News Line| Off Air
Generic placeholder image

Oct
20

තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට

Generic placeholder image

අපරාධකරුවන් සෙයා ක්‍රියාත්මක කරන විමර්ශනවලදී තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය සමත් වුණා. ඒලෙස අත්අඩංගුවට පත් වුණේ, සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ‘කිඹුල ඇලේ ගුණා‘ නමැත්තාගේ සමීපතමයෙක්. පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 320ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ […]


Oct
20

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වාහන නතර කිරීම තහනම්

Generic placeholder image

කොළඹ – මහනුවර සහ කොළඹ – මීගමුව යන ප්‍රධාන මාර්ගවල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශ හරහා වාහන ධාවනය කිරීමේදී නතර කිරීම තහනම් බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, එම නීතිය අද සිට ක්‍රියාත්මක බවයි.


Oct
20

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද පාර්ලිමේන්තුවට – ඊට අදාළ විවාදය හෙට සහ අනිද්දා

Generic placeholder image

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒම තීන්දුව පසුගිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කර තිබුණේ, පසුගිට 10 වැනිදායි. කැබිනට් අනුමැතිය හිමිවූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව එම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39 ක් විවිධ […]


Oct
20

ඇඳිරිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළදසැල් සහ ඔෞෂධසැල් අද විවෘත කෙරේ

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඔෞෂධසැල් අද දිනය තුළ විවෘතව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ් අනුව අදාළ වෙළදසැල් අද උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබෙනු ඇති. අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට පැමිණීමේදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසට ද සෞඛ්‍ය අංශ මහජනතාවට […]


Oct
20

රිෂාඩ් බදියුදීන් බන්ධනාගාරයට

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවේ අත්අඩංගුවට පත් වූ රිෂාඩ් බදියුදීන් මහතා මේ මස 27 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ්, ඔහුව ඊයේ පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදියුදීන් මහතාව මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරාය පැවසුවා. පසුගිය මහමැතිවරණ සමයේ අවතැන් වූ පුද්ගලයින් ඡන්දය […]


Oct
20

මාකඳුරේ මදුෂ් මරුට

Generic placeholder image

මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්වුණා‍. අද අලුයම ඒම වැටලීම සිදුකර අැති අතර ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා. ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් […]


Oct
19

රිෂාඩ් බදියුදීන් අධිකරණයට

Generic placeholder image

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. ඔහුව මීට සුළු මොහොතකට පෙර අධිකරණය වෙත රැගෙන ආවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි. අද අලුයම දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් දී දින හයකට පසුවයි.


Oct
19

කොරෝනා නිසා පීඩාවට පත් ව්‍යාපාරිකයින්ට බිලියන 178ක ණය මුදලක්

Generic placeholder image

කොරෝනා වෙෙරසය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයින් යොමු කරන ලද ණය අයදුම්පත් සදහා රුපියල් බිලිනයන 178ක් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එලෙස ඉදිරිපත්ව තිබූ අයදුම්පත් සංඛ්‍යාව 61,907ක් වන අතර ප්‍රතිලාභීන් 45,582 දෙනෙකු සදහා අදාළ මුදල් හිමි වනවා. මහ බැංකුව නිවේදනය කළේ, කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර […]


Oct
19

එල්.පී.එල් සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීම තව පැය කිහිපයකින්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන මෙරට ප්‍රධානතම 20-20 ක්‍රිකට් තරගාවලිය හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීම අද සිදු කිරීමට නියමිතයි. අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක තෝරා ගැනීම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 270 දෙනෙකුට ආසන්න විදෙස් ක්‍රීඩකයින්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කර අැති […]


Oct
19

රිෂාඩ් ට සැගවීමට උපකාර කළ හත්දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

අත්අඩංගුවට ගත්, මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට සැගව සිටීමට උපකාර කළ පුද්ගලයින් 7දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසසනවා. අද කොළඹ පැවති පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමින් අජිත් රෝහණ මහතා කියා සිටියේ, අත්අඩංගුවට පත් පිරිස අතර වෙෙද්‍යවරියක් ද සිටින බවයි.


Oct
19

පකිස්තාන අගමැතිට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බල කරමින් විරෝධතා

Generic placeholder image

පකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ඒරට වැසියන් විශාල පිරිසක් විරෝධතාවක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කරච්චි නුවරට රැස්වූ දහස් සංඛ්‍යාත විපක්ෂ ආධාරකරුවන් චෝදනා කළේ, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය රට අස්ථාවර කර ඇති බවටයි. පකිස්තානයේ ප්‍රබල විපක්ෂ කණ්ඩායම් 9 ක් මෙම විරෝධතාවල මූලිකත්වය ගෙන කටයුතු කරන බවයි ඒරට මාධ්‍ය පෙන්වා දෙන්නේ. පකිස්තාන හිටපු […]


Oct
19

රිෂාඩ්ගෙන් ප්‍රශ්න කිරීම් අඛණ්ඩව – ඔහුට සැඟවීමට ආධාර කළ තවත් තිදෙනෙකු සොයා පරීක්ෂණ

Generic placeholder image

අද අලුයම අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුව මේ වනවිටත් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වනවා.‍ මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත් වුණේ, දෙහිවල, ඒබනයිසර් මාර්ගයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැගව සිටියදීයි. ඔහුට සැගව සිටීමට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ අදාළ නිවසේ හිමිකරුද අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගෙන් ද ප්‍රශ්න කිරීම් ආරම්භකර තිබෙනවා. මන්ත්‍රීවරයාට […]


News Articles
Latest Videos
Most Popular Post