News Line| Off Air
Generic placeholder image

Feb
8

අගමැති මහින්ද ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

Generic placeholder image

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා අතර නිල හමුව අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී සංචාරක ඇතුලු අංශ රැසක් කෙරෙහි සාකච්ඡා වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමේ නිල උත්සවය තව සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.


Feb
8

පොලිස් නිළධාරින් 27 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිළධාරින් 27 දෙනෙකුගේ ස්ථාන මාරුකර තිබෙනවා. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත අදාල ස්ථාන මාරු සිදු කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා. ස්ථාන මාරුවිම් ලැබූවන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින් දෙදෙනෙකු, පොලිස් අධිකාරිවරයෙකු, සහකාර පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු, ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 06 දෙනෙකු වන බව සදහන්. ඊට අමතරව […]


Feb
8

කොරෝනා මරණ සංඛ්‍යාව 724 දක්වා ඉහළට – ලොව පුරා ආසාදිත සංඛ්‍යාව 34,866 ක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 724 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් මරණ 722ක් වාර්තා වන්නේ චීනයෙන්. වෛරසයේ කේන්ද්‍රය වූ හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති නව මරණ සංඛ්‍යාව 86ක් බව සදහන්. ගත වූ පැය 24 තුළ චීනයෙන් නව ආසාදිතයන් 3999 ක් වාර්තා වී ඇති අතර, ලොව පුරා ආසාදිත සංඛ්‍යාව 34,866ක් […]


Feb
8

ෆේස්බුක් වලටත් සයිබර් ප්‍රහාරයක්

Generic placeholder image

ලොව විශාලතම සමාජ මාධ්‍ය වන ෆේස්බුක් හි ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඊයේ සන්ධ්‍යාවේ එලෙස එම ගිණුම්වලට අනවසරයෙන් පිවිසුණු හැකර්වරුන් ෆේස්බුක් හි එම ගිණුම් තාවකාලිකව අත්පත් කරගෙන සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම ෆේස්බුක් සහ මැසෙන්ජර් හි ට්විටර් හා ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල ෆේක්බුක් ගිණුම වුවද අවදානමක් සහිත බව ඔවුන් සටහන් කර […]


Feb
8

නවම්පුර පසලොස්වක පෝය දිනය අදයි

Generic placeholder image

නවම්පුර පසලොස්වක පෝය දිනය අදයි. ශාසන ඉතිහාසයේ මෙම පෝය දින සිදුවූ සුවිශේෂ වූ කාරණා රාශියක්‌ සඳහන් වනවා. සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම ඉන් ප්‍රධාන වන අතර ඕවාද ප්‍රාතිමෝක්‍ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්‌කාරය අතහැරීමට ඉටා ගැනීම බුදු හිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම යන කරුණු සිදුවූයේ අද වන් පොහෝ දිනකයි. […]


Feb
7

අසත්‍ය කරුණු ඉවත් කර රන්ජන්ගේ හඬපට මන්ත්‍රිවරුන් වෙත ලබාදීමට තීරණයක්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සභාගත කළ හඬපට වල ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සහ අසත්‍ය කරුණු ඉවත් කිරීමෙන් පසු පමණක්, මන්ත්‍රීවරුන්ට ලබාදීමට තීරණය කර තිබෙනවා. කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අනුව අදාළ හඩපට දැනට මන්ත්‍රීවරුන් වෙත නිකුත් නොකිරීමට මෙහිදී තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව […]


Feb
7

විරෝධතාවයේ නිරත ඩෙංගු මර්ධන සහයකයින් හමුවට හදිසියේ ජනපති පැමිණෙයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වෙන්කර ඇති විරෝධතා සඳහා වෙන් කර තිබු ස්ථානයට පැමිණ එහි සිටි විරෝධතා කරුවන් පිරිසක් හමුවී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත ඩෙංගු මර්ධන ඒකකයේ සේවකයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල වෙන් කර තිබු විරෝධතා භුමියේ විරෝධතාවයේ යෙදී සිටියා. එම අවස්ථාවේදී ඒ ස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම විරෝධතාකරුවන් […]


Feb
7

ගිනි අවියක් සමග සුනඛයෙක් පොලීසියට කොටුවෙයි

Generic placeholder image

මිරිහාන ඇඹුල්දෙණිය ප්‍රදේශයෙන් සුනඛයෙකු කළ වීරක්‍රියාවක් වාර්තා වුණා.ඒ හේතුවෙන් භයානක අපරාධයක් වැළකී ගොස් තිබෙනවා. මාර්ගයේ ගමන් කළ සුනඛයෙකු කිසියම් බෑගයක් කටින් සපාගෙන එන ආකාරය මාර්ගයේ ගමන් කළ පොලිස් නිළධාරියෙකු දැක තිබෙනවා. පසුව එම බෑගය පිළිබඳ සැක සිතූ පොලිස් නිළධාරියා එය පරික්ෂාවට ලක් කිරීමේදී ඒ තුල තිබී ගිණිඅවියක් සොයාගත් බව සදහන්. ඒ අනුව මේ සම්බන්ධයෙන් මිරිහාන […]


Feb
7

හදිසි විදුලි කප්පාදුව විමර්ශනයට විශේෂ කමිටුවක්

Generic placeholder image

කිසිදු පුර්ව දැනුම්දීමකින් තොරව සිදු කළ හදිසි විදුලි කප්පාදුව පිළිබඳව විමර්ශනය සඳහා විශේෂ කමිටුව පත් කර තිබෙනවා. 2020.02.03 වන දින ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව, දිවයිනේ ඇතැම් පළාත්වල පැය 2ක විදුලි කප්පාදුවක් සිදුකර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. මේ නිසා මහජනතාව මෙන්ම රජයද දැඩි අසීරුතාවයකට මුහුණ පෑ අතර, […]


Feb
7

අගමැති මහින්ද ඉන්දියාව බලා පිටත්වෙයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් සිව් දින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත් වුණා. අග්‍රාමාත්‍යවරයා යූ.එල්. 195 දරණ ගුවන් යානයෙන් අද දහවල් 1.55 ට ඉන්දියාවේ – නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා. අග්‍රාමාත්‍යවරයා අද පස්වරු 5.35 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ළඟාවීමට නියමිතයි. ඔහු පිළිගැනීම සඳහා හෙට දිනයේ ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපතිභවන් හිදී විශේෂ […]


Feb
7

කෝප් සභාපතිධූරයට හඳුන්නෙත්ති යළි පත් කෙරේ

Generic placeholder image

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත් කර තිබෙනවා.


Feb
7

පොදු සමාකාලය යටතේ දින 2 කදී නාවික හමුදාවේ 396 ක් යළි භාරවෙයි

Generic placeholder image

පොදු සමාකාලය ප්‍රකාශයට පත්කර ගෙවුනු දින දෙක තුල නාවික හමුදා සාමාජිකයන් 396 දෙනෙකු නාවික කඳවුරු වෙත භාරවී තිබෙනවා. 72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පොදු සමාකාලය ප්‍රකාශයට පත් කෙරුණා. නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා හෝ නැවත සේවයට එක්වීමට මෙමගින් අවස්ථාව සලසා දී තිබෙනවා. ලබන […]


News Articles
Latest Videos
Most Popular Post