News Line| Off Air
Generic placeholder image

Sep
28

ජපන් ගුවන් සේවා සමාගම් සිය ගුවන් මගීන්ට කතා කරන විදිය වෙනස් කරන්නට යයි

Generic placeholder image

ජපන් ගුවන් සේවා සමාගම් විසින් ලබන මාසයේ සිට සිය ගුවන් මගින් ආමන්ත්‍රණය කරන ආකාරය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව නෝනාවරුනි , මහත්වරුනි යනුවෙන් ආමන්ත්‍රණය කල ඔවුන් නව ආමන්ත්‍රණයන් ” සුබ උදෑසනක් ” , ” සුබ සැන්දාවක් ” යනුවෙන් කිරීමටයි බලාපොරොත්තු වන්නේ.


Sep
28

ලාංකික ක්‍රීඩිකාවක් ඔලිම්පික් පදක්කමක් දිනා අදට වසර 20යි

Generic placeholder image

2000 වසරේ සිඞ්නි හි පැවති ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී සුසන්තිකා ජයසිංහ මීටර් 200 ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා වසර 20 ක් ගත වෙනවා. කෙසේ වෙටහ්ත් මෙහිදී රන් පදක්කම දිනා ගත් අමෙරිකාවේ කෙටි දුර ධාවන ශූරී මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වීමත් ඇය ගත් එම රන් පදක්කම අහිමි වූ අතර එහිදී දෙවන ස්ථානය […]


Sep
28

ජපානයේ සම්මානනීය නිළියක් සියදිවි නසා ගනී

Generic placeholder image

ජපානයේ ජනප්‍රිය චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක් වන යූකෝ ටකෙයුචි සිය නිවසේදී ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. 40 හැවිරිදි ඇයගේ දේහය නිවසේ තිබු හමු වුණු බවයි ඇයගේ ස්වාමිපුරුෂයා සදහන් කරන්නේ. 2004 – 2007 වසර තුන තුලදී ඇය ජපානයේ හොදම නිලියට හිමි සම්මානය තෙවරක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා


Sep
28

බන්දු සමරසිංහයන් වියෝ වූ සිය මිත්‍රයා ගැන තැබූ සංවේදී සටහන

Generic placeholder image

දිවියෙන් සමුගත් ප්‍රවීණ විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා සමග බොහෝ කාලයක් රංගනයෙන් දායක වූ බන්දු සමරසිංහ මහතා සිය මිත්‍රයා පිලිබදව සංවේදී සටහනක් තබමින් ශෝකය පළ කර තිබෙනවා.


Sep
28

ජනප්‍රිය විකට රංගන ශිල්පි ටෙනිසන් කුරේ මියයයි

Generic placeholder image

ජනප්‍රිය විකට රංගන ශිල්පියෙකු වන ටෙනිසන් කුරේ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 68 වන වියෙහි පසු වුවා.


Sep
28

බිම් බෝම්බ සොයා ගැනීමට උපකාරී වූ මීයෙක් ට රන් පදක්කමක්

Generic placeholder image

කාම්බෝජය පැවති සිවිල් යුධ සමයේදී විවිධ ප්‍රදේශ වල අතුරා තිබෙන බිම්බෝම්බ 39 ක් සොයා ගැනීමට සමත් වූ “මගාවා” නමින් හදුන්වන මීයෙක් හට රන් පදක්කමක් පිරි නමා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. PDSDA ආයතනයක් මගින් මෙම රන් පදක්කම පිරි නමා තිබෙනවා.


Sep
28

අවුරුදු 14 ක පාසල් දැරියක නිවසේ වැසිකිලි වලට ඇද වැටි මිය යයි

Generic placeholder image

සිය මිදුල අතුගාමින් සිටි වයස අවුරුදු 14 ක් පමණ පාසල් දැරියක් නිවසේ වැසිකිලි වලේ කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටීමෙන් වැසිකිලි වලට ඇද වැටි මිය ගොස් පුවතක් වාර්තා වෙනවා. ඒ මාවනැල්ල ගනේතැත්න ප්‍රදේශයෙන්.. එම දරුවා රෝහලට රැගෙන යන විටත් මිය ගොස් ඇති බවයි මාවනැල්ල පොලිසිය සදහන් කරන්නේ..


Sep
28

ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය හා අතිනත ගත් කවීෂාගේ විවාහ මංගල්‍ය උත්සවයේ ජායා රූප පෙළක්

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය හා සිනමා නිළි ඩිලානි අබේවර්ධනගේ දියණිය වන කවීෂා කාවින්දි හා අතිනත ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ෆ්‍රීහෝල්ඩ්හි පැවැත්වූ මංගල උත්සවයේ නිල ජායා රූප පෙළක් පහතින් දැක්වේ..


Sep
28

පාතාලය මඩින මෙහෙයුම් තුලින් රටපුරා අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය හමු වෙයි

Generic placeholder image

පාතාලය මර්දනය කිරීමේ රටපුරා කි‍්‍රයාත්මක පොලිස් මෙහෙයුම් තුලින් අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය දිවයින පුරා සොයා ගැනීමට හැකි වී ඇති බව පොලිසිය සදහන් කරනවා. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ලූණුවිල ප‍්‍රදේශයේදී පතරොම්, කඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ගල්කිස්ස, ප්‍රදේශයේදී දී ද උණ්ඩ ඇතුළු අවි ආයුධ තොගයක් කාණුවක් තුලදී සොයාගෙන තිබෙන […]


Sep
28

පොල් ගෙඩියේ වටප‍්‍රමාණය අනුව පාලන මිල සොයන්න නිලධාරීන් නිරීක්ෂණයක

Generic placeholder image

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා පොල් සඳහා පනවනු ලැබූ පාලන මිල නිසි ආකාරව ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. දෙමටගොඩ සහ නාරාහේන්පිට නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ ඔවුන් ඇතැම් තැන් වලදී පාලන මිල අභිබවා පොල් මිල ගණන් පැවතුනු බවද පවසන අතර මේ පිලිබදව වෙළෙදසල් හිමිකරුවන් සදහන් කරන්නේ පාලන මිල […]


Sep
28

රිය පැදවීම සඳහා ආබාධිත තත්ත්වය බාධාවක් නොවන පිරිසට රියැදුරු බලපත්‍ර දීමේ සුදානමක්

Generic placeholder image

ආබාධිත තත්ත්වයන් යටතේ සිටින පිරිසට වුවද ඔටෝ ගියර් පද්ධති සහිත වාහන පැදවීමේ හැකියාව පවතින පිරිසට ඉදිරියේදී රියදුරු බලපත්‍ර ලබා දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව විෂයභාර අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරනවා.


Sep
28

අදත් පළාත් කිහිපයකට තද වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post