බදුල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි ඇල්ල රක්ෂිතයේ ඇල්ල රොක් යනුවෙන් හදුන්වන සංචාරක කලාපයේ පසුගිය 22 වනදා ගින්නක් හටගත්තා. ඉන් අක්කර 30 කට ආසන්න ප‍්‍රමාණයක් විනශ වී ඇති බවයි දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
කිසිවෙකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැක පල කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ක‍්‍රියාත්මක වන බව පොලිසිය සදහන් කරනවා.