බ්‍රිතාන්‍යය එරට අවදානම් තත්ත්වයේ පවතින ව්‍යාපාර වෙත අමෙරිකානු ඩොලර් බිලියන 400 ක මුදල් ආධාර ලබා දුන් අතර එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 71 කි. බ්‍රිතාන්‍යයේ, එංගලන්ත පල්ලිය මේ වනවිට සිය සේවා අත්හිටුවා ඇති අතර බකිංහැම් මාලිගයේ සිටින 93 හැවිරිදි දෙවන එළිසබෙත් රැජිණ, ලන්ඩනයෙන් පිටත පිහිටි වින්ඩ්සර් මැදුරට යැවීමට සැලසුම් කර තිබෙනවා. දෙවන ලෝක යුද […]
ස්වයං නිරෝධායනය ප්‍රතික්ෂේප කරන්නන්ගේ දේපල රාජසන්තක කරනු ලබන බව නිතිකොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත පැවසුවා.
ශ්‍රී ලංකාව තුල පැතිර යන නව කොරෝන වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන සේවාවන් මාර්තු මස 31 වන දින තෙක් අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කලේ සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය ප්රතිලාභ අයඳුම්පත් බාර ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සියයට 30 ප්රතිලාභ අයඳුම්පත් බාර ගැනීම […]
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කඩිනමින් යළි දිවයිනට ගෙන්වා ගැනීම විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ සදහා ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයක් පිටත් කර යවන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කළා. ශ්‍රී ලාංකික වන්දනාකරුවන් එක්දහස් දෙසීයක් පමණ දැනට ඉන්දියාවේ රැදී […]
ආගමන විගමන දෙපාර්තමේනතුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා. ඊට පෙර එම අමාත්‍යංශය පැවතියේ ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේයි. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කළා.
මාරාන්තික නව කෙරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. නව කෙරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, බූස්ස නාවික හමුදා කඳවුරේ මහල් හතරකින් (04) යුත් ගොඩනැඟිල්ලක් […]
නව කොරෝනා වෛරස් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ යුරෝපා සංගමයට අයත් රටවල සියලු බාහිර දේශ සීමා වසා දමා තිබෙනවා.ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා දින 30කට වසා දමා ඇති අතර එහෙත් පසුගිය කාලයේ දී එම සංගමයෙන් ඉවත් වූ බ්‍රිතාන්‍යයට මෙම තීරණය අදාළ වන්නේ නැහැ. ඒ අනුව යුරෝපා සංගමයේ සාමාජික සෙසු රටවල් 26ට බාහිර […]
චීනයෙන් පිටත කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම ඉතාලියට එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉතාලියේ ගෙවුණු පැය 24 තුළ කොරෝනා මරණ 345 ක් වාර්තා වී ඇත්තේ මුළු මරණ ගණන 2503 දක්වා ඉහළ නංවමින්. එය ඊයේ (17) දිනයට සාපේක්ෂව සියයට 16ක වැඩිවීමක් බව වාර්තා වන අතර එරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට තිස් එක්දහස […]
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 43 දෙනෙකු මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍යය අංශ සදහන් කරනවා. ඊයේ(17) දිනය තුළ පමණක් නව රෝගින් 15 දෙනෙකු හඳුනා ගෙන තිබේ. මේ අතර කොව්ඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මෙරට තුළ ක්රිතයාත්මක වීම පාලනය කිරීම සඳහා මෙරටට ගුවන් යානා පැමිණීම අද(18) සිට නතර කිරීමට […]
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් තරමක වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේතුව සදහන් කරනවා. විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර,සබරගමු පළාත් වලට සවස් කාලයේ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.
රටේ ව්‍යාපරික කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන වලින් දී ඇති ණය අය කිරිම මාස 6කට නතර කිරීමට තමන් අණ කරණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද (17) ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. එමෙන්ම ආර්ථිකමය තවත් සහන රැසක් ලබා දීමට කටයුතු කරන බවද ඒ […]
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකටත්, සැමන් ටින් 01ක් රුපියල් 100 ක උපරිම සිල්ලර මිළකටත් අලෙවි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබෙනවා.