සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ කඩුලු රකින්නා වන නිරෝෂන් දික්වැල්ල තුවාල ලබා සිටින බව වාර්තා වෙනවා.
ඒ අනුව වම් පාදයේ කලවයේ පසුපස මස්පිඬුව ඉරීයාම හේතුවෙන් දිමුත් කරුණාරත්නට නවසීලන්ත ඉනිමේදී ක්‍රීඩාගාරයට වී සිටින්නට සිදුවි තිබෙන අතර නවසීලන්ත ඉනිමේ වැඩි කොටසකදී ඇන්ජලෝ මැතිව්ස් විසින් කණ්ඩායම මෙහෙයවන ලබනවා.
කරුණාරත්න වෙනුවට අතිරේක ක්‍රීඩකයන් වන ඕෂධ ප්‍රනාන්දු සහ අකිල ධනංජය වරින් වර පන්දු රැකීමේ නිරත වෙනවා. එමෙන්ම නවසීලන්ත ඉනිමේදී ක්‍රීඩාගාරයට වී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ඉනිම ආරම්භ කිරීමේ අවස්ථාව දිමුත්ට නොලැබෙන අතර ඔහුට පිටියට පැමිණීමට සිදුවන්නේ අංක 7 හෝ ඉන් පසුව එන පිතිකරුවකු ලෙසය.
එමෙන්ම පන්දු රැකීමේ ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වෙනුවට අතිරේක ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් කඩුලු රැකීමේ නිරත වන බව වැඩි දුරටත් වාර්තා වෙනවා.