News Line| Off Air
Generic placeholder image

Feb
27

කටු පොල් වගාව නතර කිරීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Generic placeholder image

කටු පොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නා. ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්වීමට සහභාගී වීමට යන අතරවාරයේදී මග දෙපස රැස්ව සිටි ජනතාවගෙන් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසා ඇති අතර එහිදී කටු පොල් වගාවෙන් සිදුවන හානිය පිළිබඳ ඔවුන් ජනාධිපතිවරයා දැනුවත් […]


Feb
27

කොදෙව්වන්ට එරෙහි T20 තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.


Feb
27

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ලබන 12 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී 2010 වසරේ සිට වසර 5 ක කාලයක් තුළ රුපියල් තිස් කෝටි හැට දෙලක්ෂයක් වටිනා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාළවයි. සැකකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර […]


Feb
27

පොලිස්පති උපකාරක මැදිරිය යළි ආරම්භ කරයි

Generic placeholder image

පොලිස්පති උපකාරක මැදිරිය යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන මස 3 වනදා සිට එම සේවය යලි ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය නිවේනය කළා. එය ස්ථාපිත කර ඇත්තේ පොලිස් මූලස්ථානයේ බිම් මහලේ පිහිටි භාෂා සහයක මැදිරියේයි. මේ අනුව මහජනතාවට කිසියම් ගැටලුවක් ඇත්නම් ලබන මස 3 වනදා සිට පොලිස්පති උපකාරක මැදිරිය වෙත එය දැනුම්දීමේ හැකියාව […]


Feb
27

විදේශිකයින්ට මක්කම වන්දනාව තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

ආගමික හා වන්දනාමාන කටයුතු සඳහා විදේශිකයින්ට සෞදි අරාබියාවේ මක්කම ඇතුළු ඉස්ලාමීය සිද්ධස්ථාන වෙත පැමිණිමට ලබාදී තිබූ අවස්ථාව තාවකාලිකව අත්හිටුවිමට අරාබියානු රජය තීරණය කර තිබෙනවා. ලොව පුරා රටවල් රැසක නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞදි රජය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉස්ලාමිය බැතිමතුන් මිලියන ගණනක් මක්කම මෙදිනා ඇතුළු සිද්ධස්ථාන වන්දනාමාන කිරිමට […]


Feb
27

සූරියවැව ගැටුම ගැන කඩිනම් පරික්ෂණයක් – ක්‍රිඩා ඇමති ක්‍රිඩා ලෝලීන්ගෙන් සමාව අයදියි

Generic placeholder image

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙහි වසර කිහිපයක් තිස්සේ කිසිදු ජාත්‍යන්තර තරගයක් පවත්වා නොමැති අතර, වසර හතරකට පසු පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (26) එම ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා. මෙහි දී ක්‍රීඩාංගන පරිශ්‍රයට පැමිණි ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ප්‍රවේශපත් කවුළු අසල දී කිසියම් ප්‍රහාරයකට ලක්ව […]


Feb
27

රාජ්‍ය ආයතන 110 කට හෙට සම්මාන පිරිනැමෙයි

Generic placeholder image

රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාවට අනුව 2018 වර්ෂයේදී ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන සඳහා සම්මාන පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ හා කථානායක කරූ ජයසූරිය ගේ සභභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට(28) සිදු කිරීමට නියමිතයි. 2018 මුදල් වර්ෂයට අදාළ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාව 2020.02.18 වන දින පාර්ලිමේන්තුවේ සභාගත […]


Feb
27

කැළණිවැලි නව දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචි ජනතාවට නව නිවාස ලබාදෙයි

Generic placeholder image

තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට යෝජිත කැළණිවැලි දුම්රිය මාර්ගය හේතුවෙන් නිවාස අහිමිවන ජනතාවට වන්දි වශයෙන් ඔවුන්ට පදිංචි වීම සදහා නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙලෙහි පළමු අදියර අද (27) ආරම්භ වුණා. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස 70 ක් ලබාදිම වෙනුවෙන් එම නිවාස හිමිකරුවන් වෙත යතුරු සහ ඔප්පු ප්‍රදානය කිරීම අද දින පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් […]


Feb
27

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 2800 ක් – ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ලාංකිකයින් දෙදෙනා ඉන්දියාවට

Generic placeholder image

ලොව පුරා ඉතාමත් කැපී පෙනන වේගයකින් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ආසාදනයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 2800 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පාකිස්තානය, නෝර්වේ, ජෝර්ජියාව ,රුමේනියාව ,ඩෙන්මාර්කය සහ උතුරු මැසිඩෝනියාව, කොරෝනා ආසාදිතයින් වාර්තා වූ අලුත්ම රාජ්‍යයන් වනවා. මේ අතර ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනා කොරෝනා වෛරසය වැළදී නොමැති බවට තහවුරු වීම හේතුවෙන් ඉන්දියාව […]


Feb
26

කුසල්ගෙන් සහ අවිශ්කගෙන් විශිෂ්ඨ පිති හරඹයක්

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් කන්‍ඩායමට එරෙහි 2 වන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 02 දැවී ලකුණු 186 ක් ලබාගෙන තිබෙනවා. කුසල් මෙන්ඩිස් ලකුණු 81 ක් රැස්කරගෙන සිටින අතර අවිශ්ක ෆනෑන්ඩෝ මේ වන විට ලකුණු 84 ක් රැස්කරගෙන තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ සූරියවැව ක්‍රීඩාංගණයේයි.


Feb
26

උදයංග වීරතුංග යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව යළිත් මාර්තු මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. ගුවන් හමුදාවට මිග් යානා මිලඳී ගැනීමේදී සිදුවූ […]


Feb
26

හෙට සිට ඉගැන්වීම් කටයුතු පමණක් සිදුකරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කියයි

Generic placeholder image

ගුරු ,විදුහල්පති වෘත්තිය සමිති 18ක් හෙට සිට පාසල් කාලය තුළ ඉගැන්වීම් කටයුතු පමණක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. ගුරු සහ විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය අසල ගුරු – විදුහල්පති වෘත්තීය සමිති විරෝධතාවක ද නිරත වූ […]


News Articles
Latest Videos
Most Popular Post