එළඹෙන උත්සව සමයේ දී හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීම සඳහා දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉකුත් මහ කන්නයේ දී මිල දී ගත් වී තොග මේ වන විට අදාළ […]
මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ලබන මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළා. පසුගිය ජනවාරි මස දෙවනදා හෝ ඊට ආසන්න දිනක දී මාවනැල්ල ප්‍රදේශයේ […]
හොංකොං විරෝධතාකරුවන්ට සහාය පල කිරීම සඳහා වන නීති කෙටුම්පතකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. අමෙරිකාවේ එම පියවර චීනය සමඟ පවතින මතබේදය උත්සන්නවීමට තුඩුදෙනු ඇතැයි සඳහන් වෙනවා. තම දේශයේ ස්වාධීනත්වය උදෙසා හොංකොං වැසියන් ආරම්භ කර ඇති දැවැන්ත විරෝධතාවට සහාය පල කරමින් ඉකුත් ජූනි මාසයේදී අමෙරිකාව නව කෙටුම්පතක් ගෙන එනු ලැබුවා. පසුගිය මාසයේදී අදාළ කෙටුම්පතට […]
හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාට සෞඛ්‍යය හේතූන් මත විදේශගතවීම සඳහා කොළඹ මහාධිකරණය අවසර ලබා දුන්නා. ඒ 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනු හතර ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය […]
තමාගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් ලබන ජනවාරි මාසය වන තුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක මහේන්ද්‍ර සිං දෝනි පවසනවා. මුම්බාහි පැවැති උත්සවයකදී ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගැනීම පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් මහේන්ද්‍ර සිං දෝනි මෙම අදහස් පල කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඉන්දීය කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේන්ද්‍ර සිං දෝනි […]
ඊයේ උතුරේ ප්‍රදේශ බොහොමයක මහවිරු සැමරුම් උත්සව සංවිධානය කර තිබුන බව වාර්තා වෙනවා. මේ සදහා උතුරේ දේශපාලනඥයින් පිරිසක්ද ආගමික නායකයින් පිරිසක්ද එක්ව තිබෙනවා. ඒ අනුව යාපනය හා වවුනියාව,මුලතිව්, කිළිනොච්චි යන ප්‍රදේශ වල මෙම උත්සව සංවිධානය කර තිබෙනවා.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සනින් යුතුව කථානායකවරයා කරූ ජයසුරිය මහතා වෙත ලිපියක් භාරදී තිබෙන බව වාර්තා වෙනවා. එහි සදහන් වන්නේ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වෙත මෙම කරන ලද ඉල්ලීම පිලිබදව දැනුවත් කරන ලෙසයි. කථානායක කාර්යාලය සදහන් කරන්නේ ලිපියේ පිටපතක්ද දැනටමත් මේ වන විට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වෙත කථානායක කාර්යාලය මඟින් […]
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඊයේ දිනය සිට ක්‍රියාත්මක වන පරිදි මාධ්‍ය නිවේදන නිකුත් කිරීම තවකාලිකව නවතා තිබෙන බව වාර්තා වෙනවා. ඒ පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය හරහා නව ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති නිසාවෙන්ය.
ඉකුත්දා උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබු යාල්දේවී දුම්රිය පිලිපැනීමකට ලක් වුණා. ඒ අනුව දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු සිදු කරමින් පවතින බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කලේ. යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය ගල්ගමුව සහ අඹන්පොල දුම්රිය ස්ථාන අතර මාර්ගයේදී පිලිපැනිමකට ලක් වුණ අතර මේ හේතුවෙන් උතරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඉන්දියාව බලා නිල සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි. ජනාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වන පළමු විදේශ සංචාරයක මෙය වෙනවා.
දිවයින පුරා තව දුරටත් තද වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහඌව පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව සදහන් කලේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනය පරිදි දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා හෙට (28) දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. මෙම චාරිකාවේ දි ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මැතිතුමා හමුවන අතර, ඉන්දීය අග්‍රාමාත්‍යතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා වල නිරත වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. එමෙන්ම ජනාධිපතිවරයා සෙසු ඉන්දීය ප්‍රභූවරුන් ද […]