News Line| Off Air
Generic placeholder image

Aug
26

ඉනිමක පරාජයෙන් බේරීම සදහා ආබාධයකට ලක් දිමුත් – දික්වැල්ල තරග බිමට

1335 Views


ඉනිමක පරාජයෙන් බේරීම සදහා ආබාධයකට ලක් දිමුත් –  දික්වැල්ල තරග බිමට

නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම සදහා පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලූ 05 දැවී ලකුණු 42 රැස් කරගෙන සිටිනවා.

ආරම්භ පිතිකරු යුගලය වන ලහිරු තිරිමාන්න හා කුසල් ජනිත් දැවී ගියේ ලකුනු ලබා ගැනීමට පෙරයි. නවසීලන්තය සිය පළමු ඉනිම සදහා කඩුලූ 06 ක් දැවී ලකුනු 431 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. බී ජේ වෝල්ටිං නොදැවී ලකුණු 105 යි. ටොම් ලැතම් ලකුණු 154 ක් රැස් කල අතර පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා කඩුලූ 03ක් බිද හෙලූවේ ලකුනු 114 කටයි.

කෙසේවෙතත් ඉනිමක පරාජයෙන් ගලවා ගැනීම සදහා අබාධයකට ලක්ව සිටි නායක දිමුත් කරුණාරත්න සහ නිරෝෂන් දික්වැල්ල නැවත පිටියට පිවිස තරගයට එක්ව සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post