ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයිනේ සියළුම සුරාසැල් පෙබරවාරි 04 වන දින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළා. එදිනට එම නියෝග කඩ කරන සුරාසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවා.
කොරෝනා වෛරසයෙන් වැළකී සිටීම සඳහා එම වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන ඇති බව වාර්තා වනවා. ෂැංහයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිජීවක ඖෂධය දියරක් ලෙසින් උගුරට ඉසීමට කටයුතු කරන බව චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත ප්‍රකාශ කළා. වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මිය ගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් ඇති අතර […]
පවතින කොරෝනා වෛරසය ආසාදනයවී අති බවට සැක කෙරෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා IDH උණ රෝහලට අමතරව දිවයිනේ තවත් රෝහල් 11 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව උතුරු කොළඹ ශික්ෂණ රෝහල,ගම්පහ, මීගමුව, මහනුවර, කරාපිටිය, අනුරාධපුර, යාපනය, කුරුණෑගල, රත්නපුර, මඩකලපුව හා බදුල්ල යන රෝහල් ඊට ඇතුලත්ය.
චීනයේ , වූහාන් ප්‍රාන්තයෙන් ලංකාවට එන සියලූම සිසුන් දියතලාව හමුදා කඳවුරේ ඇති කාමර වෙත පළමුවෙන්ම යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරම්භ කර ඇති අතර එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් […]
කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට දිවයිනෙහි බොහෝ ප්‍රදේශවල මුඛ ආවරණ වැඩි ලෙස අලෙවි වීම හේතුවෙන් ඒවායේ හිඟ තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ අනුව කඩිනමින් ආනයනය කිරීමටත් අයෙකුට මුඛ ආවරණ පහක් පමණ ලබා දෙමින් සීමාවක් කරන ලෙසත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඔසුසල් හිමිකරුවන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර මෙම රෝග තත්ත්වය මෙරටද ව්‍යාප්ත වීමක් වුවහොත් යන […]
නීතිපති දප්පුල ද ලිවේරා මහතා, කතානායක කරූ ජයසුරිය මහතා හමුවීමට නියමිතව තිබෙනවා. ඒ කතානායක කාර්යාලය කළ දැනුම් දීමකට අනුවයි. නිතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම හමුව සිදුවන දිනය පිළිබඳ හෝ වේලාව සඳහන් කළ නොහැකි බවයි. මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති නියෝගය පිළිබඳ නීතිපතිවරයා එහිදී කතානායකවරයා හමුවේ කරුණු දැක්වීමට […]
පවතින තත්වය හේතු කොටගෙන අද පෙරවරු 06 සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් මගීන්ට හැර ඔවුන්ගේ සමිපතයින්ට ගුවන් තොටුපළ පර්යන්ත වෙත ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සදහන් කරන්නේ.
මෙම සතිය තුළ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කෙරෙනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබදව තීන්දු තීරණ ගනු ඇති බව මන්ත්‍රීවරයා සදහන් කළා.
මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 106ක් දක්වා ඉහළ ගොස් ඇතැයි චීන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබෙනවා. මේ අතර ජර්මනිය හා කාම්බෝජයෙන්ද වෛරස ආසාදිතයන් හමුව ඇති බවත් මාරාන්තික නව කොරෝනා වෛරසය අද වනවිට ඉතාමත් සීඝ්‍රයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. නවතම වාර්තා පෙන්වා දෙන්නේ දැනට හදුනාගෙන ඇති නව කොරෝනා […]
මේ වනවිට චීනයේ රැදි සිටින ශ්‍රී ලාංකික සිසුන් 204 දෙනෙකු චීනයෙන් පිටත් කර හැර ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. එහි වැඩබලන තානාපති කේ.කේ.යෝගනාදන් මහතා සදහන් කළේ අද(28) සහ හෙට(29) යන දිනවල දී තවත් පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවයි. මේ අතර චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් පනස් දෙනෙකු පමණ ඊයේ දිනයේ […]
චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආරම්භය පිලිබදව පරික්ෂකවරු මේ වන විට තොරතුරු අනාවරණය කර තිබෙනවා. ඒ අනුව පරීක්ෂකවරුන පෙන්වා දෙන්නේ චීනයේ වුහාන් ප‍්‍රදේශයේ පිහිටි වන සතුන් අලෙවි කරන වෙලදසැලකින් නව කොරෝනා වෛරසය ආරම්භ වී ඇති බවයි තහවුර කර තිබෙන අතර එහි වන සතුන් සහ ඔවුන්ගේ මාංශ තොග ක‍්‍රමයට අලෙවි කරන ස්ථානයක්. වන සතුන් වර්ග […]
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් වීසා ලබාදීම චීන ජාතිකයින්ට නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය සදහන් කරනවා. මෙම තීරණය නැවත දැනුම්දෙන තුරු වලංගු බවයි වාර්තා වන්නේ.