මැදපෙරදිග පවතින නොසන්සුන්තාවය හේතුවෙන් ඉන්ධන හිගයක් ඇතිවන බවට පලවන මත සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාර බවත් ඒවාට ජනතාව මුලා නොවෙන ලෙසත් විෂයභාර අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම අවශ්‍යතරම් ඉන්ධන ශ්‍රී ලංකාවේ පවතින බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. එසේම ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුනොවන බවත් එතුමා අවධාරණය කලා.
දිවයින පුරා නැගෙනහිර සහ ඌව පළාත්වලත් සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 – 60 පමණ දක්වා වැඩි විය හැකි බවයි වාර්තා වන්නේ
ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 71ක් වියේ පසුවුවා. එතුමා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය,රිදී තිරය සහ කලා ක්ෂේත්‍රයේ මහගු මෙහෙවරක් කළ කලා කරුවෙකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා. පෙරවරු 10ට පමණ දළදා මාළිගාවට පැමිණි ජනාධිපතිවරයාව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් පිළිගනු ලැබුවා. දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටු බව සදහන්. අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත […]
පාකිස්තානයේ නිරිතදිග ක්වෙටා නගරයේ මුස්ලිම් පල්ලියක සිකුරාදා සවස පූජාව පැවැත්වෙන අතරතුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 18 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් ඔවුන් අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද සිටි බවත් විදෙස් වාර්තා සදහන් කළා. මෙම පිපිරවීම සිදුකළේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වියට්නාමයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව හොරොව්පතාන පොලීසියට පැමිණිලි 8 ක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව හොරොව්පතාන පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකාර කාන්තාව විසින් විවිධ පුද්ගලයින්ගෙන් විදෙස් රැකියා ලබාදෙන […]
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව සහ මාතලේ දිස්ති‍්‍රක්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ති‍්‍රක්කවලත් සවස් කාලයේ හෝ රාතී‍්‍ර කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් පැවසුවා.
එළඹෙන මහමැතිවරණයේ දී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා සදහන් කළා. කළුතර උතුර සුගත විද්‍යාලයේ ඊයේ පැවති වැඩසටහනක දී හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවා. රටට අලුත් ගමනක් යාමේ බලාපොරොත්තු ඇතුව පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට […]
සිය හමුදාවන් විසින් “නොදැනුවත්ව” එල්ල කරනු ලැබු ප්‍රහාරයක් හේතුවෙන් මගීන් 176 දෙනෙක් රැගත් යුක්‍රේන සමාගමට අයත් මගී ගුවන් යානය විනාශයට පත්වු බව ඉරානය සදහන් කරනවා. “මිනිස් අත්වැරද්දක්” හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඉරාන බලධාරින් සදහන් කළා. ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කිරිමෙන් […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට පිළිබද කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කල බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා. විශේශේයෙන්ම මේ පිලිබදව අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරන බවයි ඒ මහතාවැඩි දුරටත් ප්‍රකාශ කලේ.
ඊයේ රාත්‍රියේ කැලණිය රජමහා විහාරයේ අවසන් දුරුතු මහා පෙරහැර අති උත්කර්ෂවත්ව වීථී සංචාරය කෙරුනා. සදාතික කරඬුව කණ්ඩුල හස්තිරාජයා මත තැම්පත් කිරීම සිදුකරණු ලැබුවේ ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා විසින්ය. මෙම අවස්ථවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළුපිරිසක් එක්ව සිටියා.
හතේ අපේ පොත නැමැති ග්‍රන්ථය පිලිබදව අවසන් තීරණයක් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාත්,සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවත් එක්ව ජනවාරි 21 වැනිදා විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම හතේ අපේ පොත ගැන අවසන් තීරණයක් ගැනීම එදින සිදුවන බවයි වාර්තා වන්නේ.