News Line| Off Air
Generic placeholder image

Jan
13

අගමැති යන්න තිබු තැනක් පරික්ෂා කිරීමේදී උණ්ඩ කිහිපයක් සමග පෑන් පිස්තෝලයක කොටසක් සොයා ගැනේ

Generic placeholder image

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට නියමිතව තිබූ මොරොන්තුඩුව, කොරොස්දූව රජමහා විහාරයේ උත්සවයකට පෙර ඒ අසල මාර්ගය සෝදිසි කල පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට උණ්ඩ කිහිපයක් සහ පෑන් පිස්තෝලයක කොටසක් හමුව තිබෙනවා. විහාරය ආසන්නයේ ගොඩ කරමින් ඇති වගුරු බිමක මෙම උණ්ඩ කිහිපයක් සහ පෑන් පිස්තෝලයක කොටස සොයාගෙන ඇති අතර මේ පිලිබදව විශේෂ පරීක්ෂනයක් ක්‍රියාත්මක බව පොලිසිය […]


Jan
13

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී

Generic placeholder image

අද කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11. 30 ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. මෙම පක්ෂ නායක රැස්වීමට සියලුම පක්ෂවල නායකයින් සහභාගී වීමට නියමිතව තිබෙන අතර ඉකුත්දා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වාර අවසාන කිරිමත් සමග අහෝසිවී ගිය කාරක සභා සඳහා සාමාජිකයන් පත්කිරිම පිළිබඳව මෙහිදී කථිකා කරන බවයි වැඩි […]


Jan
13

2019 වසරේ ඉන්දීය හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්න

Generic placeholder image

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කළ වාර්ෂික සම්මාන උලෙළේදී 2019 වසරේ හොදම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන පොලි උම්රිගර් සම්මානය දිනා ගැනීමට ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා සමත් වුණා. එමෙන්ම ඔහු වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියාට පිරිනමන දිලිප් සර්දේසායි සම්මානය ද දිනා ගත්තා. 2019 වසරේ දේශිය මෙන්ම ජාත්‍යන්තර තරග බිමේ දක්ෂතා දැක්වූ ඉන්දීය […]


Jan
13

හදිස්සියේ ගොඩ බැස් වූ ලයන් එයාර් යානයේ මළ සිරුරු 02 ක් – තවත් මගියෙකුට බරපතලයි

Generic placeholder image

සෞදියේ ජෙඩා සිට ඉන්දුනිසියාවේ සුරබයා දක්වා පියාසර කළ මගීන් 285 ක් රැගත් ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද අලුයම 2.45 ට පමණ හදිසියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වනු ලැබුවා. ඒ ගුවන් යානයේ සිටි අසනීපවූ මගීන් දෙදෙනෙකුට ප්‍රථිකාර ලබා දීම සඳහායි.කෙසේ වෙතත් ඒ වන විටත් එම මගින් දෙදෙනා මිය ගොස් තිබෙනවා. මේ වන […]


Jan
13

පෑළියගොඩට ප්‍රදේශ රැසකට අද වතුර නෑ

Generic placeholder image

පෑළියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 24 ක් කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව පෑලියගොඩ, වත්තල , මාබෝල නගර සභා බල ප්‍රදේශ, කැළණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හැඳල, ඇලකන්ද සහ පල්ලියවත්ත, බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මගුරුවිල පාර, විජේරාම මාවත, […]


Jan
13

රන්ජන් අත්අඩංගුවටගත් අවස්ථාවේ පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ පරීක්ෂණයක්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් ක‍්‍රියා කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙසට වැඩබලන පොලිස්පති සි. ඞී. වික‍්‍රමරත්න ඉකුත්දා නියෝගයක් ලබාදී තිබෙනවා. ඒ අනුව එම පොලිස් නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගෙන වාර්තාවක් ලබාදෙන ලෙසට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත මෙලෙස නියෝග කර තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී […]


Jan
13

එජාපයේ අවසන් තීරණය ලබන බ‍්‍රහස්පතින්දා

Generic placeholder image

එජාපයේ ඉදිරි ගමන ගැන අවසන් තීරණය ලබන බ‍්‍රහස්පතින්දා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණක් ආරම්භ කිරීමට සජිත් පාර්ශ්වය සූදානම් සිටින බව වාර්තා වෙනවා. ඒ පිළිබද අවසන් තිරණය ලබන බ‍්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂය විසින් ගනු ලබන අවසන් තීරණයෙන් පසුව තීරණය කරන බවයි පැවසෙන්නේ.


Jan
13

ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ අවසන් කටයුතු බදාදා

Generic placeholder image

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන බදාදා සිදුකිරීමට නියමිතව තිබෙනවා. ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගවේදියෙකු වූ ඒ මහතා මිය යන විට 71 වැනි වියේ පසුවුවා.


Jan
13

වැස්ස අඩු වෙයි

Generic placeholder image

අදත් දිවයින පුරා ප්‍රදේශ වල වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර සබරගමුව, නැගෙනහිර, පළාත් වල ප්‍රධාන වශයෙන් වර්ෂාපතනයේ අඩුවීමක් දැකගත හැකි බව වාර්තා වෙනවා. එමෙන්ම බොහෝ විට සවස් කාලයේ ප්‍රදේශ ගනනාවකට වැසි වාර කිහිපයක් අපේක්ෂා කල බවත් සදහන්.


Jan
12

ජනපති ට්‍රම්ප්ගෙන් උතුරු කොරියානු නායකයාට උපන්දින සුබ පැතුමක්

Generic placeholder image

උතුරු කොරියානු නායක කිම් ජෝන් අන්ගේ 36 වෙනි උපන් දිනයට සුබ පතමින් ඇමෙරිකානු ජනපති ඩොනර්ල්ඩ් ට්‍රම්ප් ලිපියක් මගින් ඒ බව උතුරු කොරියාවට දන්වා තිබෙනවා. ඒ අනුව උතුරු කොරියානු ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සදහන් කලේ ඒ ලිපිය ඝෘජුවම එවා ඇති බවයි.


Jan
12

රුසියානු සහ අමෙරිකානු නියෝජිතයන් තිදෙනෙක් දෙදින නිල සංචාරයක් දිවයිනට

Generic placeholder image

රුසියානු සහ අමෙරිකානු නියෝජිතයන් තිදෙනෙකු දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමින තිබෙනවා. ඒ අනුව රාජ්‍ය නායකයින් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු කොළඹ දී මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බව විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කල අතර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියානු අංශයේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී.වෙල්ස් මහත්මිය ද රාජ්‍ය නායකයින් […]


Jan
12

සෑම දිස්ත්‍රික්කයකටම මධ්‍යම රජයෙන් රෝහලක්

Generic placeholder image

ප්‍රධාන රෝහල් කිහිපයක පවතින තදබදය අවම කර ජනතාවට තමන් පදිංචි දිස්ත්‍රික්යේදීම අවශ්‍ය ප්‍රතිකාර සේවා පුළුල් කිරීම මෙහි අරමුණ ඇතිව සෑම දිස්ත්‍රික්කයකටම මධ්‍යම රජයෙන් රෝහලක් ස්ථාපිත කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව දිස්ත්‍රික්කය තුළ මධ්‍යම රාජයට පවරා ගත් රෝහල් සංවර්ධනය කර ජනතාවට පහසුකම් ලබා දීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post