News Line| Off Air
Generic placeholder image

Feb
24

අද මධ්‍යම රාත්‍රීයේ සිට මාතර-හම්බන්තොට දක්ෂිණ අධිවේගය විවෘතයි

Generic placeholder image

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර-හම්බන්තොට අධිවේගී මාර්ග දිගුවේ මාතර සිට බරවකුඹුක කොටස අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ගමනාගමනය සඳහා විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව කටුනායක සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට කොළඹ දක්වා මගී ප්‍රවාහන කටයුතු හෙට (25) සිට ආරම්භ වීමට […]


Feb
24

අද සිට ජිනීවා සැසිවාරය ආරම්භ වෙයි

Generic placeholder image

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 සැසිවාරය අද (24) ආරම්භ වෙයි. අද දිනයේ සිට ලබන මාර්තු 20 වන දින දක්වා ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සැසිවාරය පැවැත්වීමට නියමිතයි. මෙවර මානව හිමිකම් ‍කවුන්සිලයේ 43 වන සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික කරුණු දැක්වීමක් සිදුකිරීමට නියමිතව තිබේ. එම කරුණු […]


Feb
24

පළාත් කීපයකට අද වැසි

Generic placeholder image

නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව ස්ථාන කීපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. උතුරු මැද, වයඹ, […]


Feb
23

නෝර්ටන් බී‍්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ දිය නාමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක්

Generic placeholder image

නෝර්ටන් බී‍්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ කෙසෙල්ගමු කන්ද ප්‍රදේශයේ දිය නාමින් සිටි පිරිසකට අද පස්වරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් තුවාල ලැබූ 17 දෙනෙකු නෝර්ටන් බී‍්‍රජ් වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව සදහන්. බඹර ප්‍රහාරයට ලක්වූ මෙම පිරිස බිංගිරිය ප්‍රදේශයේ සිට ශ්‍රීපාද වන්දනාවේ පැමිණ නැවත නිවෙස් බලා […]


Feb
23

වනජීවී නිලධාරීන් වර්ජනය නවතයි

Generic placeholder image

දින 3ක් තිස්සේ ක්‍රියාත්මක කළ වර්ජනය නවතා දැමීමට සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. අද දහවල් විෂය භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් වර්ජනය නැවැත්වූ බව සදහන්. වනජීවි නිලධාරීන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ දැනට ලබාදෙන අතිකාල දීමනා පැය ගණන 150ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින්. අද පැවති […]


Feb
23

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ නගර රැසක් වැසෙයි – ලොව පුරා මරණ 2400 ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ ගණන 2460 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසයේ ආසාදිතයින් ගණන අද වන විට 78,000 ඉක්මවා ඇති අතර ආසාදිතයින් 77 000 කට වැඩි පිරිසක් චීනයෙන් හඳුනාගෙන ඇති බවත් වෙනත් රටවලින් වාර්තා වන ආසාදිතයින් ගණන 1,500කට අධික බවත් වාර්තා වුණා. ඉතාලියෙන් දෙවන පුද්ගල මරණයද වාර්තා වූ […]


Feb
23

කොරෝනා ට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව දැක්වූ සහය පිලිබද ඇගයිමක්

Generic placeholder image

කෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන විට ශ්‍රී ලංකාව වැනි සැබෑ මිතුරු රටවල් චීනය සමග සිටින විට ඇතැම් රටවල් පළා ගිය බවත් ඇතැම් රටවල් චීනය පාගා දැමීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසනවා. වසංගතයට එරෙහිව චීනය සිදුකරනු ලබන සටනේදී ශ්‍රී ලංකාවෙන් ලැබූ දායකත්වය අගය කරමින් “ආදරණීය මගේ ශ්‍රී ලංකා […]


Feb
23

පාස්කු ප්‍රහාරය ගැන CID විමර්ශනවල ප්‍රගතිය නිරීක්ෂණයට කාර්ය සාධක බලකායක්

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය නිරීක්ෂණයට ආරක්ෂක අමාත්‍යංශය විසින් කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ජගත් අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඊට බුද්ධි අංශවල ඉහළම නියෝජිතයන් 6 දෙනෙකු ඇතුළත්. සතිපතා ආරක්ෂක ලේකම්වරයාට වාර්තාවක් සපයන ලෙසට මෙම කාර්ය සාධක බලකායට උපදෙස් ලැබී ඇති අතර ජනාධිපතිවරයාගේ උපදෙස් […]


Feb
23

පොහොර අවශ්‍යතාවය සපුරා අවසන් – රට තුළ පොහොර හිඟයක් නැහැ

Generic placeholder image

2019/ 20 වසරේ මහ කන්නයේ වී වගාව සඳහා වන පොහොර අවශ්‍යතාවය මේ වනවිට සපුරා ඇති නමුත් විශාල වශයෙන් වී වගා කරනු ලබන දිස්ත්‍රික්කයන්හි පොහොර හිඟයක් ඇති බවට මේ වනවිට සාවද්‍ය මතයක් ඇති කරමින් පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්‍ෂ මහේෂ් ගම්මන්පිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහ කන්නයේ වී වගාව සඳහා වන […]


Feb
23

මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය හෙටින් ඇරඹෙයි

Generic placeholder image

අද දින විවෘත කෙරෙන මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය හෙට සිට ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළා. ඒ අනුව පළමු අදියර යටතේ බස් රථ 10 ක් යෙදවීමට සැළසුම් කර ඇති අතර පළමු ගමන් වාරය හෙට පෙරවරු 8.30 ට හම්බන්තොටින් ගමන් ඇරඹීමට නියමිතයි. මේ අතර මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ ධාවනය වන […]


Feb
23

ත්‍රිරෝද රථ සඳහා පනවා තිබූ නීති 57ක් ඉවත් වෙයි

Generic placeholder image

ත්‍රිරෝද රථ සඳහා පනවා තිබූ නව නීති 57ක් ඉවත් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මීට පෙර පනවා තිබූ නීති 67 න් නීති 10 ක් තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනු ඇති. ධාවනයේදී වෙනත් රියදුරන්ට සහ මගීන්ට මෙන්ම, මහජනතාවට ද අවහිරයක් නොවන ලෙස ත්‍රිරෝද රථවල අලංකරණය සඳහා සවි කරන උපාංග කිහිපයක් මේ අනුව, තහනමින් ඉවත් […]


Feb
23

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට

Generic placeholder image

මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු නිට්ටඹුව පස්යාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවල දී ඔහුට ගම්පහ, හෙට්ටිපොල, මිනුවන්ගොඩ සහ අත්තනගල්ල අධිකරණ මඟින් වරෙන්තු නිකුත් වී සිටි අයෙකු […]


News Articles
Latest Videos
Most Popular Post