ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේදී (29) එක් සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියොන් දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. කොළඹ […]
කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබෙනවා. මේ අතර කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය ඊයේ(28) රාත්‍රියේ වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බවයි. මේ වන විට මෙරටින් […]
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලන්ඩනයේ දී තවත් ශ්‍රීලාංකිකයෙකු මියගොස් තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් ලන්ඩනයේදී මියගිය දෙවන ශ්‍රීලාංකිකයා මොහු වන බව වාර්තා වෙයි. 70 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයෙකු මෙලෙස මියගොස් ඇති බව ද විදෙස් වාර්තා පෙන්වාදෙයි. ඊයේ දිනයේ 55 හැවිරිදි මහරගම, වත්තෙගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේදී මියගියේය. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත […]
ඉතා හදිසි ප්‍රතිකාර හැර අනෙකුත් සියලු දෛනික පරීක්ෂණ කිරීම් සහ යොදා ඇති හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල් දමන බව ශ්‍රී ලංකා උගුර, කණ, නාසය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කරනවා.
කොරෝනා වැළදී මියගිය පලමු රෝගියා ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු උදෑසන 11: 10 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ දී සිදුකෙරුණා. ඒ දැඩි සීමාවන් යටතේයි.
කොරෝනා වෛරසයට ගොදුරු වූ ලොව ජනග්‍රහනය වැඩිම රටවල් 05 වාර්තාවෙන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාවන්ගේ සටහනක් පහත දැක්වේ. 1 . චීනය ජනගහනය – 1,439,323,776 රෝගීන් – 81,439 මරණ – 3,300 2 ඉන්දියාව ජනගහනය – 1,380,004,385 රෝගීන් – 987 මරණ – 24 3 ඇමෙරිකාව ජනගහනය – 331,002,651 රෝගීන් – 123750 මරණ – 2227 4 ඉන්දුනීසියා ජනගහනය – 273,523,615 […]
මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව බොහෝ රටවල් පුරා ව්‍යාප්ත ව ගොස් තිබෙනවා. කෙසේ නමුත් මෙම වෛරසයට ගොදුරු නොවුණු රටවල් එනම් මෙතෙක් කොරෝනා රෝගීන් වාර්තා වී නැති රටවල් කිහිපයක් පමණක් ඉතුරුව තිබෙනවා. මේ ඒ දූපත් හා රටවල් කිහිපයයි… Turkmenistan Tajikistan Western Sahara South Sudan Sierra Leone Yemen Botswana Malawi Burundi Lesotho Falkland Islands South […]
අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ඇප ලබා දිය හැකි රැඳවියන් 1460 දෙනෙකු පමණ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ රැඳවියන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන අතර මේ තුලින් ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ව්‍යාප්ත පාලනය කිරීම සැලකිල්ලට ගෙන බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා. ඒ […]
නව කොරෝනා වෛරසයෙන් ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට දස දහස ඉක්මවා තිබෙනවා. ඒ ගතවූ පැය 24 තුළදී අලුතින් වාර්තාවූ මරණ 889ත් සමඟයි. අමෙරිකාවත් දරුණු ලෙස වෛරසයට ගොදුරු වෙමින් ඇති පසුබිමක සමස්ත නිව්යෝක් ප්‍රාන්තයම නිරෝධායනයට ලක්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුවී තිබේ. නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 201ක පැතිර ගොස් ඇති අතර […]
ලංකාවට ගුවන් යානා පැමිනිමේ තහනම අප්‍රේල් 7 දක්වා දීර්ඝ කර තිබෙන බව රජයෙන් දන්වා තිබෙනවා.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට (30) සඳුදා උදෑසන 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පනවනු ලැබේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති […]
මහනුවර අකුරණ ප්‍රදේශයේ ගම්මානයක් සහ පුත්තලම කඩයම්කුලම ප්‍රදේශයේ ගම්මාන දෙකක ජනතාව සම්පූර්ණයෙන් නිරෝධායනය සඳහා පියවර ගෙන තිබෙනවා. කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු එම ප්‍රදේශවලින් හමුවීමෙන් පසු මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. විදෙස්ගතව සිට පැමිණ නිරෝධායන කටයුතු සඳහා ලියාපදිංචි නොවූ පුද්ගලයන් එම ප්‍රදේශවල රැදී සිටි බවට අනාවරණය […]