News Line| Off Air
Generic placeholder image

Aug
4

නිල ජන්ද පත්‍රිකා මිලට ගත් සිද්ධියක් පිලිබදව පුළුල් විමර්ශනයක්

Generic placeholder image

බේරුවල ප්‍රදේශයේ නිල ජන්ද පත්‍රිකා මිලට ගත් සිද්ධියක් පිලිබදව පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් එක් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවකට රුපියල් 5000 ක මුදලක් ලබා දී එම ජන්ද පත්‍රිකා රැගෙන ගොස් ඇති බවට පුද්ගලයින් දෙදෙනකු ප්‍රකාශ ලබා දී ඇති බවයි පොලිසිය සදහන් කලේ. අදාල මෝටර් රථය මොල්ලිය මලේ පල්ලිය ඉදිරිපිට […]


Aug
4

සම්පායෝ අද යළි අධිකරණයට

Generic placeholder image

අත් අඩංගුවට ගත මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරු ඊයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මිගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් සරත් බණ්ඩාර , නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගල යන පුද්ගලයින්ද අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරුවන් දෙදෙනා නීති විරෝධිව […]


Aug
4

මැතිවරණයේ අවසාන ජන්ද ප්‍රථිපලය 06 වනදා මැදියම් රැයට පෙර

Generic placeholder image

හෙට පැවැත්වෙන මහ මැතිවරණයේ අවසාන ජන්ද ප්‍රතිපලය 06 වනදා මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා.


Aug
4

facebook හරහා සිදු කෙරූ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් වලට මිලියන 80 ක වියදමක්

Generic placeholder image

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් වෙනුවෙන් facebook හරහා සිදු කරන ලද දැන්වීම් වලට මිලියන 80 ක පමණ පමණ මුදලක් මෙරට දේශපාලඥයින් ගෙවා ඇති බව facebook සමාගම සදහන් කරනවා. මේ අනුව face book තුල පළ කර ඇති දැන්වීම් ප්‍රමාණය 26,710 ක් වන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


Aug
4

හිටපු CID අධ්‍යක්ෂ ශානි සමග එක්ව බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවට උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

Generic placeholder image

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකෙර මහතා සමග එකතු වී බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවට උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පොලිස් පරීක්ෂකවරයා ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කල නිලධාරියෙක්.


Aug
4

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය දීපිකා උඩුගම එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා. මේ අනුව සැප්තැම්බර් මස 01 වැනිදා සිට එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ව්‍යවස්ථා සභාවට දැනුම් දුන් බව එම මහත්මිය වැඩි දුරටත් සදහන් කළා.


Aug
4

ලොව පුරා කොරෝනා මරණ 691,300 පනියි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මිය ගිය කොරෝනා අසදිතහ්යින් ගණන 691,300 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. එමෙන්ම වාර්තා වන ආසාදිතයින් ගණන 18,185, 015 ක්. මේ අතර මෙම ආසාදනයට ලක් වී ලොව පුරා මේ වන විට සුවය ලැබූ පිරිස 10,836,439 ක් ලෙස ද වාර්තා සදහන් වෙනවා.


Aug
4

නව පාර්ලිමේන්තුව කැදවීම අගෝස්තු 20 වෙනිදා

Generic placeholder image

හෙට පැවැත්වෙන මහ මැතිවරණයේ පසු නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වනදා කැදවන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. මීට අදාල ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ ප්‍රකාශයට පත් කෙරුණා.


Aug
4

ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ආරම්භ කෙරේ

Generic placeholder image

හෙට පැවැත්වෙන මැතිවරණයේ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම අද පෙරවරුවේ සිට ආරම්භ කර තිබෙනවා. මේ අනුව ඡන්ද ස්ථානාධිපතිවරයා සහ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම ඡන්ද පෙට්ටි සමග ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත්ව යනු ඇති.


Aug
4

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ සබරගමුව, බස්නාහිරසහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පැ.කි .මී 60 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


Aug
3

වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි තත්වයක්

Generic placeholder image

ඔස්ට්‍රලියාවේ දෙවන විශාලතම ජනගහනයක් සිටින වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ඊයේ දිනය තුල පමණක් කොරෝනා වෛරස් ආසාදිතයින් 671ක් ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. මේ අනුව එම ප්‍රාන්තයේ ජනතාවට දැඩි සුපරීක්ෂ කරිව එදිනෙදා ජීවිතය ගෙනයෑමට සිදුව තිබෙන අතර ඉරිදා දිනයේ සිට එම ප්‍රාන්තයට පස්වරු 8.00 සිට පෙරවරු 5.00 දක්වා දිනපතා ඇදිරි නිතිය පැනවීමට […]


Aug
3

සම්පායෝ රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

අත් අඩංගුවට පත්ව සිටින මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පයෝ හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.


News Articles
Latest Videos
Most Popular Post