අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන බදාදා සිදුකිරීමට නියමිතව තිබෙනවා. ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගවේදියෙකු වූ ඒ මහතා මිය යන විට 71 වැනි වියේ පසුවුවා.
අදත් දිවයින පුරා ප්‍රදේශ වල වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර සබරගමුව, නැගෙනහිර, පළාත් වල ප්‍රධාන වශයෙන් වර්ෂාපතනයේ අඩුවීමක් දැකගත හැකි බව වාර්තා වෙනවා. එමෙන්ම බොහෝ විට සවස් කාලයේ ප්‍රදේශ ගනනාවකට වැසි වාර කිහිපයක් අපේක්ෂා කල බවත් සදහන්.
උතුරු කොරියානු නායක කිම් ජෝන් අන්ගේ 36 වෙනි උපන් දිනයට සුබ පතමින් ඇමෙරිකානු ජනපති ඩොනර්ල්ඩ් ට්‍රම්ප් ලිපියක් මගින් ඒ බව උතුරු කොරියාවට දන්වා තිබෙනවා. ඒ අනුව උතුරු කොරියානු ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව සදහන් කලේ ඒ ලිපිය ඝෘජුවම එවා ඇති බවයි.
රුසියානු සහ අමෙරිකානු නියෝජිතයන් තිදෙනෙකු දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමින තිබෙනවා. ඒ අනුව රාජ්‍ය නායකයින් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු කොළඹ දී මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බව විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කල අතර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියානු අංශයේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී.වෙල්ස් මහත්මිය ද රාජ්‍ය නායකයින් […]
ප්‍රධාන රෝහල් කිහිපයක පවතින තදබදය අවම කර ජනතාවට තමන් පදිංචි දිස්ත්‍රික්යේදීම අවශ්‍ය ප්‍රතිකාර සේවා පුළුල් කිරීම මෙහි අරමුණ ඇතිව සෑම දිස්ත්‍රික්කයකටම මධ්‍යම රජයෙන් රෝහලක් ස්ථාපිත කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව දිස්ත්‍රික්කය තුළ මධ්‍යම රාජයට පවරා ගත් රෝහල් සංවර්ධනය කර ජනතාවට පහසුකම් ලබා දීමට නියමිතව තිබෙනවා.
මැදපෙරදිග පවතින නොසන්සුන්තාවය හේතුවෙන් ඉන්ධන හිගයක් ඇතිවන බවට පලවන මත සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාර බවත් ඒවාට ජනතාව මුලා නොවෙන ලෙසත් විෂයභාර අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම අවශ්‍යතරම් ඉන්ධන ශ්‍රී ලංකාවේ පවතින බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. එසේම ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුනොවන බවත් එතුමා අවධාරණය කලා.
දිවයින පුරා නැගෙනහිර සහ ඌව පළාත්වලත් සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 – 60 පමණ දක්වා වැඩි විය හැකි බවයි වාර්තා වන්නේ
ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 71ක් වියේ පසුවුවා. එතුමා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය,රිදී තිරය සහ කලා ක්ෂේත්රයේ මහගු මෙහෙවරක් කළ කලා කරුවෙකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා. පෙරවරු 10ට පමණ දළදා මාළිගාවට පැමිණි ජනාධිපතිවරයාව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් පිළිගනු ලැබුවා. දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටු බව සදහන්. අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත […]
පාකිස්තානයේ නිරිතදිග ක්වෙටා නගරයේ මුස්ලිම් පල්ලියක සිකුරාදා සවස පූජාව පැවැත්වෙන අතරතුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 18 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් ඔවුන් අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද සිටි බවත් විදෙස් වාර්තා සදහන් කළා. මෙම පිපිරවීම සිදුකළේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වියට්නාමයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව හොරොව්පතාන පොලීසියට පැමිණිලි 8 ක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව හොරොව්පතාන පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකාර කාන්තාව විසින් විවිධ පුද්ගලයින්ගෙන් විදෙස් රැකියා ලබාදෙන […]
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව සහ මාතලේ දිස්ති‍්‍රක්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ති‍්‍රක්කවලත් සවස් කාලයේ හෝ රාතී‍්‍ර කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් පැවසුවා.