නව කොරෝනා වෛරසයෙන් ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට දස දහස ඉක්මවා තිබෙනවා. ඒ ගතවූ පැය 24 තුළදී අලුතින් වාර්තාවූ මරණ 889ත් සමඟයි. අමෙරිකාවත් දරුණු ලෙස වෛරසයට ගොදුරු වෙමින් ඇති පසුබිමක සමස්ත නිව්යෝක් ප්‍රාන්තයම නිරෝධායනයට ලක්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුවී තිබේ. නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 201ක පැතිර ගොස් ඇති අතර […]
ලංකාවට ගුවන් යානා පැමිනිමේ තහනම අප්‍රේල් 7 දක්වා දීර්ඝ කර තිබෙන බව රජයෙන් දන්වා තිබෙනවා.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට (30) සඳුදා උදෑසන 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පනවනු ලැබේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති […]
මහනුවර අකුරණ ප්‍රදේශයේ ගම්මානයක් සහ පුත්තලම කඩයම්කුලම ප්‍රදේශයේ ගම්මාන දෙකක ජනතාව සම්පූර්ණයෙන් නිරෝධායනය සඳහා පියවර ගෙන තිබෙනවා. කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු එම ප්‍රදේශවලින් හමුවීමෙන් පසු මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. විදෙස්ගතව සිට පැමිණ නිරෝධායන කටයුතු සඳහා ලියාපදිංචි නොවූ පුද්ගලයන් එම ප්‍රදේශවල රැදී සිටි බවට අනාවරණය […]
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය ඊයේ(28) පස්වරුවේ වාර්තා වුණි. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ […]
සමාජ මාධ්‍ය ජාලා හරහා කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන ලද පුද්ගලයෙකු කුරුණෑගල පොලිස් වසමේ උහුමීය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද(28) රාත්‍රී 8.45ට පමණ අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වසය අවුරුදු 38ක් වන ශ්‍රී මහාවිහාර පාර කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව අනාවණය […]
ලන්ඩන්වල ජීවත් වු 55 හැවිරිදි ශ්‍රීලාංකික පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා. ඔහු දින ගණනක් දැඩ් සත්කාර ඒකකයේ සිට මෙලෙස ම්යගොස් තිබෙන බව වාර්තා වනවා.
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට 113 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.
දිවයිනේ පළමු කොරෝනා මරණය අයි.ඩී.එච් රෝහලෙන් වාර්තා වුණා. ඔහු මාරවිල ප‍්‍රදේශයේ 65 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයෙක්. මෙම රෝගියා කොරෝනා වෛරසය ආසාධනය වන විට වකුගඩු බද්ධ කිරීමකට ලක්ව තිබූ අතර දියවැඩියාව සහ අධි රුධිර පීඩනයෙන් ද පෙළි ඇති බව සදහන්. මොහු අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියා.
ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ජනාධිපති කාර්යය සාධක බලකායේ රැස්වීමක් අද(28) පෙරවරුවේ පැවැත්වුණා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අංශවල නිලධාරීන් සහ යුධ හමුදාපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, තැපැල්පතිවරයා ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වි තිබෙනවා. ඒ අනුව රජයේ රෝහල්වල සායනිකව […]
රට තුළ උද්ගතව ඇති හදිසි තත්ත්වය මත ජනතා ගැටලුවලට සහය සැලසීම සඳහා කඩිනම් දුක්ගැනවිලි සහන යාන්ත්‍රණයක් ස්ථාපිත කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙය ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා. මෙමගින් එදිනෙදා ජන ජීවිතය අඩාල නොවී සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සදහා ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල […]
පසුගිය 20 වනදා උදෑසන 06 සිට අද දහවල් 12 දක්වා ගත වූ කාලසීමාව තුළ දිවයිනේ ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 5386 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ වාහන 1358 ක්ද එම කාලසීමාව තුළ අත්අඩංගුවට ගත් බවයි. අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා ගත වූ පැය 6 තුළ පුද්ගලයින් 201 ක් සහ […]