News Line| Off Air
Generic placeholder image

Mar
15

යාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපල සති දෙකකට වැසෙයි

Generic placeholder image

පවතින තත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කළ බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසනවා.


Mar
14

කොරෝනා බවට සැක බන්ධනාගාර රැඳවියෙක් IDH රෝහලට

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු අද (14) අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර එවනු ලැබ තිබෙනවා. අසර්බයිජානයේ සේවය කර පෙබරවාරි මස මෙරටට පැමිණි අයෙකු වන ඔහු ඊයේ බන්ධනාගාර ගතව තිබුණේ, රථවාහන නඩුවක් සම්බන්ධයෙනුයි.


Mar
14

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යානත් සති දෙකකට වසා දැමේ

Generic placeholder image

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යාන ඉදිරි සති දෙකක කාලයක් මහජනතාවට විවෘත නොකරන බව පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යංශයේ ලේකම් සරත් විජේසිංහ දැනුම් දෙනවා.මේ අනුව හෙට සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය මෙන්ම රිදියගම සෆාරි උද්‍යානය යන ආයතන මහජනතාව වෙනුවෙන් විවෘත නොකෙරෙන බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


Mar
14

තවත් ආසාධිතයින් දෙදෙනෙක් හමුවේ – සමස්ත ගණන 10 දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා ආසාදිත 9 වැනි හා 10 වැනි ශ්‍රී ලාංකික රෝගින් මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර තිබේ. මේ අතර කලින් රෝගය හදුනගත් රෝගියෙකුගේ වයස අවුරුදු 17ක ඥාතියෙකුද පසුවෙන බවයි වාර්තා වෙන්නේ.අනෙක් රෝගියා පසුගිය 7 වෙනිදා ඉතාලියේ සිට දිවයිනට පැමිණි 56 හැවිරිදි කාන්තාවක් බවයි පැවසෙන්නේ.


Mar
14

සමුහ රැස්වීම් සති දෙකක් යන තුරු තහනම්

Generic placeholder image

විශාල වශයෙන් ජනතාව ඒකරාශීවන සමුහ රැස්වීම් පැවැත්වීම අද (14) සිට සති දෙකක් යන තුරු තහනම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.


Mar
14

මෙරට කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 7 දක්වා ඉහළට

Generic placeholder image

කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට හත දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සදහන් කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.


Mar
14

ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොග හිඟයකින් තොරව තබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර

Generic placeholder image

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාවට මෙන්ම වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, විෂය භාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදීයි. හදිසි මිලදී ගැනීම් සඳහා අවශ්‍ය අවසරය ලබාදීමට ද එහිදී තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව ඉදිරි දින […]


Mar
14

බැතිමතුන් ඒකරාශීවන වැඩසටහන් අවලංගු කරන ලෙස කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්

Generic placeholder image

නව කොරෝනා වසංගත තත්ත්වය පහවයන තෙක් චතාරික සමයේ බැතිමතුන් විශාල වශයෙන් ඒකරාශීවන වැඩසටහන් අවලංගු කරන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙරට සියලුම කතෝලික පූජකවරුන් සහ බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. පවතින තත්ත්වය හමුවේ බැතිමතුන් විශාල වශයෙන් එක්රැස්වන සිද්ධස්ථාන වසා තැබීම වඩාත් යෝග්‍යය බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මැල්කම් කාදිනල් […]


Mar
14

විදේශ රැකියා පුහුණු පාඨමාලාවන් තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

මේ දිනවල ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය (කොවිඩ් -19) හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සලකා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථාන වල පුහුණු පාඨමාලාවන් හදාරනු ලබන පුහුණුලාභීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 2020.03.13 වන දින සිට 2020.03.31 දක්වා සියළු පුහුණු පාඨමාලාවන් සඳහා තාවකාලිකව නිවාඩු දීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ […]


Mar
14

මගී ජනතාව වෙනුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ හා බස් නැවතුම් පොළේ දෑත් සේදීමේ පහසුකම්

Generic placeholder image

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මගී ජනතාව වළක්වා ගැනීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම් පොළට පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පහසුකම් සැපයීමට ජාතික ගමනා ගමන කොමිසම විසින් කටයුතු යොදා තිබෙනවා. මෙම වැඩ පිළිවෙළ අද (14) ආරම්භ වන අතර ජලය හා […]


Mar
14

දිවයිනේ කොරෝනා බවට සැක පුද්ගලයින් 103 ක්

Generic placeholder image

මේ වන විට කොරෝනා වෛරසයේ සැකකටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් පුද්ගලයින් 103 දෙනෙකු දිවයිනේ රෝහල් 14 ක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. විදේශිකයින් තිදෙනෙකු ද ඒ අතර වන බව එම අංශය පෙන්වා දුන්නා. පුද්ගලයින් 35 දෙනෙකු අයි.ඩී.එච්. රෝහලේ රඳවා සිටින අතර 16 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේත්, 13 දෙනෙකු ගම්පහ […]


Mar
14

කොරෝනා මරණ සංඛ්‍යාව 5000 ඉක්මවයි – අමෙරිකාවට හදිසි තත්ත්වයක්

Generic placeholder image

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් රට පුරා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, ධවල මන්දිරයේ රෝස් ගාඩ්න්හි සිට විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය අමෙරිකාව පුරා ව්‍යාප්තව ගොස් ඇති පසුබිමක් තුළ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මෙලෙස රටපුරා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව කොරෝනා මර්ධන වැඩපිළිවෙළ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 50 […]


News Articles
Latest Videos
Most Popular Post