News Line| Off Air
Generic placeholder image

Mar
11

රවී සහ කොටි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here


Mar
11

කොරෝනා අවධානම හමුවේ ඔලිම්පික් තරගාවලිය කල් යන ලකුණු ?

Generic placeholder image

කොවිඞ්-19 හෙවත් නව කොරෝනා වෛරස අවධානම හමුවේ ඔලිම්පික් තරගාවලිය වසරකින් හෝ දෙකකින් කල්දැමීමට සිදුවනු ඇති බවට අනාවැකි පළව තිබෙනවා. දැනට ඇති සාර්ථකම විකල්පය එය බව සංවිධාන කමිටු සාමාජිකයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කළා. පවතින තත්ත්වය හමුවේ කිසියම් අයුරකින් ඔලිම්පික් උළෙල නියමිත කාලයේදී පැවැත්වීමට නොහැකිවුවහොත් එය වසරකින් හෝ දෙකකින් කල්දැමීම උචිත බව යෝජනා වී තිබෙනවා.


Mar
11

අගමැති මහින්ද නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(11) අත්සන් තැබුවා. එම පක්ෂයේ සෙසු දිස්ත්‍රික් නියෝජිතයින් ද සිය දිස්ත්‍රික් නාමයෝජනා පත් සඳහා මෙහිදී අත්සන් තැබීම සිදුකළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මහමැතිවරණයට තරඟ වඳින දිස්ත්‍රික් නියොජිතයින් අද පෙරුවරුවේ සිය නාම යෝජනා පත්‍ර අත්සන් කිරීම විජේරාම පිහිටි අගමැති නිවසේදී සිදු කෙරුණා. මෙම […]


Mar
11

පළමු ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් සිය නිවසේදීම නිරෝධායනයට

Generic placeholder image

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයන් සිය නිවසේදීම නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා. එමෙන්ම මෙම ශ්‍රී ලාංකිකයා කොළඹ දිස්ත්‍රික්කයේ අයෙකු බව හෙළිව තිබෙනවා.


Mar
11

පිටකොටුවේ වෙළඳසැලක ගින්නක්

Generic placeholder image

පිටකොටුව පළමු හරස් වීථියේ විදුලි උපකරණ අලෙවි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. සිව්මහල් ගොඩනැගිල්ලක් වන මෙහි පළමු මහලේ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළා. ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර, ඒ සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ හයක් යොදවා තිබෙනවා.


Mar
11

මහින්ද කුරුණෑගලින් ඡන්ද සටනට

Generic placeholder image

ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රිකයෙන් තරග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විජේරාම පිහිටි නිල නිවසේදී නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.


Mar
11

සියල්ල දැනුවත් කරන්න – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් පණිවුඩයක්

Generic placeholder image

මෙරටින් හමුවූ පලමු කොවිඩ් 19 වෛරස් ආසාදිත රෝගියා වාර්තාවීමත් සමග සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් සමස්ත ශ්‍රී ලංකා වාසින් වෙනුවෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා. ඒ පහත ආකාරයටයි. කොරෝනා රෝගියකු වාර්තා වූ පමණින් කලබල වීම මගින් රෝග නිවාරණය තවදුරටත් අපහසු වනු ඇත. ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප මේ අවස්ථාවෙහි යහපත් සෞඛ්‍ය පුරුදු වලින් සන්නද්ධව සිටීම රෝග පාලනයට අතිශයින් […]


Mar
11

කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් හමුවීමත් සමග රජයෙන් සමස්ත ජනතාවට විශේෂ නිවේදනයක්‌

Generic placeholder image

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙලට සහය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරනවා. කොරෝනා වෛරසය මෙරට දී ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ පස්වරුවේ හඳුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. ඒ 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නෙකු […]


Mar
10

සමඟි ජන බලවේගයේ ලකුණ තහවුරු කරයි

Generic placeholder image

සමඟි ජන බලවේගය එළඹෙන මහ මැතිවරණයට දුරකතනය ලකුණින් තරඟ වදින බව අද තහවුරු කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුජීව සේනසිංහ විසින් මේ බව තහවුරු කළා.


Mar
10

මහ මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂ නියෝජිතයින් හෙට මැතිවරණ කොමිසමට

Generic placeholder image

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් හෙට(11) පැවැත්වීමට නියමිතයි. මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම හමුවන පළමු අවස්ථාව මෙය වනවා. ඒ අනුව හෙට පස්වරු 03.30 ට රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති. මෙහිදී මහ මැතිවරණයට අදාල […]


Mar
10

ශ්‍රී ලංකා – ඉන්දීය ප්‍රවීණයින්ගේ සටන ඇරඹෙයි

Generic placeholder image

ඉන්දියාවේදී පැවැත්වෙන ප්‍රවීණයින්ගේ 20 යි 20 ක්‍රිකට් තරගමාලාවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ ඉන්දියාවට එරෙහිවයි. මෙම තරගයේදී තිලකරත්න දිල්ෂාන් විසින් ශ්‍රී ලංකා පිළ මෙහෙයවන අතර ඉන්දීය පිළ මෙහෙයන්නේ සචින් ටෙන්ඩුල්කාර් විසින්. පළමුවෙන් පන්දුවට පහරදෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 2 ක් දැවී ලකුණු 55 […]


Mar
10

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කොරෝනා ආසාධිත ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගනී

Generic placeholder image

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කර තිබෙනවා. එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාද ඇතුලුව ආසාදිත බවට හදුනාගත් තවත් විදෙස් ජාතිකයින් 15දෙනෙක් මේ වන විට නිරෝධානය වැඩපිළිවෙලක් සඳහා යොමුකර ඇති බව රජයේ වාර්තා උපුටා දක්වන ගල්ෆ් නිවුස් පුවත් සේවය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post