News Line| Off Air
Generic placeholder image

Mar
18

තවත් කොරෝනා ආසාධිතයින් 08 ක් තහවුරු වෙයි

Generic placeholder image

අද (18) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 8 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.


Mar
18

ආනයනික මුඛ ආවරණ සහ විෂබීජ නාශක බදු වලින් නිදහස් කරයි

Generic placeholder image

ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද(18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර ති බෙනවා. රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත්ව තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස් පරිදි මෙම […]


Mar
18

සජිත් නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

Generic placeholder image

සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(18) සමගි ජන බලවේග කාර්යාලයේදී සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා. ඒ කොළඹ දිස්ත්‍රීක් කණ්ඩායම් නායක ලෙසයි. මේ අතර රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ඉදිරි මැතිවරණයට අදාල එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා පත්‍ර මැතිවරණ කොමිසම වෙත ලබා දෙන්නේද, නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ […]


Mar
18

නාමයෝජනා භාරදීම හෙටින් අවසන්

Generic placeholder image

2020 මහමැතිවරණයට නාමයෝජනා භාරදීම සඳහා නම්කර ඇති අවසන් දිනය හෙටයි(19). අදත් දේශපාලන පක්ෂ නියෝජිතයින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාමයෝජනා පත්‍ර භාර දී තිබෙනවා. ජාතික ජනබලවේගය ගාල්ල දිස්ත්‍රික්කය සඳහා වන නාමයෝජනා පත්‍රය භාරදීම සඳහා අද පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහාද ජාතික ජනබලවේගය අද පෙරවරුවේ නාමයෝජනා පත්‍ර භාරදෙනු ලැබුවා. ජාතික ජනබලවේගය ගම්පහ […]


Mar
18

දන්ත වෛද්‍ය ප්‍රතිකාර සීමා කෙරේ

Generic placeholder image

කොවිඩ් 19 ආසාදනය කෙල බිඳිති මගින් පැතිර යන ආසාදනයක් බැගින් මහජන සුභ සිද්ධිය සඳහා දන්ත ශල්‍යාගාර වල සිදුකරන ප්‍රතිකාර සීමා කිරිමට සිදුව ඇති බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සඳහන් කරනවා. ඒ අනුව වේදනාව, ඉදිමීම, සැරව ගෙඩි ආදිය සහිතව පැමිණෙණ රෝගීන් හා හදිසි අනතුරුවලින් දත් කැඩී යෑම, හකු අස්ථි බිඳීම් ආදිය සමග පැමිණෙන රෝගීන් සඳහා […]


Mar
18

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

Generic placeholder image

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල් ප්‍රධානීන්ගෙන් අයඳුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය සියලු අපේක්ෂකයින් ඒ සඳහා මාර්තු 27 වන දින සිට අප්‍රේල් 09 වන දා දක්වා කාලය තුළ අදාළ පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වන අතර ඒ අනුව සියලු පාසල්වල එම කාලවකවානුව තුළ සිසුන්ට අදාළ අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන […]


Mar
18

අද පස්වරුවේ සිට පුත්තලමට ඇදිරි නීතිය පනවයි

Generic placeholder image

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාපවසනවා. ඔහු සඳහන් කළේ මීගමුව කොට්ඨාසයේ […]


Mar
18

කොරෝනා වෙෙරසය ගැන නවතම අනාවරණය මෙන්න

Generic placeholder image

Covid19 වෛරසය ප්ලාස්ටික් හෝ මල නොබැඳෙන වානේ මතුපිටක දින 3 ක කාලයක් සක්‍රීයව පවතින බව නවතම අධ්‍යනයක් අනාවරණය කර තිබෙනවා. නිව් ඉන්ග්ලන්ඩ් වෛද්‍ය සඟරාවේ පළවූ මෙම වාර්තාවට අනුව එම වෛරසයට තඹ ස්ථර මත පැය 4 ක් ද කාඩ්බෝඩ් ස්ථර මත පැය 24 ක් ද රඳාපැවතිය හැකි අතර වෛරසයට කුඩා වායු අංශු හෝ වායු බිඳු තුළ […]


Mar
18

දෙවන එළිසබෙත් රැජිණ වින්ඩ්සර් මැදුරට යයි

Generic placeholder image

බ්‍රිතාන්‍යය එරට අවදානම් තත්ත්වයේ පවතින ව්‍යාපාර වෙත අමෙරිකානු ඩොලර් බිලියන 400 ක මුදල් ආධාර ලබා දුන් අතර එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 71 කි. බ්‍රිතාන්‍යයේ, එංගලන්ත පල්ලිය මේ වනවිට සිය සේවා අත්හිටුවා ඇති අතර බකිංහැම් මාලිගයේ සිටින 93 හැවිරිදි දෙවන එළිසබෙත් රැජිණ, ලන්ඩනයෙන් පිටත පිහිටි වින්ඩ්සර් මැදුරට යැවීමට සැලසුම් කර තිබෙනවා. දෙවන ලෝක යුද […]


Mar
18

ස්වයං නිරෝධායනය ප්‍රතික්ෂේප කරන්නන්ගේ දේපල රාජසන්තකයි

Generic placeholder image

ස්වයං නිරෝධායනය ප්‍රතික්ෂේප කරන්නන්ගේ දේපල රාජසන්තක කරනු ලබන බව නිතිකොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත පැවසුවා.


Mar
18

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් මාර්තු 31 ක් දක්වා අත් හිටුවයි

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල පැතිර යන නව කොරෝන වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන සේවාවන් මාර්තු මස 31 වන දින තෙක් අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කලේ සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය ප්‍රතිලාභ අයඳුම්පත් බාර ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සියයට 30 ප්‍රතිලාභ අයඳුම්පත් බාර ගැනීම […]


Mar
18

දඹදිව වන්දනාවේ ගොස් ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් යානයක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කඩිනමින් යළි දිවයිනට ගෙන්වා ගැනීම විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ සදහා ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයක් පිටත් කර යවන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කළා. ශ්‍රී ලාංකික වන්දනාකරුවන් එක්දහස් දෙසීයක් පමණ දැනට ඉන්දියාවේ රැදී […]


News Articles
Latest Videos
Most Popular Post