මෙරට විදෙස් තානාපතිවරු සමග එක්ව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරක සහ ගුවන්සේවා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදීයි. වේගවත් ආර්ථික වර්ධනයක් ලැබිය හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය දියුණු කරමින් 2025 වන විට අමෙරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවා ගිය ආදායමක් ඉපයීමට […]
ඇමරිකානු ස්පේස් එක්ස් අභ්‍යවකාශ සංචාරක වැඩසටහන යටතේ සඳ ගමනකට ප්‍රවේශපත්‍රයක් වෙන් කරගෙන සිටි ජපාන ප්‍රකෝටිපති යසාකු මේසාවා සිය සංචාරයට එක් කර ගැනීම සඳහා සහකාරියක් සෙවීම ආරම්භ කර තිබෙනවා. සඳ මතට යන ප්‍රථම කාන්තාව වීමට කැමති අයෙක් සිටිත්දැයි විමසමින් 44 හැවිරිදි විලාසිතා ව්‍යාපාර අධිරාජ්‍යයක් හිමි යසාකු මේ සඳහා සිය ට්විටර් වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ බව […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත අයදුම්පත මේ මස 17 වන දා සලකා බැලීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එදිනට දැනට ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇති බව සදහන්. ඔහුට […]
ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් 200 ක් නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට තැත් කළ, චීන ජාතික ගුවන් මගියෙකු අද දහවල් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු 30 හැවිරිදි චීන ජාතිකයෙක්. ඔහු විවිධ රටවලින් සතුන් මේ ආකාරයට චීනයට රැගෙන විත් පසුව අභිජනනය කර අලෙවි කිරීමේ යෙදී සිටින පුද්ගලයෙක් බව […]
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ හිටපු රියැදුරා වන දිලුම් තුසිත කුමාර නැමැත්තා 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් රහස්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සදහා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු අද පස්වරු 4 ට පමණ සිය නීතිඥයාද සමග කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරජංනීද සිල්වා මහත්මියගේ නිල මැදිරියට පැමිණ මෙම ඉල්ලීම කළ බව සදහන්. දිලුම් […]
ශ්‍රී ලංකාවේ විශාලතම ඉන්ධන පිරිපහදුව ඉදිකිරීමේ කටයුතු ලබන වසරේ ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා. මෙරට සමස්ත පිරිපහදු ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පමණ, ආනයනය කිරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස නව පිරිපහදුවක් ඉදිකිරීමට සැලසුම් කෙරෙන බව මුලන – දික්වල ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඔහු පැවසුවා. ජනාධිපතිවරයා සමඟ පසුගිය සතියේ සිදුකළ […]
සුරාබදු දෙපාර්තුමේන්තුවට නව සුරාබදු කොමසාරිස් ජනරාල්වයා ලෙස ඒ.බෝදරගම මහතා පත්කර තිබෙනවා. ඒ මහතා හෙට දිනයේ දී වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ මහතාගේ සේවා කාලය වසර 34 ක් වන අතර 2016 වසරේ දී වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද සේවය කර තිබෙනවා.
ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ලබන යල කන්නය සඳහා පොහොර සහනාධාරය නොමිලේ ලබාදීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
ඔස්ට්‍රලියාවේ ලැව් ගිනි හේතුවෙන් ආහාර සොයාගැනීමට නොහැකිව සිටින සතුන්ට ගුවනින් ආහාර ලබා දීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කැරට්, අර්තාපල් වැනි එළවලු කිලෝ 22.000 කට අධික ප්‍රමාණයක් මෙලෙස ගුවන් මගින් එම සතුන් සිටින ස්ථානයන්ට පතිත කිරීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම එම එළවලු එම සතුන් කෑමට ගන්නා ආකාරය දැක්වෙන ජායා රූප කිහිපයක් විදෙස් මාධ්‍ය […]
අසර්බජාන් හී මිය ගිය දරුවන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා රජය රුපියල් ලක්ෂ 15 ක් ලබාදීමට තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අසර්බජාන් බාකු නුවර පෞද්ගලික විශ්වවිද්‍යාල පාඨමාලා හදාරමින් සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු තමා නතරව සිටි මහල් නිවාසයේ ඇතිවූ ගින්නක දුම ආග්‍රාණයවී මිය ගොස් තිබුණා. […]
පිලිපීනයේ ටාල් ගිනි කන්ද අද උදැසන සිට විධාරණය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ හේතුවෙන් ඒ ගිනි කන්ද අවට සිටින ජනතාව සිය වාසස්ථාන වලින් ඉවත් වන ලෙසට එරට රජය නිවේදනය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද (13) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ දුරකථන සංවාද ඇතුළත් සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ලැබී ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවා. මෙම සීඩි තැටි හා පරිගණක […]