News Line| Off Air
Generic placeholder image

Feb
18

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු පක්ෂ නායක රැස්වීම අද

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනගන ලද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු පක්ෂ නායක රැස්වීම අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 10 කින් මෙම සන්ධානය සමන්විත අතර අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සහ […]


Feb
18

අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක් වතුර නෑ

Generic placeholder image

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද උදැසන 8 සිට පැය 12 ක කාලයක් අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසනවා.


Feb
18

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Generic placeholder image

ජපානයේ, යොකෝහමා වරායේ නැංගුරම්ලා තිබෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින මගීන්ගෙන් මේ වන 99 දෙනකුට කොරෝනා අසාදනය තහවුරු වී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම නෞකාවේ සිටින සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 500 ක් පමණ වන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


Feb
18

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, ගම්පහ, කුරුණෑගල, සහ පුත්තලම දිස්ත්‍රික්කවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 ඉක්ම විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.


Feb
17

ශ්‍රී ලංකා ජපන් තානාපති සහ ජනපති අතර හමුවක්

Generic placeholder image

මැයි 28 සහ 29 දෙදින ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයට සහභාගි වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද ශ්‍රී ලංකා ජපාන් තානාපති අකිරා සුගියාමා (AKIRA SUGIYAMA) ආරාධනා කර තිබෙනවා. මෙම සම්මන්ත්‍රණයට ආසියා ශාන්තිකර කලාපයේ රජ්‍ය නායකයෝ, ව්‍යාපාරිකයෝ සහ බුද්ධිමත්හු සහභාගී වන බව සදහන්. එමෙන්ම ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සමග පැවැත්වෙන සාකච්ඡා […]


Feb
17

වැල්න්ටයින් දින යුවළ සියයක සමූහ විවාහ උත්සවයක්

Generic placeholder image

ආදරවන්තයන්ගේ දිනයේදී පැවති සමූහ විවාහ උත්සවයක් පිළිබඳ පුවතක් පේරු රාජ්‍යයෙන් වාර්තා වුණා. එහිදී යුවළ සියයක් විවාහ දිවියට ඇතුළත්ව තිබෙනවා. සමූහ විවාහ උත්සව පිළිබඳව ලොව බොහෝ රටවලින් නිරන්තයෙන් තොරතුරු වාර්තා වන අතර මෙම විවාහ උත්සවය පසුගියදා පේරු රාජ්‍යයේ ලීමා අගනුවරදී පැවැත්වුණා. එහි විශේෂත්වය වන්නේ ආදරවන්තයන්ගේ දිනයේදී මේ පිරිස විවාහ දිවියට ඇතුළත්වීමයි. තරුණ හා වයස්ගත යුවළ සියයක් […]


Feb
17

ලෝකයේ අඩුම කාලයක් පාසල් යන දරුවන් සිටින රට ශ්‍රී ලංකාවයි

Generic placeholder image

ලෝකයේ අඩුම කාලයක් පාසල් යන දරුවන් සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළා. මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ජනතාව වෙත නිවාස ලබාදීම සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වසරේ දින 365 ඇතුලත සති අන්තයන් හැරුණු විට පාසල් පැවැත්වෙන දින ගණන 200 ක් බවත් එම […]


Feb
17

අසේල සහ තරංග දක්‍ෂතා අතරට – පුහුණු තරගයෙන් ජය ශී‍්‍ර ලංකාවට

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පුහුණු තරගය අද පැවැත්වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ලකුණු 282 ක් රැස්කරගත්තා. දෙවනුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දු වාර 47 කදී කඩුළු 08 ක් දැවී ලකුණු 283 ක් ලබාගෙන තරගය ජයග‍්‍රාහණය කළා. එහිදී උපුල් තරංග ලකුණු 120 ක් රැස්කර ගත් […]


Feb
17

දෙමටගොඩ සහ මරදාන අතර දුම්රිය පීලිපැනීමක්

Generic placeholder image

දෙමටගොඩ සහ මරදාන අතර දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.


Feb
17

MCC ගිවිසුම පිලිබඳ විද්වත් කමිටුවේ මුලික වාර්තාව ජනාධිපති වෙත

Generic placeholder image

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අධ්‍යයනය සඳහා පත්කළ විද්වත් කමිටුවේ මුලික වාර්තාව අද සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.


Feb
17

ලොරි චැසි – බස් රථ ආනයනය කිරීම තහනම් කිරීමට පියවර

Generic placeholder image

මහජනතාවට ප්‍රවේශය දුෂ්කර වන අයුරින් ලොරි චැසි සඳහා බස් බොඩි ගැසූ බස් රථ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා. එමෙන්ම මින් ඉදිරියට මෙරටට ආනයනය කළ හැක්කේ පහත් පතුල් සහිත බස් රථ පමණක් බව තිස්සමහාරාම ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා පැවසුවා. දැනටමත් ශ්‍රී ලංකා ගමනාගමන […]


Feb
17

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යළි රිමාන්ඩ්

Generic placeholder image

ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව මෙම මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහුට අදාළ නීතී කෘත්‍ය අද (17) පස්වරු 2.30ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එම අවස්තාවේදි කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දුන් බව […]


News Articles
Latest Videos
Most Popular Post