News Line| Off Air
Generic placeholder image

Jan
17

ඛනිජ වැලි සම්පත සෘජුව අපනයනය කිරීම නවතයි

Generic placeholder image

මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමේ තාක්ෂණය සහිත ක‍්‍රමවේද හඳුන්වා දී ලංකා ඛනිජ වැලි සමාගම මෙරට විදේශ විනිමය උපයන ප‍්‍රධානතම රාජ්‍ය ආයතනය බවට පරිවර්තනය කිරීම තම අරමුණ බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කළා. ඊයේ (16) පුල්මුඬේ පිහිටි ලංකා […]


Jan
17

චීන ඉතිහාසයේ පළමුවරට උපත් අනුපාතිකය පහළ යයි

Generic placeholder image

චීන ඉතිහාසයේ පළමුවරට උපත් අනුපාතිකය පහළම අගය වාර්තා කර තිබෙනවා. වසර 70 කට ඉහතදී මහජන චීනය පිහිටුවීමෙන් පසු පසුගිය වසරේදී මෙලෙස උපත් අනුපාතිකය පහළම අගය වාර්තා කර ඇති අතර එය සටහන්වී ඇත්තේ උපත් 1000 කට 10 යි දශම 4 යි 8 ක් ලෙසටයි. පසුගිය වසරේදී චීනය තුළ සිදුවූ මුලු උපත් සංඛ්‍යාව එක් කෝටි 46 ලක්ෂ […]


Jan
17

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාගයට

Generic placeholder image

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාග කිරිමේ අරමුණින් එරට සෙනෙට් සභිකයින්, ජූරි සභිකයින් ලෙස දිවුරුම් දී තිබෙනවා. එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන් සෙනෙට් සභිකයින් කියා සිටියේ “අපක්ෂපාතීව යුක්තිය ඉටු කිරීම”වෙනුවෙන් තමන් මෙලෙසෙ දිවුරුම් දිම සිදු කරන බවයි. ඒ, අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ගොනු කර ඇති දෝෂාභියෝග චෝදනා සම්බන්ධයෙන් ලබන 21වැනිදා සිට […]


Jan
17

හිටපු ජනාධිපතිනිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත්කරයි

Generic placeholder image

අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉවත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළා.


Jan
17

රන්ජන් රාමනායක ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට

Generic placeholder image

බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අද (17) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. කල් ඉකුත්වූ බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා පසුව ඇප මත නිදහස් කරනු ලැබුවා. එම නඩු කටයුත්ත සම්බන්ධයෙන් මන්ත්‍රිවරයාව මෙලෙස යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව සදහන්. කෙසේ වුවත් අධිකරණ විනිසුරුවරන්ගේ […]


Jan
17

කොළඹ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළිත් ඉහළ යයි

Generic placeholder image

කොළඹ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, අද උදෑසන කාලයේදී එහි අගය ඒකක 100 – 150 ත් අතර පැවති බවයි. මෙම තත්ත්වය ලබන මාසයේ මුල් සතිය දක්වා පැවතිය හැකි බව ඔහු සඳහන් කළා. කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් සහ ශ්වසන […]


Jan
17

මාර්තු 01වැනිදා සිට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිවෙයි

Generic placeholder image

වතු හිමිකරුවන්ට ලබා දී ඇති සහන කමිකරුවන් වෙත වි ගොවිතැන් කිරීම සඳහා මාර්තු පළමුවනදා සිට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට පියවර ගත් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හෝමාගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.


Jan
17

රාජිත අද කොළඹ මහාධිකරණයට

Generic placeholder image

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වන නඩු විභාගයට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද උදෑසන කොළඹ මහාධිකරණයට පැමිණියා. සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය දෙසැම්බර් මස 27 වැනිදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ වෙතත්, […]


Jan
17

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අද දෙවන වරටත් තරග බිමට

Generic placeholder image

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන තරඟය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30 ට තරගය ආරම්භ වෙනවා. දෙරට අතර පැවැති පළමු එක්දින තරඟය කඩුළු 10ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. 2005 වසරෙන් පසු ඉන්දියාව ලැබු දරුණුතම එක්දින පරාජය මෙය වන අතර ඉන්දියාවට එරෙහිව ඕස්ට්‍රේලියාව […]


Jan
17

වසර 25කට පසු කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා අවසර දෙයි

Generic placeholder image

කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා පනවා තිබූ තහනම වසර 25 කට පසු ඉවත් කර තිබෙනවා. ඒ අනුව, ගාලුමුවදොර පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ ක්‍රීඩාංගණයට හෙලිකොප්ටර් ගොඩබැස්විය හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා. තහනම ඉවත් කරමින් ඒ, සඳහා අවසර ලබා දී ඇති දේශීය ගුවන් සමාගම් ගණන 4කි. පසුගිය අවරුදු 25 ක කාලයේදි අදාළ […]


Jan
17

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සදහා අයදුම් කිරීමට අද සිට අවස්ථාව

Generic placeholder image

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරිමට අද සිට ආරම්භ වෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කළ බවයි. ලබන මස 16 වැනිදා දක්වා ඒ සඳහා අයදුම් කළ හැකි වෙනවා. එලෙස නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කෙරෙන්නේ 2017 වසරෙන් පසුවයි. මැතිවරණ කාලසීමාවක පක්ෂ ලියාපදිංචිය නීතිවිරෝධී බැවින් පසුගිය […]


Jan
17

අධ්‍යාපන ඇමතිගෙන් සහතිකයක්

Generic placeholder image

ඉදිරි මාස තුනක කාලය තුළ මෙතෙක් කිසිඳු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 124 ක් තුළ ජාතික පාසල් ගොඩනගන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. මාතලේ ඊයේ පැවති පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. තමන් විසින් එවන ලද චක්‍ර ලේඛයක් තමන් විසින්ම උල්ලංඝනය කිරීමට සිදු වූයේ යැයි […]


News Articles
Latest Videos
Most Popular Post