දිවයිනේ සියලු සුරාසැල් අද සහ හෙට වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව ය. ඒ අනුව එම දිනවල නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තහනම් වේ. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බවයි.
අද පැවැත්වෙන ජනාධිපතිවරණයේදී , ඡන්ද දායකයින්ට නිදහසේ ජන්දය භාවිත කිරීමට අවශ්‍ය වාතාවරණය රට තුළ ශක්තිමත් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ, මැතිවරණය සාමකාමීව පැවැත්වීම සඳහා පොලීසිය , ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ යොදවා ඇති බවයි. අනවශ්‍ය ප්‍රචාර සහ කට කථාවලට නොරැවටී තම ජන්ද මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය භාවිත […]
මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම සඳහා වන 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (16) උදෑසන 7.00ට දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ආරම්භ කෙරුණි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (15) විශේෂ ප්‍රකාශයක් […]
ආහාර විෂවීමක් හේතුවෙන් මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් 51 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් පිරිසක් මෙලෙස රෝහල්ගත කර ඇති බව පොලීසිය පැවසුවා. දහවල් ආහාරය ලබාගැනීමෙන් අනතුරුව උදර වේදනාව හා වමනය යන රෝගී තත්වයන් මතුවීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව සදහන්. රෝහල් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව සදහන්. මිකී ආතර් හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු මෙන්ම, පුහුණුකරුවෙකු ද වන අතර, කලක් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙනවා. වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහායි ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් […]
අධිවේගී මාර්ගවල බස් ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව සියලු අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහල දමා තිබෙන අතර එය අද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා. මාකුඹුර සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් – 410 කොළඹ සිට මාතර දක්වා – 570 කඩවත සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් – 470 […]
ලබන ජනවාරි මාසයේ සිට මනු කියවන්නන් විසින් ජල බිල්පත් ලබාදෙන අවස්ථාවේදීම පාරිභෝගිකයාට කාඩ්පත් මගින් ගෙවීම් සිදුකළ හැකි ක්‍රමවේදයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. බිල්පත් නොගෙවීම නිසා ජලය කප්පාදු කරන අවස්ථාවකදී වූවද, පාරිභෝගිකයාට එම මොහොතේම ගෙවීම් කිරීමේ පහසුව මේ යටතේ සැලසෙන බව එම මණ්ඩලයේ බිල් කිරීමේ අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී පියල් […]
ඡන්දපොළ තුළ දුරකථන භාවිත කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගත හැකි ප්‍රතිපාදන පවතින බව පොලිසිය සදහන් කළා. කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියාසිටියේ ඡන්ද පොළ නිළධාරීන්ගේ රාජකාරිවලට බාධා කිරීමේ චෝදනාවට අදාළව එලෙස පියවර ගත හැකි බවයි.
මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමේදී කතිරය හා ඉල්ක්කම භාවිත කරමින් ඡන්දය භාවිත කිරිම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ඡන්දය භාවිත කළ හැකි ආකාරය පහත පරිදිය. 01 – තම අපේක්ෂකයාට x (කතිරය) හෝ 1 (අංක එක) යෙදීමෙන් 02 – මනාප සටහන් කරන්නේ නම් තමන් කැමති අපේක්ෂකයන් වෙනුවෙන් පිළිවෙළින් අංක 1,2,3 යෙදීමෙන් ඡන්දය භාවිත […]
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි මිල ඉහළ දැමූ බවයි ප්‍රිමා සමාගම පවසනවා. ඒ අනුව තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8.50 කින් ඉහළ දමා තිබෙනවා. එමෙන්ම මේ හේතුවෙන් තිරිගු පිටි මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිලද අද මැදියම් රැයේ සිට ඉහල දමන බවයි වාර්තා වන්නේ.
අමෙරිකානු තානාපති කාර්යාලයෙන් එරට පුරවැසින්ට ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිලිබදව දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එනම් හෙට පැවැත්වෙන ජනපතිවරණය හේතුවෙන් උද්ඝෝෂණ හා මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සිදු විය හැකි බැවින් ඒ පිලිබදව අවධානයෙන් පසු වන ලෙසට.
2019 ජනපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සදහා නිරීක්ෂණ කණඩායම් බොහොමයක් මේ වන විට තම නිරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම හෙට පැවැත්වෙන ජන්ද විමසීම් කටයුතු සදහා සිය නිලධරීන් සුදානමින් සිටින බව නිරීක්ෂණ කණඩායම් වැඩි දුරටත් සදහන් කරනවා. විදේශ නියෝජිතයන්ද නිරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.