ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ ළිඳකට වැටී එකම පවුලේ ළමුන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ, අද උදෑසන සිට ළමුන් තිදෙනා අතුරුදන්ව සිටීම හේතුවෙන් කළ සොයා බැලීමේදී ළිඳ තුළ තිබී ඔවුන්ගේ සිරුරු හමුවී ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 15 ක් හා 12 ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු හා ඔවුන්ගේ 7 හැවිරිදි සහෝදරයායි.
නව කොරෝනා ආසාදිතයින් 47ක් මේ වනවිට හදුනාගෙන තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2,122ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. අද දිනයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 4 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වන අතර සෙසු 43 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ සතිය තුළ පැවැත්වීමට නියමිත විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය කල් දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ, රජය ප්‍රමාද වී හෝ ගැසට් කරන ලද රෙගුලාසි අනුව මෙම විවාදය පවත්වන්නේ නම් දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු බවයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය […]
කොරෝනා වසංගතයේ අවදානම නිසි පරිදි තක්සේරු කර ප්‍රාදේශීය වශයෙන් වසා දැමීමට කටයුතු නොකළහොත් රටම වසා දැමීමේ අවදානමක් මතුවනු ඇතැයි රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව රට තුළ පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 340ක් තුළින් කොරෝනා රතු අවදානම් කලාප වී ඇත්තේ වෛද්‍ය නිලධාරී කොට්ඨාස 25-30 ත් අතර ප්‍රමාණයක්. කොළඹ පැවැති […]
රට තුළ උද්ගත වී ඇති අවදානම් සහගත තත්ත්වයත් සමග තාවකාලිකව අත්හිටුවනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කටයුතු ජනතාවට අපහසුතාවක් නොවන ආකාරයට හෙට සිට යළිත් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ් වෙෙරස ව්‍යාප්තියයට පනවා ඇති නීති රීතිවලට අනුවයි. ඒ අනුව වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම හා වාහන පරීක්ෂාකර වාර්තා […]
ඔස්ට්‍රේලියාව දින 100කට අධික කාලයක් වසා තැබීමත් සමග දැඩිකර තිබූ වෙෙරස නීති ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ් අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ දැඩිව තිබු නීති ලිහිල්කර ඇති බවයි. ඊට හේතු වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තය ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීම පාලනය කිරිමට හැකිවීමයි. ඒ් අනුව අද සිට ඒම ප්‍රාන්තයේ ජනතාවට නිවෙස්වලින් […]
කොරෝනා වෙෙරස් ආසාදිතයින් ඉහළ යාමත් සමග ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සදහා අවශ්‍ය පහසුකම් සකස් කරමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ් අනුව මේ වනවිට ප්‍රාදේශීය මට්ටමෙන් රෝහල් යොදා ගැනීමට කටයුතු කර තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, අදාළ රෝහල්වල පහසුකම් සකස් කිරීම මේ වනවිට අරඹා ඇති බවයි. මේ වනවිට […]
රාජ්‍ය ආයතනවල මහජන දිනය යළි දැනුම් දෙනතුරු නොපැවැත්වීමට අදාළ ආයතන වෙත රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා. ඒහි ලේකම්වරයා පැවසුවේ, රාජ්‍ය ආයතනවල කටයුතු අත්‍යාවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කරන ලෙසට ඒම ආයතන වෙත දැනුම් දී ඇති බවයි. ඒමෙන්ම කොරෝනා වෙෙරසයේ ව්‍යාප්තියත් සමග පුද්ගලයින් එක්රැස්වන ස්ථානවලට යාම හැකිතාත් අවම කළ යුතු බවයි […]
කළුතර බන්ධනාගාරයේ නියාමකවරයෙකු පුත්තලම – සෙනකුඩිඉරිප්පුව ප්‍රදේයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග අදාළ නිලධාරියා අත්අඩංගුවට ගත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පුත්තලම නිලධාරීන් විසින්. ඒම නිලධාරියා සතුව තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 9ක්. අත්අඩංගුවට පත් වූ නිලධාරියාගේ බිරිද උසස් පොලිස් නිලධාරිනියක් බවට ද වාර්තා වනවා.
ලොවපුරා කොරෝනා ආසාදිතයින් හාරකෝටි දෙලක්ෂ 64,210ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ් අනුව කොරෝනා මරණ ගණන ඒකොළොස් ලක්ෂ 18,167ක් දක්වා ඉහළ ගියා. මේ අතර යුරෝපයේ මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් ඇති අතර ප්‍රංශයේ සහ ඉතාලියේ ආසාදිතයින් සංඛ්‍යාව යළිත් ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රංශයේ සහ ඉතාලියේ ආසාදිතයින් වාර්තා වීම පසුගිය දින දෙක තුළ දස දහස ඉක්මවා […]
මතුගම අවට හුදෙකලා කර අැති ග්‍රාම නිලධාරි වසම් තුනෙහි උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට ඒ් සදහා පෙනී සිටීමට වෙනම විභාග මධ්‍යස්ථාන සකස්කර තිබෙනවා. මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසුවේ, ඒ අනුව ඔවුන් පෙනී සිටි විභාග මධ්‍යස්ථානවලම වෙනම පරිශ්‍ර විභාග කටයුතු සඳහා වෙන්කර ඇති බවයි. මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඕවිටිගල , බදුගම සහ බදුගම නව ජනපදය යන ග්‍රාම […]
කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක තිබී රුපියල් මිලියන 100ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 10ක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, රැඳවුම් නියෝග මත සිටින මාකඳුරේ මාධුෂ් ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගත් තොරතුරුවලට අනුව එම හෙරොයින් තොගය සොයාගත් බවයි. සමසරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් නැමැත්තා මෙරට තුළ සිදු වූ සංවිධානාත්මක අපරාධ රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට […]