News Line| Off Air
Generic placeholder image

Oct
17

විදේශයන්වල සිර වී සිටින ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර

Generic placeholder image

කොරෝනා වෙෙරසය හේතුවෙන් විදේශ රටවල සිර වී සිටින ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම ලබන සතියේ සිට අරඹන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. වෙෙරසයේ ව්‍යාප්තියත් සමග මේ වනවිට එම කටයුතු තාවකාලිකව නවතා ඇති අතර දැනට භාණ්ඩ රැගත් ගුවන් යානා මගින් විදෙස් රටවල සිටින පුද්ගලයින් විටින් විට මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, මේ […]


Oct
17

හිටපු ජනපති අදත් පාස්කු කොමිසමට

Generic placeholder image

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට මීට සුළු මොහොතකට පෙර පැමිණියා. හිටපු ජනාධිපතිවරයා පාස්කු කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දෙන්නේ සිව්වැනි දිනටයි. අදාළ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුවරට පෙනී සිටියේ, පසුගිය 05 වැනිදායි. එමෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයා, හිටපු පොලිස්පතිවරයා මෙන්ම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ […]


Oct
17

පොලිස් අත්අඩංගුවේ සිටියදී කාන්තාවක් මියයාම ගැන පරීක්ෂණ

Generic placeholder image

හික්කඩුවේ කාන්තාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භකර ඇතැයි පොලිසිය පවසනවා. මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම් අතුරතුරඇයට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලටඇතුළත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ, ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේය ඇය මියගොස් ඇති බවයි. හික්කඩුව, කලුපේ ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි අදාළ […]


Oct
17

ජින්තුපිටිය ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද

Generic placeholder image

කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද සිදුකරන බව කොළඹ මහනගර සභාව පවසනවා. එහි වසංගත රෝග අංශයේ වෙෙද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවේ, අද දිනය තුළ පී.සී.ආර්. පරීක්ෂණ සියයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි. එමෙන්ම මෙම සතිය තුළ අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ සාම්පල ලබාගෙන එම පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව ද […]


Oct
17

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක් පත්කර තිබෙනවා. පොලිස් මුලස්ථානය පැවසුවේ, එම තනතුරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත්කර අැති බවයි. මින් පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ආර්.පී.ජේ. ද අල්විස් මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස නම්කර ඇති බව ද පොලිස් මූලස්ථානය නිවේදනය කළා. පොලිස් මූලස්ථානය […]


Oct
17

නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල වෙළදසැල් යළි වැසේ

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල සියලු වෙළදසැල් සහ ඔෞෂධසැල් අද සිට යළි වසාදමන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම් දෙන්නේ, පවතින තත්ත්වය යටතේ අනෙකුත් ප්‍රදේශවල ජනතාව ද සංචරණය සීමා කොට කොරෝනා වෙෙරස ව්‍යාප්තිය පාලනය සදහා සහයෝගය ලබාදෙන ලෙසයි. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ආහාර ද්‍රව්‍ය සහ ඔෞෂධ […]


Oct
17

ගම්පහ දිස්ත්‍රික්කයේ 1485කට කොරෝනා

Generic placeholder image

ගම්පහ දිස්ත්‍රික්කය තුළ 1485 දෙනෙකුට කොරෝනා වෙෙරසය අාසාදනය වී අැතැයි මෙතෙක් කළ පී.සී.අාර්. පරික්ෂණවලින් තහවුරු වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා ප්‍රකාශ ක‌ළේ, එම දිස්ත්‍රික්කයේ පී.සී.අාර් පරීක්ෂණ 19,416ක් මේ දක්වා සිදුකර ඇති බවයි. දිස්ත්‍රික්කයේ නිදහස් වෙළෙඳ කලාපවල නිරන්තරයෙන් පී.සී.අාර්. පරීක්ෂණ සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.


Oct
16

අනුලා බුලත්සිංහල කලාවේදිනිය දිවි සැරිය නිම කරයි – දේහය පිළිබද අවසන් කටයුතු හෙට

Generic placeholder image

ප්‍රවීණ කලාවේදිනී අනුලා බුලත්සිංහල මහත්මිය අද පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා. එ්, අසනීප තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක සිට ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. දශක ගණනක් ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කිරීමට අැය සමත් වූයේ සිය විශිෂ්ට රංගන සහ ගායන හැකියාව මොනවට විදහා පාමින්. ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය සහ සිනමා නිර්මාණ රැසකට දායකත්වය ලබා දුන් අැය ඉන් කිහිපයක […]


Oct
16

නිව් ඩයමන්ඩ් කපිතාන් නියම කළ දඩය ගෙවයි

Generic placeholder image

නැගෙනහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට පසුගියදා අධිකරණයෙන් නියම කළ දඩ මුදල ගෙවූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නා. එ්, නඩුව අද කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවේ කැදවූ අවස්ථාවේදීයි. එහිදී අදාළ කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ, තම සේවාදායකයා වරද පිළිගෙන, දඩ මුදල ද […]


Oct
16

කටුනායක වෙළද කලාපය අවදානම් – දිවුලපිටිය සහ මිනුවන්ගොඩ තත්ත්වය යම් දුරකට පාලනය වෙමින් ඇතැයි උපුල් රෝහණ කියයි

Generic placeholder image

කටුනායක වෙළද කලාපය අාශ්‍රිතව කොරෝනා වෙෙරසය අාසාදිත පුද්ගලයින් 135 දෙනෙකු පමණ හදුනාගෙන අැතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ, මෙලෙස කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් එකවර ඒ ආශ්‍රිතව වාර්තා වෙමින් පැවතීම අවදානම් තත්ත්වයක් බවයි. එම තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට උපරීම උත්සහයන් දරමින් සිටින බව ද […]


Oct
16

රියාජ් බදියුදීන්ගේ පෙත්සම සළකා බැලීම මේ මස 20 වැනිදා

Generic placeholder image

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා රියාද් බදියුදීන් මහතා ගොනු කර අැති රීට් පෙත්සම සළකා බැලීමට අභියාචනාධිකරණය අද දින නියම කළා. එ් අනුව එම පෙත්සම කැදවනු ලබන්නේ, ෙම් මස 20 වැනිදායි. පෙත්සම අද කැදවනු ලැබුවේ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. මෙහිදී පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති […]


Oct
16

ඔස්ට්‍රේලියාවේ සිට 12ක් දිවයිනට

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට පුද්ගලයින් 12 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. එලෙස පැමිණි පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා. ත්‍රිවිද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වූ පුද්ගලයින් 397 දෙනෙකු අද සිය […]


News Articles
Latest Videos
Most Popular Post