අවසන් වුන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟය ගැන මුළු ලෝකයේම අවධානය යොමු වුනා. එ් ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම වතාවට ක්‍රිකට් ක්‍රීඩකයින් මුඛ වැසුම් පැළඳ ක්‍රීඩා කරපු නිසා. එ්කට හේතු වුනේ දිල්ලියේ දැඩි වායු දූෂණය. හැබැයි ඉන්දියාව නම් එ් ගැන චෝදනා කරෙත් ලංකාවට.
කොහොම වුනත් එ් ගැන පරීක්ෂණයක් කරන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරලා තියෙනවා. එ් අනුව වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක් එ් ගැන පරීක්ෂණ කරන්න නියමිතයි. ලබන පෙබරවාරි මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදීත් මේ ගැන සාකච්ඡා කරන්න තීරණය කරලා තියෙනවා. හැබැයි ඉතිං තරඟයට පස්සේ ICC නිල වෙබ් අඩවියේ සදහන් කරලා තිබ්බේ ලංකාව රඟපෑමක් කරා කියලා.
ඉන්දියාවේ වෛද්‍ය කවුන්සිලයත් මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලලා තිබ්බා. හැබැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා මාධ්‍යට කියලා තිබ්බේ ලංකාව මුඛ අාවරණ පැළඳ ක්‍රීඩා කරපු එක ගැන ලිඛිතව ලංකාවෙන් හේතු අහනවා කියලා. ලෝකයටම පේන දිල්ලියේ වායු දූෂණය ඉන්දියාවේ ක්‍රිකට් ලොක්කන්ට පේන්නෙ නැති එක නම් පුදුමයි. ඉන්දියාව විසින් අල්ලේ නටවන ICC යත් ලංකාව වැරදි කියලා වාර්තාවක් දුන්නට පුදුම වෙන්න දේකුත් නෑ.