කොවිඩ් – 19 හෙවත් කොරෝනා ආසාධනය වී සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව මෙරට කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ මුළු ආසාධිතයින් සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
COVID-19 වෛරසය ව්‍යාප්ත වන ඉහළ අවදානම් සහිත ප්‍රදේශයන් ලෙස බෙරුවල ගම්මාන දෙකක් හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව පන්විල හා චීන කොරටුව යන ගම්මාන හුදකලා කිරීමට ආරක්ෂක අංශ තීරණය කරයි.
ඉන්දියාව මැයි 3 දක්වා තවදුරටත් වසා දමයි. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මස 25 වනදා සිට සති 03 ක කාලයක් සඳහා ඉන්දියාව සම්පුර්ණයෙන්ම වසා දැමීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගියදා පියවර ගත්තේය. එම කාලය අද දිනයෙන් අවසන් වු අතර ඒ අනුව නරේන්ද්‍ර මෝදි ජාතිය අමතා පැවසුවේ මැයි 3 වැනි දින දක්වා තවදුරටත් ඉන්දියාව වසා […]
ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 324 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයන් ගණන ද නවදහස් එකසීය ඉක්මවා ගොස් ඇත. එරට සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කර තැබෙන කාලය අදින් අවසන් වීමට නියමිතව ඇති අතර අගමැති නරේන්ද්‍ර මෝදි අද පෙරවරු 10ට ජාතිය ඇමතීමට නියමිතයි.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්ෂ 20,000 ට ආසන්න වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ලොව පුරා පුද්ගලයින් එක් ලක්ෂ 19,595 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර එය 26,448 ක්. ඊයේ(13) දිනයේ ද අමෙරිකාවෙන් පුද්ගල මරණ […]
අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද(14) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඇඳිරි නීති කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ(13) පස්වරුවේ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පිළියන්දල ප්‍රදේශයේ සිට කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු ඊයේ දහවල් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක […]
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 218 දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ(13) රාත්‍රියේ තවත් එක් ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟයි. අප්‍රේල් 12 දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 11 දෙනෙකු හා ඊයේ දිනයේ අට දෙනකු හඳුනා ගැනිමත් සමඟ මෙරටින් වාර්තා වන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස 218 දක්වා වැඩි වී ඇත. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට මෙරට […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 217 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මිරිහාන පොලිසිය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් නිලධාරියෙක් ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්.
අද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. බීමත්ව හැසිරෙමින් ඇඳිරි නීතිය කඩකරන්නන්, ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත කරන්නන්, අත්අඩංගුවට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් අද පස්වරු 6 සිට හෙට දක්වා ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා […]
තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු හදුනාගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 214 දක්වා ඉහල ගොස් තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසදතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර් පරික්ෂණය ස්ථාන 12කින් සිදු කිරිමට මේ වන විට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් පී.සී.ආර් පරික්ෂණ 609 ක් සිදු කිරිමට පියවර ගත් බව ඔහු පෙන්වා දුන්නා. මේ වන විට මෙරට තුළින් කොවිඩ් නයින්ටීන් […]