News Line| Off Air
Generic placeholder image

Mar
30

ලොව පුරා ‌කොරෝනා මරණ 33000 ඉක්මවයි

Generic placeholder image

ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය ‌හේතුවෙන් ‌මේ වනවිට පුද්ගලයන් 33,000කට වැඩි පිරිසක් මරණයට පත් වී ති‌බේ. මෙම වසංගතයට අමෙරිකාව සහ යුරෝපා කලාපය මේ වන විට දරුණු ලෙස ගොදුරුවී අවසන්ය. නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 201ක පැතිර ගොස් ඇති අතර ලොව පුරා මරණ 33,956ක් වාර්තා වී තිබේ. හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 721,412 […]


Mar
30

ජපානයේ විකට නළු කෙන් ෂිමොරා කොරෝනා ආසාදනය වී මරුට

Generic placeholder image

ජපානයේ හාස්‍ය උත්පාදක රංගන ශිල්පියෙකු වන කෙන් ෂිමොරා කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති අතර වෛරසය ආසාදනය වීමෙන් පසුගිය 20 වනදා සිට ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ (29) රාත්‍රී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඔහු මියයන විට 70 වන වියේ පසු විය.


Mar
30

ගත වූ පැය 24 තුල වැඩිම කොරෝනා මරණ ගණන ස්පාඤ්ඤයෙන් වාර්තා වෙයි

Generic placeholder image

ගතවූ පැය 24 තුලදී ස්පාඤ්ඤයෙන් නව මරණ 821ක් වාර්තාවී තිබෙන්නේ ඊයේ දිනයේදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවූ රට බවට පත්වෙමින්ය. එරටින් අද වන විට හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන් ගණන අසූදහස ඉක්මවන අතර මරණ 6,803 වාර්තාවී තිබුණි. බ්‍රිතාන්‍යයෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 19,500 ඉක්මවන අතර ඒ අතරින් 1228 දෙනෙක් මියගොස් තිබේ. මේ අතර ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට […]


Mar
30

මෙරට කොරෝනා රෝගීන් 120 දක්වා ඉහලට

Generic placeholder image

මෙරට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 120 දක්වා ඉහල ගොස් තිබෙන වාර්තා වෙනවා.


Mar
30

මෙරට කොරෝනා ආසාදිතයින් 105ක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබයි

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් 105 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. මෙරටින් රටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 117කි. ඉන් ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. මෙරට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 29 කි. කළුතර දිස්ත්‍රික්කයෙන් 17 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 11 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10 වශයෙන් […]


Mar
30

උපාධිධාරී අභ්‍යාසලාභීන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්

Generic placeholder image

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත අනියුක්ත කෙරුණු රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් අද සේවයට පැමිණීමට අවශ්‍ය නොවන බව රජය දැනුම් දෙයි. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමේ අපහසුතා සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි. රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන්, කොරෝනා වෛරස මර්දන රාජකාරී සඳහා […]


Mar
30

අනුරාධපුර ගලෙන්බිදුණුවැව, කහටගස්දිගිලිය සහ හොරෝව්පතාන, බණ්ඩාරවෙල යන නගරයන්හි සියලුම වෙළෙදසැල් වසා දැමේ

Generic placeholder image

ඇඳරි නීතිය ඉවත් කෙරුණ ද බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ සහ දියතලාව යන ප්‍රදේශවල තොග සහ සිල්ලර වෙළඳසැල් මෙන්ම සුපිරි වෙළඳසැල් ද වසා දැමීමට තීරණය කර ඇති බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා සදහන් කළා. බණ්ඩාරවෙල නගරයෙන් කොරෝනා ආසාදිතයෙකු සොයාගැනීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ. මේ අතර අදාළ පුද්ගලයා පසුගිය 18 වනදා දියතලාව […]


Mar
30

ඊයේ දිනයේදීත් ඉතාලියේ කොරෝනා මරණ 756ක් වාර්තා වෙයි

Generic placeholder image

ගතවු පැය විසි හතරක කාලය තුළ කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 756ක් වාර්තා වීමත් සමඟ ඉතාලියේ සිදුවු මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා තිබේ. ඒ අනුව මේ වනවිට එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 10,779 ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය. මේ වන විට එරටින් වාර්තා වන වෛරස ආසාදිතයින්ගේ ගණන 97,689 ක් වන බව […]


Mar
30

දිස්ත්‍රික්ක 06 ක් හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතට

Generic placeholder image

දිස්ත්‍රික්ක 06 ක් හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතට කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද(30) උදෑසන 6.00ට තාවකාලිකව ඉවත් කෙරිණි. එම පළාත් සඳහා අද දහවල් 2.00 සිට යළිත් ඇඳිරි නීතිය පනවනු ඇති. කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු තවදුරටත් ක්‍රියාත්මක කරන බව ජනාධිපති […]


Mar
29

හෙට ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සියලු වෙළඳසැල් හිමියන්ට හමුදාපතිගෙන් ඉල්ලීමක්

Generic placeholder image

හෙට(30) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ‍ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳසැල් විවෘත කරන්නැයි යුද හමුදාපති ශ‍වේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා. එමගින් මහජනතාවට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා කර දෙන ලෙසයි වෙළඳ සැල් හිමියන්ට හමුදාපතිවරයා විසින් දැනුම් දෙනු ලබන්නේ. පාරිභෝගියන්ට ලබා දිය හැකි සියලු ‍දෑ ඔවුන් වෙනුවෙන් ලබා දෙන ලෙසත් මහජනතාව‍ වෙළඳ […]


Mar
29

කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 117 දක්වා ඉහළට

Generic placeholder image

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පස්වරුවේ තවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.


Mar
29

විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් 2 සහ 3 යන දිනවලදී

Generic placeholder image

අප්‍රේල් මස 2 සහ 3 යන දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. මෙම දින දෙක තුළදී ගෙවීම් ලබා ගැනීමට නොහැකි වන අයට අප්‍රේල් මස 6 වනදා වන විට අදාල ගෙවීම් සිදුකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි එම කාර්යාලය පැවසුවේ. අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද පැවති අතර […]


News Articles
Latest Videos
Most Popular Post