ඉන්දියාවේ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණ නළුවෙකු වන සෞමිත්‍රා චැටර්ජි මහතා කොරෝනා වෛසරය වැළඳී මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා. මියයන විට ඒ මහතා 85 වැනි වියෙහි පසු වුණා. ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් චැටර්ජි මහතාව පසුගිය මස 6 වැනිදා රෝහල්ගතකර තිබූ බවයි. දින 40කට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි සෞමිත්‍රා චැටර්ජි […]
හෙට දිනය තුළ පැය 10ක කාලයක් සඳහා කොට්ටාව ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොට්ටාව සහ මහරගම ආශ්‍රිත පැලැන්වත්ත, ඇරැව්වල, සිද්දමුල්ල, පිංහේන හන්දිය, ගොරකපිටිය පාර, මොරකැටිය සහ නිවන්තිඩිය යන ප්‍රදේශවලට හෙට රාත්‍රී 9 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇති.
අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජාල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ හෙට පෙරවරු 8.30 සිට පස්වරු 7.30 දක්වා කාලය තුලයි.
පසුගිය ඔක්තෝබර් 4 වැනිදා ආරම්භ වූ මිනුවන්ගොඩ කොරෝනා පොකුර මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවට යුද හමුදාපතිවරයා සදහන් කරනවා. සමස්ත මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 3106ක් වූ අතර එයින් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ 136ක් පමණයි. අන් සියලු දෙනා සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
මෙවර 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උපරිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200 ලබාගත් සිසුන් 10 දෙනෙකු සිටින බව විභාග දෙපාර්තුමේන්තුව පවසනවා. ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා සිසුවිය, ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්ලි යසස්මි සිසුවිය, රත්නපුර ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා සිසුවිය, ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිඳු චිරන්ජිත් සිසුවා ලකුණු 200 ලබාගත් සිසුන් අතර වනවා. එමෙන්ම දිඹුලාගල සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ […]
5 ශ්‍රේණිය ශීෂ්‍යයත්ව විභාගයේ දිස්ත්‍රික් කඩඉම් ලකුණු නිකුත්කර තිබෙනවා. එම කඩඉම් ලකුණු ඇතුළත්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් : පවතින වසංගත තත්ත්වය හමුවේ 5 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය පැවැත්වුණේ, ඉකුත් ඔක්තෝබර් මස 11 වැනිදායි. ඒ සඳහා අයදුම් කළ ශිෂ්‍යයින් සංඛ්‍යාව 331,741ක් වන අතර ඉන් ශිෂ්‍යයින් 326,264 දෙනෙකු විභාගයට පෙනී සිටියා. ඒ අනුව ඊට […]
වාහන ආනයනය කිරීමේ තහනම තව දුරටත් වසරකින් දිගු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙරට ප්‍රමාණවත් තරම් වාහන තිබෙන බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කරන්නේ.
විල්පත්තුව අභය භූමිය ආසන්නයේ පිහිටා ඇති කල්ලාරු රක්ෂිතය එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමෙහි තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණා. ඒ එම නඩුව අද අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීයි. එහිදී අභියාචනාධිකරණය තීන්දු කළේ, අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීම සඳහා රක්ෂිතයක් එළි පෙහෙළි කිරීම නීති විරෝධී බවයි. ඒ හේතුවෙන් […]
බස්නාහිර පළාතෙන් පිටව යාමට පනවා තිබූ තහනම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරුණා. ඒ අනුව කොළඹ දක්වා සිදුවන බස් රථ සේවා සහ දුම්රිය ධාවනය නැවතත් සාමාන්‍ය පරිදි සිදු වන බවයි පොලිසිය පැවසුවේ. මේ අතර කොළඹ – කොටුව, පිටකොටුව, මරදාන, කොම්පඤ්ඤවීය සහ වේල්ලවීදිය යන පොලිස්බල ප්‍රදේශ අද සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කෙරෙන බව පසුගිය සෙනසුරාදා […]
දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින වලදී වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
කොරෝනා වෛරසය හේතුවෙන් සිය මව්බිමට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 92 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. කටාර් රාජ්‍යයේ රැකියා කල ශ්‍රී ලාංකිකයන් 12 හා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල සේවය සදහා ගිය හමුදනිලධාරින් 79 දෙනෙකු මෙලෙස පැමිණ ඇත්තේ.
2020, 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකි අතර කඩයිම් ලකුණු ද නිකුත් කරතිබෙනවා.