පොලිස් අත්අඩංගුවේ සිටියදී තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලට අදාළව පූගොඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්කර තිබෙනවා. පූගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ මෙලෙස තහනම්කර අැති බවයි පොලිසිය පැවසුවේ. සොරකමකට අදාළව අත්අඩංගුවට ගත් 21 හැවිරිදි අදාළ තරුණයා පසුගිය 11 වැනිදා හදිසියේ අසනීප වීම හේතුවෙන් රාගම රෝහලට අැතුළත් කර තිබූ අතර එහිදී […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරනගෙන තිබෙනවා. ඒ රිෂාඩ් බදියුදීන් මහතාට අයත් කොළඹ – 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදීයි. ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අදාළ නිවස පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු රිෂාඩ් මන්ත්‍රීවරයාගේ බිරිදගෙන් එම ප්‍රකාශය ලබාගෙන තිබූ බවයි වාර්තා වන්නේ. මේ අතර මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ […]
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් සහ ඉදිරියේ දී සහයෝගීතාව ඇතිකරගත හැකි ක්ෂේත්‍ර පිළිබද මෙහිදී අවධානය යොමුව තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, පසුගිය මාසයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අන්තර්ජාලය ඔස්සේ පැවති සමුළුව පිළිබඳව පසුවිපරමක නිරත වීම මෙම […]
මුලතිව් – කෝකිලායි මාර්ගයේ සිලාවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදු වූ අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොකිලායි දෙසට ධාවනය වු ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ රථවාහන රාජකාරීවල නිරතවෙමින් සිටි පොලිස් සැරයන්වරයෙකුගේ ගැටී මෙම අනතුර සිදුව තිබුණා. පොලිසිය පැවසුවේ, අනතුරින් බරපතළ තුවාල ලැබු පොලිස් සැරයන්වරයා මාන්චෝලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි. මෙලෙස මියගියේ, උලපනේ, ගම්පොළ […]
යුරෝපයේ කොරෝනා වෙෙරස අාසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාම ඉතා අවදානම් සහගත තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කෙසේ වෙතත් පවතින තත්ත්වය ඉකුත් අප්‍රේල් මාසයට වඩා යහපත් බවයි එම සංවිධානයේ යුරෝපා කලාප ප්‍රධානී හෑන්ස් ක්ලූග් ප්‍රකාශ කළේ. එහෙත් වෛරසය ව්‍යාප්ත වීම මර්දනයට පැන වූ රෙගුලාසි ලිහිල් කළහොත් ලබන වසර වනවිට කොරෝනා ආසාදනයෙන් යුරෝපයෙන් වාර්තා වන මරණ […]
සිය සේවා ලබාගැනීම සඳහා භාරදිය යුතු සියලුම අයදුම් පත්‍ර මහනගර සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි සපිරි පියස කවුළුවෙන් භාරගැනීමට කටයුතු යොදා ඇති බව කොළඹ මහානගර සභාව නිවේදනය කළා. නාගරික කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනතාවට මහනගර සභාවේ ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීමෙන් වළකින ලෙසයි. වරිපනම් බදු සහ කුලී ගෙවීම් බැංකු කාර්යාල හරහා මෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකළ හැකි […]
අැදිරි නීතිය පනවා අැති ප්‍රදේශවල වෙළදසැල් හා ඔෞෂධහල් අද දිනය තුළ විවෘතව තැබීමට රජය තීරණය කළේ ඊයේ පස්වරුවේයි. එ් අනුව උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා අැදිරි නීතිය පනවා අැති ප්‍රදේශවල අාහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළදසැල් සහ ඔෞෂධහල් විවෘතව තැබෙනු අැති. අද දිනයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මහජනතාව ක්‍රියා කිරීම ඉතා වැදගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක […]
නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට දඩුවම් පැමිණවීමට අදාළ නිරෝධායන නීති අැතුළත් නව ගැසට් පත්‍රය ඊයේ රාත්‍රී නිකුත් කෙරුණා. එ් අනුව නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට රුපියල් දසදහසකට නොවැඩි දඩයක්, මාස 6ක සිර දඩුවමක් යන දෙකම හෝ ඉන් එකකට යටත් වියයුතු වනවා. අදාළ ගැසට් පත්‍රයේ ව්‍යාපාරික සහ සේවා ස්ථානවලට අැතුළු වීම මෙන්ම පවත්වාගෙන යාම පිළීබදවත් කරුණු […]
බන්ධනාගාර රැදවියන්ට බන්ධනාගාරවල සවිකර ඇති පොදු දුරකතන මාර්ග ඔස්සේ සිය ඥාතීන් අැමතීමට අවස්ථාව සළසන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. එම දුරකතන ඇමතුම් මාසයක කාලයක් නොමිලේ ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් අමාත්‍යවරිය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව හෙට සිට […]
පවතින කොරෝනා අනදානම පාලනය කිරීම සදහා ජාතික රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන් සීමාකර තිබෙනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ, රෝහලේ තදබදය අවම කිරීමේ අවශ්‍යතාව මත සායනවලට රෝගීන් පැමිණීම අවශ්‍ය නොවන අවස්ථාවන්වලදී නිවෙස්වලටම ඖෂධ යැවීමේ වැඩපිළිවෙළක් යොදන බවයි. මීට අමතරව ජාතික රෝහලේ සායනික කාඩ්පත ඉදිරිපත් කර අදාළ ප්‍රාදේශීය රෝහලේ බෙහෙත් ශාලාවෙන් ද ඖෂධ ලබාගත හැකියි. එමෙන්ම රෝගීන් බැලීම […]
කොරෝනා වෙෙරසය ආසාදිත පුද්ගලයින් 23 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3,380ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, අයි.ඩී.එච්, වැලිකන්ද, ඉරණවිල සහ හම්බන්තොට යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගිය බවයි. මේ වනවිට කොරෝනා ආසාදිතයින් […]
කොළඹ මහනගර සභාව මහජනයා සඳහා සති දෙකකට වසා දමා ඇතැයි නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මිය පවසනවා. නගර සභාවේ කාර්ය මණ්ඩලය සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන නමුත් මහජනයා සඳහා වසා දමා ඇතැයි ඇය ප්‍රකාශ කළා. එසේම, ඩීන්ස් පාර මරදාන පිහිටි මහජන ආධාර දෙපාර්තමේන්තු කාර්යාලය ද සති දෙකක් වසා දමා ඇති අතර, එහි කාර්ය මණ්ඩලයටත් මහජනයාටත් යන […]