සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතව තිබු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කොරෝනා වෛරසය ශ්‍රී ලංකා තුල පැතිර යෑම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. ඒ අනුව සංචාරක එංගලන්ත කණ්ඩායම යළි සිය රටට බලා පිටත්ව ගියා.
ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා. පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස රොෂාන් රණසිංහ මහතා පත්කළ යුතු බවට එම පක්ෂයේ දිස්ත්‍රික් බල මණ්ඩලය පසුගියදා රැස්වී යෝජනාවක් ද සම්මත කර ගත් අතර ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා […]
බහාමාස් රාජ්‍යයෙන් කොරෝනා වෛරස ආසාධිත පළමු රෝගියා වාර්තා වී තිබෙන බව එරට අග්‍රාමාත්‍යවරයා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. ඇය 61 හැවිරිදි කාන්තාවක් වන බවයි පැවසෙන්නේ.
මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට රටවල් 140 ක් පුරා ව්‍යාප්තව තිබෙන අතර මේ වන විට සිදුව තිබෙන පුද්ගල මරණ සංඛ්‍යාව 6500 ඉක්මවා තිබෙනවා. වෛරසය ආසාදිත සමස්ත ගණන 169,000 ක්. චීනයෙන් පසු වැඩිම කොරෝනා බලපෑමට ලක්වූ ඉතාලියෙන් සිදුව තිබෙන මරණ ගණන 1,809 ක්. මේ වන විට චීනයේ වුහන් නගරයේ ආරම්භ වූ මෙම වසංගතයයේ කේන්ද්‍රස්ථානය ලෙස […]
මාරාන්තික කොරෝනා වෛරසය බෝ විය හැකි නවතම ක්‍රම කිහිපයක් පිලිබදව වැඩි අවධානයක් යොමුව තිබෙනවා. එනම් බොහෝ විට මෙම වෛරසයට දුම් පානය කරන පිරිස් ගොදුරු වීමේ අවදානමක් මතුව තිබෙන බවයි සදහන් වන්නේ. මන්ද යත් මෙම වෛරසය බලපෑම් කරන්නේ මිනිස් සිරුරේ ශ්වසන පද්ධතියට වන අතර ඒ අනුව පෙනහළු වල අක්‍රියභාවය හේතුවෙන් පුද්ගල මරණ සිදුවන බවයි පරික්ෂණ සිදු […]
පසුගියදා ඉරාකයේ ඉස්ලාමිය පුජකවරයෙක් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කලේ කොරෝනා වෛසරසය චීනයට ලැබුණු දේව දඩුවමක් බවයි. පුජකවරයා එහිදී වැඩි දුරටත් සදහන් කලේ චීනයේ පාලකයින් කුරිරු බවත් මුස්ලිම්වරුන්ට පහරදීම හේතුවෙන් චීනය මෙවන් විපතකට මුහුණ දී ඇති බවයි වැඩි දුරටත් ප්‍රකාශ කලේ. කෙසේ වෙතත් මේ ප්‍රකාශය කල ඒ ඉස්ලාමිය පුජකවරයාත් මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති […]
ජාතික ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කලේ මේ වන විට පෞද්ගලික බස් රථවල විෂබීජහරණ කටයුතු අද සිට ආරම්භ කර ඇති බවයි.
ඉදිරි මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනීම හෝ ඇප මුදල් බාර ගැනීම අද දිනයේදී සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. ඒ අද රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන්. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර අද විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙන […]
මාරාන්තික කොරෝනා වෛරසයට ගොඳුරු වූ ලොව ළාබාලතම බිළින්දාගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා සදහන් කරනවා. කොරෝනා ආසාධිත මවගෙන් උපත ලබා සවල්ප වේලාවකින් පසු එම දරුවාට ද වෛරසය ආසාදනය වී තිබෙනවා. ලන්ඩනයේ දී මෙම බිලින්දා උපත ලබා තිබෙනවා.
කොරොනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරිමේ පියවරක් ලෙස රජය විසින් අද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රජයේ සියලු ආයතන ( අත්‍යවශ්‍ය සේවාවන් හැර ) මෙලෙස නිවාඩු ලබා දී තිබෙන අතර හා පෞද්ගලික අංශය වෙත ලබා දෙන ලෙස ද රජය මගින් ඉල්ලීමක් කර තිබෙනවා.
කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 18 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ මීට සුළු මොහොතක පෙර නව ආසාදිතයින් 07 දෙනෙකු සොයාගැනීමත් සමගයි. අද දවසට ඒ අනුව මේවන විට නව රෝගීන් 08 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කළ අය […]
කොරෝනා වෛරසය ආසාදිත 11 වන ශ්‍රී ලාංකික රෝගියා ද තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන මොහු මීට පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමග එම සංචාරයේ යෙදුණු අයෙකු බවයි ඔහු කියා සිටියේ.