මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට තීරුබදු රහිතව රත්රන් ආනයනය කිරීමට අවස්තාව ලබාදී ඒ හරහා ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට සහන මිලට රත්රන් ලබාදීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කළා. මේ සඳහා කැබිනට් පත්රිකාවක්ද යොමුකර ඇති බව කොළඹ පැවති ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ගේ ජාතික සමුලුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියා. පසුගිය වසර 5කට ආසන්න කාලයේදී ස්වර්ණාභරණ ක්ෂේත්රය […]
මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන මුහුදීන් යසීන් මහතා පත් කර තිබෙනවා. මහතීර් මොහොමඞ් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ අග්රාමාත්යධූරය සඳහා මැලේසියානු රජු විසින් මුහුදීන් යසීන් මහතා පත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පැවසුවා. පසුගිය මාස කිහිපය පුරා ඇතිවූ අර්බුද හමුවේ මහතීර් මොහොමඞ් මහතා අග්රාමාත්යධූරයෙන් ඉල්ලා අස්වුණේ මෙම වසර ආරම්භයේදීයි. කෙසේ වෙතත් තමන් […]
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික සහ ඉන්දීය ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවාහක යුවලක් වන මොවුන්ගෙන් පිරිමි පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු වන අතර, ඔහු 44 හැවිරිදි කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් බවත් සදහන්. මෙම […]
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එමෙන්ම මන්නාරම, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ජනතාවද උණුසුම් කාලගුණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ඒ අනුව පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් අධික මහන්සිය, විජලනය සහ ලවණ ඉවත් […]
රුපියල් කෝටියකට අධික හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පෑලියගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බව එහි මාධ්‍ය ඒකකය සඳහන් කළා. මෙම හෙහෙරොයින් තොගය සමග විද්‍යුත් තරාදියක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
ගත වූ පැය 24 තුළ දකුණු කොරියාවෙන් කොරෝනා ආසාදිතයින් 594 දෙනෙකු වාර්තා වනවා. එය දකුණු කොරියාවේ දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව යි. ඒ අනුව දකුණු කොරියාව තුළ මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2931 ක් වන අතර මරණ 16ක් ද එරටින් වාර්තා වනවා. චීනයෙන් පිටත වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් පිරිසක් සිටින්නේ ද […]
සියත ගොඩ යන ලක්ෂය වැඩසටහනේ තවත් අදියරක් තව සුළු මොහොතකින් ආරම්භ කිරීමට නියමිතයි. ඒ කොළඹ කොටුව දුම්රියපොල පරිශ්‍රයේ දීයි. පස්වරු 05 .00 සිට මෙම වැඩසටහන පැවැත්වෙනවා. එහිදී ඔබටත් ගොඩ යන ලක්ෂය වැඩසටහන සදහා සහභාගී විය හැකියි. ඔබ කල යුත්තේ අප සතුව ඇති ලියුම් කවර පහෙන් රුපියල් ලක්ෂය සහිත ලියුම් කවරය තෝරා ගැනීමයි. ජයග්රාහකයින්ට ඒ මොහොතේම […]
රටම දන්න You tube තරු දෙකක් වන ලකයි සිකයි දෙදෙනාගේ පුංචි කාලේ ගැන තොරතුරු දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
මාලදිවයිනේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ පත්කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (28) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට රෝහණ බැද්දගේ කැඳවා තිබූ අතර එම රැස්වීමට හිටපු අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම් සහ ජෝන් අමරතුංග […]
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. වයඹ, බස්නාරහිර, සබරගමුව හා දකුණ පළාත්වලටත් මන්නාරම දිස්ත්‍රික්කයටත් අදාළ වන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට දිනය තෙක් වලංගුයි.
කොරෝනා වයිරසයට එරෙහිව මුඛ එන්නතක් තවත් සති කිහිපයක් ඇතුළත නිපදවීමට හැකිවනු ඇති බව ඊශ්‍රායලයේ විද්‍යාඥයින් පිරිසක් සදහන් කර තිබෙනවා. ඖෂධය සඳහා අවශ්‍ය පරීක්ෂණය අවසන් කර දින 90 ක් ඇතුළත මෙම ඖෂධය ලබා ගත හැකි වනු ඇතැයි එරට නිලධාරීන් අපේක්ෂා කරනවා. ඒ පිලිබදව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ඔෆීර් අකුනිස් මහතා මෙලෙස අදහස් පළ කළා. “මෙම ආකර්ෂණීය […]
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ ආරම්භ කළ පළමු තාක්ෂණික පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධව ඉදිකර තිබෙනවා. හෝමාගම පිටිපන ඉදිකර ඇති මෙම තාක්ෂණික පීඨය තවත් නොබෝ දිනකින් විවෘත කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.