නව කොරෝනා ව්‍යාප්තියෙන් ලොව පුරා සිදුවූ සමස්ත මරණ ගණන 37,500 ද ඉක්මවා ගොස් තිබේ.මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, අමෙරිකාව මේ වනවිට වෛරස ව්‍යාප්තියේ උපරිමයට ළගාවී ඇති නමුත් තත්ත්වය පාලනය කරමින් සිටින බවයි. කෙසේ නමුත් කොරෝනා ව්‍යාප්තියේ වැඩි බලපෑමට ලක්වු නිව්යොර්ක්හි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසන්නේ, වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සදහා තවත් සහය […]
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇති බව විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. තෝරාගත් පාර්ශව කිහිපයක් සඳහා පමණක් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළා. මාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විනය හා කල්ක්‍රියා දිසාව […]
කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ(30) මධ්‍යම රාත්‍රීයේ සිදුකර තිබේ. මීගමුව මහනගර සභාවට අයත් පොදු සුසාන භුමියේ දි ඔහුගේ දේහය අදාහනය කළ බව අප වාර්තාකරු පැවසුවා. මෙම අවස්ථාව සඳහා මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ප්‍රධානීන් , මීගමුව කොච්චකඩේ පොලිස් ස්ථානයේ නිලධාරින් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු එක්ව සිට තිබේ. නිරෝධායන පනතට අනුව […]
ගතවූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤයෙන් වන අතර ඒ අනුව මරණ 913ක් වාර්තා වී ඇති බව සඳහන් වෙයි.ඉතාලියෙන් ද මරණ 812ක් වාර්තා වී තිබුණ ද පසුගිය දින කිහිපය සැලකිල්ලට ගැනීමේ දී එරටින් පැය 24ක කාලයක් තුළ වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව එය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අද වන විට […]
ඉදිරි සති දෙකක හෝ තුනක කාලය තුළ මෙරට ජනතාව වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. අනාරක්ෂිතව සමාජය තුළ නව කොරෝනා වෛරස ආසාදිතයින් සැරීසැරිමත් සමග මේ පිලිබඳ අවධානය යොමුකළ යුතු බවත් ඉදිරි සති දෙක තුන ඉතාමත් භයානක තත්ත්වයක් උද්ගතවිමට ඉඩ තිබෙන බවත් ඒ මහතා වැඩ් දුරටත් […]
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. සෙසු දිස්ත්‍රික්ක 19 සඳහා පනවා තිබූ ඇදිරි නීතිය ඊයේ උදෑසන 06.00 ට ඉවත් කෙරුණු අතර එය යළි පස්වරු 02.00 සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත්තේය. කෙසේවෙතත් එම දිස්ත්‍රික්ක 19 ට ක්‍රියාත්මක ඇදිරි […]
කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දැමූ බව එහි අධ්‍යක්ෂවරයා පැවසුවා. ඒ අනුව රෝගීන් 15 දෙනෙකු සහ එහි කාර්යය මණ්ඩලයද නිරෝධායනයට යොමු කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.
නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කිරීමට නියමිතයි. එකවර ලැබෙන දීමනාවක් ලෙස රුපියල් 5,000/-ක් ගෙවීමෙන් ඔවුන් මුහුණපා සිටින ආර්ථික දුෂ්කරතා සමනය වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්‍යාවශ්‍ය සේවා යථා පරිදි පවත්වාගෙන යාමට ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක […]
සිංගප්පූරු මහකොමසාරිස් කාර්යාලය අද සිට සති දෙකක් කාලයක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ, එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ, 21 වන මහලේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු කර ගැනීම හේතුවෙන්. මේ බව කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මීගමුව මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව මෙම මරණය දිවයිනේ සිදුවූ දෙවන කොරෝනා මරණය යි.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. සෙසු සියළු දිස්ත්‍රික්කවල අද (30) දහවල් 2.00ට යළි පනවනු ලැබූ ඇඳිරි නීතිය අප්‍රේල් 01, බදාදා උදෑසන 6.00 දක්වා බල පැවැත්වෙන බවත් එම නිවේදනයේ සදහන්. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් […]
හලාවත එකම පවුලේ පුද්ගලයින් පස්දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී රඳවාගෙන තිබෙනවා. අදාළ පවුලේ සාමාජිකයන් අතර මාස 4ක් වයසැති ළදරුවෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.