News Line| Off Air
Generic placeholder image

Mar
24

දිස්ති‍්‍රක්ක 03 ක් අවදානම් කළාප ලෙස නම් කරයි

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්තිය සළකන විට කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ති‍්‍රක්ක ඉතා අවධානම් කළාප ලෙස හදුනාගෙන තිබෙනවා. මෙම අවධානම් කළාප ලෙස හදුනාගෙන ඇති දිස්ති‍්‍රක්ක වල ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම කි‍්‍රයාත්මකයි. දිස්ති‍්‍රක්ක 03 ක කි‍්‍රයාත්මක වූ ඇදිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සදහා ජනතාව වෙළදසැල් අසල විශාල ලෙස රැස්වී සිටීම […]


Mar
24

ඔලිම්පික් උළෙලත් වසරකින් කල් යයි

Generic placeholder image

නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දැමීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කළ බව එහි සාමාජික ඩික් පවුන්ඩ් විදෙස් මාධ්‍යකට අද (24) සඳහන් කළා. ඒ අනුව වසරකින් මෙම තරගාවලිය කල් දමා තිබෙනවා.


Mar
24

නිරෝධායන කටයුතු අවසන් කළ පළමු පිරිස මධ්‍යස්ථාන වලින් පිටව යයි

Generic placeholder image

පූනානි මධ්‍යස්ථානයේ රැදී සිටි 203 දෙනෙකු සහ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැදී සිටි 108 දෙනෙකු අද දිනයේ නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු එම මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබෙනවා. මොවුන් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තවීමෙන් අනතුරුව මෙරටට පැමිණ තිබුණා.


Mar
23

මෙරට කොරෝනා ආසාධිතයින් 97 දක්වා ඉහළ යයි

Generic placeholder image

දිවයිනේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 97 දක්වා ඉහළගොස් තිබෙනවා.


Mar
23

මෙරට කොරෝනා ආසාධිතයින් 94 දක්වා ඉහළ යයි

Generic placeholder image

දිවයිනේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 94 දක්වා ඉහළගොස් තිබෙනවා.


Mar
23

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

Generic placeholder image

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ජනතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ බලතල අනුව අද (23) සිට සහන රැසක් ප්‍රධානය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පහත සඳහන් සහන ජනතාවට අද සිට ලබා දීමට අදාළ සියලු බලධාරීන්ට ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබාදී ඇති බව සදහන්.


Mar
23

කොරෝනා ආසාධිතයින් 91 දක්වා ඉහළ යයි

Generic placeholder image

අද (23) දිනයේදී නව කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරනවා. ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 91 දෙනෙක් සොයා ගෙන ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියාසිටියේ.


Mar
23

හෙට විශේෂ පක්‍ෂ නායක රැස්වීමක්

Generic placeholder image

පවතින තත්ත්වය පිලිබද සාකච්ඡා කිරීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හෙට විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් කැදවා තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේදී යි.


Mar
23

කොරෝනා මර්දනය සඳහා ජනපතිගෙන් සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක්

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් මාර්තු 15 ඉරිදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය හෙවත් සාර්ක් හවුලේ රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සම්මන්ත්‍රණයේ දී මෙම අරමුදල ස්ථාපනය කරනු ලැබුවා.


Mar
23

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1754 ක් අත්අඩංගුවට

Generic placeholder image

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන මඟින් අද(23) උදෑසන 6 වන විට පුද්ගලයින් 1754 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 2020.03.20 වන දින පස්වරු 6 සිට පනවන ලද ඇඳිරි නීතිය අද උදෑසන 6 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වුණා. එහිදී අත්අඩංගුවට පත් පිරිස සහ යතුරු පැදි, ත්‍රීරෝද රථ ඇතුළු අනෙකුත් වාහන […]


Mar
23

දිස්ත්‍රික් 8ක හැර සෙසු ප්‍රදේශවල ඇදිරි නීතිය 26 වනදා තෙක් ක්‍රියාත්මකයි

Generic placeholder image

දිස්ත්‍රික් 8කට හැර සෙසු ප්‍රදේශ සඳහා අද පෙරවරු 6.00 ඇදිරි නීතිය ඉවත් කර ඇති අතර අදාළ දිස්ත්‍රික්කවලට අද(23) දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වේ. එය 26 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලබනවා. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට […]


Mar
23

මෙම මසට අදාළ වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින්

Generic placeholder image

2020 මාර්තු මාසයට අදාළ වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින් ගෙවීමට පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි අදාළ දිමනාව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමට හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. මෙහීදි සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කළ යුතු බැවින් ග්‍රාම නිලධාරී හමුවීමට පෙර වෙලාවක් වෙන්කර ගැනීමට ද […]


News Articles
Latest Videos
Most Popular Post