දිවයින පුරා පිහිටි සුරා සැල් කිහිපයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මූද්‍රා තබා තිබෙනවා. සුරාසැල් හිමියන් විසින් ඇඳිරි නීතිය ලිහිල් කළ කාලසීමාව තුලදී ගබඩා කර ඇති මත්පැන් වෙනත් ස්ථානවලට රැගෙන විත් අධික මිලට අලෙවි කරන බවට පැමිණිලි ලැබුණූ බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළා.
සබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි. කොවිඩ් නයින්ටීන් රෝගයේ ලක්ෂණ ඇති පුද්ගලයින් සිටියි නම් නිවස තුළ රැදී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ ය. රටේ ඇති අපරාද නීතිය අනුව මෙවැනි අවස්ථාවකදී යම් ස්ථානයකට ගොස් මෙම […]
මෙරට කොරෝනා ආසාදිත හයවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 80ක් වු පිරිමි පුද්ගලයෙක් වෙයඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 178 ක් වාර්තා වෙයි. මේ වන විට කොරෝනා වැලදීමෙන් මෙරට […]
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. කොළඹ 09, කොළඹ 14 සහ නවගම්පුර යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත් හිටවනු ඇති.
කොවිඩ් 19 ආසාදනය වීමෙන් දින 10ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඊයේ දින රෝහල්ගත කෙරුණි. කෙසේ වෙතත් අගමැතිවරයාගේ තත්ත්වය අසාධ්‍යවීමෙන් ඔහු ලන්ඩන් හි ශාන්ත තෝමස් රෝහලේ, දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කිරීමට සිදුව තිබේ. මේ වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ, අගමැතිවරයා ස්වසන අපහසුතාවෙන් පසුවන නමුත් තවමත් ඔහු ස්වසන ආධාරකවල සහාය නොලබන බවයි. […]
බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට(07) යෙදී තිබේ. ශ්‍රී ලංකා ද්වීපය දෙවන වරටත් සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් කරමින් බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩම කළේ අද වැනි පොහෝ දිනකයි. චූලෝදර මහෝදර නාගගෝත්රිකයින් මිණි පළඟක අයිතිය වෙනුවෙන් සිදු කිරීමට ගිය සටනින් සිදුවීමට ගිය විනාශය වැළැක්වීමට බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ […]
ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වන විට ලක්වැසි ජනයා දැඩි බලපෑමකට ලක්ව තිබෙන පසුබිමක විශේෂයෙන්ම එදා වේල හරි හම්බ කරන් ජිවත් වූ මිනිසුන්ගේ ජිවිත දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙන මොහොතක voice of asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මහතාගේ මග පෙන්වීම යටතේ Diolog ආයතනය සමග අත්වැල් බැද ගනිමින් එම අසරණ […]
කොරෝනා වෛරසය හේතුවෙන් කල් දමා තිබෙන ඔලිම්පික් උළෙලේ වැඩ කටයුතු මේ වන විට 2021 ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වනවා. ඒ අනුව එහිදී ශ්‍රී ලංකා ජාතිකයෙක් වන සුජීව විජේනායකට ජපානයේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් එම ඔලිම්පික් උළෙලේ බේස්බෝල් ක්‍රීඩාවේ නියෝජ්‍ය මෙහෙයුම් කළමණාකරු තනතුර ප්රදානය කර තිබෙනවා. සුජීව විජේනායකට මෙම පත්වීම ඉකුත් අප්‍රේල් 01 වන දින ජපාන ක්‍රීඩා […]
කොරෝනා මර්දනය වෙනුවෙන් ඉන්දීය අගමැති කැබ්නට් මණ්ඩලය හා මන්ත්‍රිවරුන්ගේ වැටුප් 30%කින් අඩු කිරිමට තීරණය කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා
මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 178 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළා