News Line| Off Air
Generic placeholder image

Mar
18

ලොකු ළූණු සඳහා උපරිම සිල්ලර මිලක්

Generic placeholder image

ලොකු ළූණු අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව ලොකු ළූණු අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 150ක් වන බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා.


Mar
18

ලොව පුරා කොරෝනා ආසාධිතයින් ලක්‍ෂ දෙක ඉක්මවයි – මරණ 8000 ඉක්මවයි

Generic placeholder image

ජෝන් හොප්කින්ස් (JOHNS HOPKINS) විශ්වවිද්‍යාලයේ කොරෝනා වයිරස් සම්පත් මධ්‍යස්ථානය විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව, බදාදා පස්වරු 5.00 වන විට ලෝකයේ මුළු කොවිඩ් -19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 201,436ක් බවට වාර්තා වනවා. මරණ 8007 ක් වාර්තා වී ඇති අතර වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ චීනයෙන්. එම ගණන 3,122ක්. ඉතාලියේ 2,503 ක් සහ ඉරානයේ මරණ 988ක් […]


Mar
18

පෞද්ගලික රෝහල් වලට පී.සී.ආර් පරීක්ෂණය කිරීමට රජයෙන් අවසර

Generic placeholder image

දැඩි සීමා යටතේ පෞද්ගලික රෝහල් වලට පී.සී.ආර් පරීක්ෂණය කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබෙනවා. රු.6000ක උපරිම මිලකට යටත්ව එම පරීක්ෂණ සිදු කිරීම කළ යුතු බව සදහන්.


Mar
18

විනෝද චාරිකා යෑම සම්පූර්ණයෙන් තහනම්

Generic placeholder image

චාරිකා හා විනෝද ගමන් සම්පූර්ණයෙන් රජය විසින් අද(18) දින සිට තහනම් කර තිබෙනවා. රජය විසින් ඊයේ(17) දිනයේ සිට හෙට(19) දිනය දක්වා දින 3ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එවන් තීරණයක් ගනු ලැබුවේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් ලෙසින් බවද එවැනි අවස්ථාවක විනෝද චාරිකා යෑම සම්පූර්ණයෙන්ම තහනම් වන බවද සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි […]


Mar
18

තවත් කොරෝනා ආසාධිතයින් 08 ක් තහවුරු වෙයි

Generic placeholder image

අද (18) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 8 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.


Mar
18

ආනයනික මුඛ ආවරණ සහ විෂබීජ නාශක බදු වලින් නිදහස් කරයි

Generic placeholder image

ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද(18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර ති බෙනවා. රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත්ව තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස් පරිදි මෙම […]


Mar
18

සජිත් නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

Generic placeholder image

සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(18) සමගි ජන බලවේග කාර්යාලයේදී සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා. ඒ කොළඹ දිස්ත්‍රීක් කණ්ඩායම් නායක ලෙසයි. මේ අතර රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ඉදිරි මැතිවරණයට අදාල එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා පත්‍ර මැතිවරණ කොමිසම වෙත ලබා දෙන්නේද, නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ […]


Mar
18

නාමයෝජනා භාරදීම හෙටින් අවසන්

Generic placeholder image

2020 මහමැතිවරණයට නාමයෝජනා භාරදීම සඳහා නම්කර ඇති අවසන් දිනය හෙටයි(19). අදත් දේශපාලන පක්ෂ නියෝජිතයින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාමයෝජනා පත්‍ර භාර දී තිබෙනවා. ජාතික ජනබලවේගය ගාල්ල දිස්ත්‍රික්කය සඳහා වන නාමයෝජනා පත්‍රය භාරදීම සඳහා අද පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහාද ජාතික ජනබලවේගය අද පෙරවරුවේ නාමයෝජනා පත්‍ර භාරදෙනු ලැබුවා. ජාතික ජනබලවේගය ගම්පහ […]


Mar
18

දන්ත වෛද්‍ය ප්‍රතිකාර සීමා කෙරේ

Generic placeholder image

කොවිඩ් 19 ආසාදනය කෙල බිඳිති මගින් පැතිර යන ආසාදනයක් බැගින් මහජන සුභ සිද්ධිය සඳහා දන්ත ශල්‍යාගාර වල සිදුකරන ප්‍රතිකාර සීමා කිරිමට සිදුව ඇති බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සඳහන් කරනවා. ඒ අනුව වේදනාව, ඉදිමීම, සැරව ගෙඩි ආදිය සහිතව පැමිණෙණ රෝගීන් හා හදිසි අනතුරුවලින් දත් කැඩී යෑම, හකු අස්ථි බිඳීම් ආදිය සමග පැමිණෙන රෝගීන් සඳහා […]


Mar
18

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

Generic placeholder image

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල් ප්‍රධානීන්ගෙන් අයඳුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය සියලු අපේක්ෂකයින් ඒ සඳහා මාර්තු 27 වන දින සිට අප්‍රේල් 09 වන දා දක්වා කාලය තුළ අදාළ පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වන අතර ඒ අනුව සියලු පාසල්වල එම කාලවකවානුව තුළ සිසුන්ට අදාළ අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන […]


Mar
18

අද පස්වරුවේ සිට පුත්තලමට ඇදිරි නීතිය පනවයි

Generic placeholder image

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාපවසනවා. ඔහු සඳහන් කළේ මීගමුව කොට්ඨාසයේ […]


Mar
18

කොරෝනා වෙෙරසය ගැන නවතම අනාවරණය මෙන්න

Generic placeholder image

Covid19 වෛරසය ප්ලාස්ටික් හෝ මල නොබැඳෙන වානේ මතුපිටක දින 3 ක කාලයක් සක්‍රීයව පවතින බව නවතම අධ්‍යනයක් අනාවරණය කර තිබෙනවා. නිව් ඉන්ග්ලන්ඩ් වෛද්‍ය සඟරාවේ පළවූ මෙම වාර්තාවට අනුව එම වෛරසයට තඹ ස්ථර මත පැය 4 ක් ද කාඩ්බෝඩ් ස්ථර මත පැය 24 ක් ද රඳාපැවතිය හැකි අතර වෛරසයට කුඩා වායු අංශු හෝ වායු බිඳු තුළ […]


News Articles
Latest Videos
Most Popular Post