News Line| Off Air
Generic placeholder image

Nov
21

පළාත් 6ක් සදහා නව ආණ්ඩුකාරවරුන්ට පත්වීම්

Generic placeholder image

නව ජනපති යටතේ නව ආණ්ඩුකාරවරුන් පත් වීම් ලබා ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ පළාත් 06 සදහායි. ඒ අනුව, බස්නාහිර පළාත ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල දකුණු පළාත් ආණ්ඩුකාරවර – ආචාර්ය විලි ගමගේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර – ලලිත් යූ ගමගේ ඌව පළාත් ආණ්ඩුකාර – රාජා කොල්ලුරේ වයඹ පළාත් ආණ්ඩුකාර – ඒ.ජේ.එම්.මුසම්මිල් සබරගමු පළාත් ආණ්ඩුකාර – ටිකිරි […]


Nov
21

ජනපතිවරණයෙන් පසු සජිත් පළමුවරට පාක්ෂිකයින් හමුවට

Generic placeholder image

ජනපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරග වැදී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ පිහිටි ප්‍රධාන ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී සිය පාක්ෂිකයින් හමුවීමට තීරණය කර තිබෙනවා. ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරිම සදහා සහය පල කළ ආසන සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකයින් සමග මෙහිදී සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ. මෙම උත්සවය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුනත් […]


Nov
21

අදත් සවස් කාලයේ තද වැසි

Generic placeholder image

දිවයින පුරා අදත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වලට මි.මී. 75 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර […]


Nov
20

පළිගු 3000 ක් යොදා නිර්මාණය කළ නත්තල් ගසක්

Generic placeholder image

පළිගු 3000 කට වැඩි ප්‍රමාණයක් යොදාගෙන නිර්මාණය කළ නත්තල් ගසක් පිළිබද පුවතක් ඩෙන්මාර්කයෙන් වාර්තා වනවා. ළඟ ලඟම එළඹෙන නත්තල් සමය වෙනුවෙන් ලොව වටා වෙසෙන කතෝලික ප්‍රජාව මේ වනවිට සූදානම් වෙමින් සිටිනවා. ඒ වෙනුවෙන් නිර්මාණය කළ අපූරු නත්තල් ගස පිළිබද පුවත වාර්තා වන්නේ ඩෙන්මාර්කයේ කොපන්හේගන් අගනුවරින්. ස්වොරොස්කි පළිගු නම් ඉතාමත් වටිනා පළිගුවලින් නිර්මාණය කළ මෙම නත්තල් […]


Nov
20

ඊශ්‍රායලයෙන් සිරියාවට මිසයිල ප්‍රහාර

Generic placeholder image

සිරියාවේ පිහිටි ඉරාන හමුදාවට සහ සිරියානු රජයට අයත් මර්මස්ථාන කිහිපයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. එමඟින් සිවිල් වැසියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, ඩැමස්කස් අගනුවරට ඉහළින් ගමන් කළ මිසයිල බොහොමයක් බිම හෙළීමට හැකිවූ බව විදෙස් වාර්තා සඳහන් කළා.


Nov
20

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා

Generic placeholder image

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා රාජ්‍ය අනුග්‍රහය සහිතව ගම්පොල – දොලූව – හාලියද්ද ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළා. දේහය මේ වනවිට ගම්පොල දොලූව ප්‍රදේශයේ පිහිටි හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ අභාවය පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද […]


Nov
20

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ හෙට දිවුරුම් දෙයි

Generic placeholder image

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස හෙට දිවුරුම් දීමට නියමිත බව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ප්‍රකාශ කළා. හෙට පස්වරු එකට දිවුරුම්දීම සිදුවන අතර, පස්වරු 3ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඔහු වැඩ භාරගැනීමට නියමිතයි.


Nov
20

තම ඉදිරි දිවිය දිවියන් වෙනුවෙන් – සජිත්ගෙන් පණිවිඩයක්

Generic placeholder image

පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් සමග නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස තමන් අනාගතයේදි සිදුකිරිමට යන දේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ” දිවියන්ගේ සංරක්ෂණය වෙනුවෙන් වන PROJECTLEOPARD වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මාගේ ජීවිතයේ ඉතිරි කාලය කැපවීමෙන් හා ඉමහත් උද්යෝගයකින් යුතුව කැප කරමි” යනුවෙන් හිටපු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සදහන් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වයට […]


Nov
20

මට ප්‍රශංසා කළ, නින්දා කළ සියළු දෙනාටම ස්තුතියි – අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ රනිල් කියයි

Generic placeholder image

තමන් හෙට (21) දිනයේදි ජනාධිපතිවරයා හමුවි සිය ඉල්ලා අස්විම සම්බන්ධයෙන් දැනුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. එතුමාට ප්‍රශංසා කළ, නින්දා කළ, හොඳ කියූ, නරක කියූ සියළු දෙනාටම ස්තුතිය පිරිනමන බව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අගමැතිවරයා කියා සිටියා. අගමැතිවරයා නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින්, පසුගිය වසර පහක කාලය තුළ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, […]


Nov
20

ජනාධිපතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ඇල්ජීරියාවේ විරෝධතාවක්

Generic placeholder image

ජනාධිපතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ඇල්ජීරියාවේ විරෝධතා ආරම්භ වී තිබෙනවා. ලබන මාසය ආරම්භයේදී පැවැත්වීමට නියමිත ඇල්ජීරියානු ජනාධිපතිවරණයට එරෙහි විරෝධතා ක්‍රියාත්මක වුණේ ඇල්ජීරියස් අගනුවරදීයි. ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටි බව විදෙස් වාර්තා සදහන් කළා. ජනපතිවරණයට එරෙහි විරෝධතා මේ මාසය පුරාවට පැවැත්වුණු අතර එහිදී විරෝධතාකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන සිරගත කෙරුණා. විරෝධතාකරුවන් රජයට බලකර සිටින්නේ එම පිරිස නිදහස් කළ […]


Nov
20

අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී ඔහු මේ බව නිල වශයෙන් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව හෙට දිනයේදී නීත්‍යානුකූලව අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් ඉවත් වනු ඇති.


Nov
20

රවිනාථ ආරියසිංහ යළි විදේශ කටයුතු ලේකම් ධුරයට

Generic placeholder image

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස යළිත් රවිනාථ ආරියසිංහ මහතා පත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා. මේ වන විටත් එම ධුරයේ කටයුතු කරමින් සිටින රවිනාථ ආරියසිංහ මහතා යළිත් ඊයේ සිට එම තනතුරට පත්කර තිබෙනවා. විදෙස් රාජ්‍යත්‍රාන්තික සේවයේ කීර්තිමත් සේවයකට හිමිකම් කියන ඒ මහතා විවිධ රජයන් යටතේ ඉහළ පෙළේ තනතුරු හොබවා ඇති පුද්ගලයෙකි.


News Articles
Latest Videos
Most Popular Post