මෙරටට පැමිණීම සදහා මේ වන විට නිකුත් කර ඇති සියළුම වර්ගයේ වීසා තාවකාලිකව අත්හිටුවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සියළුම ගුවන් යානා වලට මෙරටට පැමිණීම අත්හිටුවීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.
නිරෝධායනයට ලක්වු තවත් පුද්ගලයින් 201ක් අද (25) දිනයේ සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට කරයුතු කර තිබෙනවා. පුනානී නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 57 දෙනෙකු සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 144 දෙනෙකු මේ අනුව අද සිය නිවෙස් බලා පිටව යනු ඇති.
කොරෝනා වෛරස රෝගය වන කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දීය රජය විසින් ගන්නා දැඩි උත්සාහයේ කොටසක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් හෙට(25) මුළු රටම සම්පූර්ණයෙන්ම වසා දමන බව නිවේදනය කළා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින 21 ක් ඉන්දියාව බාහිර ලෝකයට වසා තැබෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.
මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා. ඒ අද සවස් කාලයේදී වෛරසය ආසාධිතවූ රෝගියෙක් තහවුරු කර ගැනීමත් සමගයි.
රජයේ උපදෙස් පරිදි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමේ වැඩපිළිවෙලට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ සහය ලබාගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ, පක්ෂ නායකයන් සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (24) පැවති හමුවේදියි. එම හමුවේ දී පක්ෂ නායකයින්ගේන් ඉදිරිපත් […]
CBD oil and CBD merchandise have been on the rise for fairly some time now they usually’ve confirmed their price in the well being group, not only to us people however to our canine’s, too. Infused with the most effective CBD Oil cash can buy, there may be 5mg of CBD in each 2 treats. They […]
සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් සඳහා නෛතික සහන සැලසීමට ඇති හැකියාව නිර්දේශ කිරීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂ කමිටුව අද (24) ජනාධිපති කාර්යාලයේ […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් 101 දක්වා ඉහළ යයි.
ඇදිරි නීතිය පැවතියද දිවයිනේ සියළුම ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බව සදහන්. මෙහිදී රෝගියාගේ රෝග විනිශ්චය හා ඖෂධ වට්ටොරුව ඇදිරිනීති අවසර පතක් ලෙස සළකන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. එමෙන්ම […]
ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට COVID-19 ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් ඔවුන්ව සමාජයෙන් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම බොහෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති පළ වී තිබීම ගැන ඉතා කනගාටුවට පත් වෙන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා. විශේෂයෙන්ම හෝටල්, පාසල් සහ රෝහල් වැනි පොදු ස්ථානවල දී ගුවන් සමාගම් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහ ඔවුන්ගේ ආසන්නතම […]
අද (24) රාත්‍රියේ සිට හෙලිකොප්ටර් මගින් ගුවනේ සිට විෂබීජ හරණ කටයුතු සිදුකරන බවට සමාජ මාධ්‍ය හරහා පළවන පුවත අසත්‍යයක්. ශ්‍රී ලංකා ගුවන් හමුදාව එවැනි කටයුත්තක් සිදුකරනු නොලබන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළා.
කොරෝනා ආසාධිතයන් 100 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.