ මහනගර සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් නාගරික කොමසාරිස් නීතීඥ රෝෂණී දිසානායක මහත්මිය පවසන්නේ, අදාළ ස්ථානවල බෝනොවන රෝගවලින් පෙළෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම සායන පවත්වන බවයි. එමෙන්ම කොළඹ නගරයේ ජනතාවට සිය සෞඛ්‍ය ගැටළු විමසීමට […]