News Line| Off Air
Generic placeholder image

Mar
23

බොරතෙල් නැවක් කොළඹ වරායට පැමිණෙයි

Generic placeholder image

කිසිඳු බොරතෙල් හිඟයක් නොමැති පසුබිමක ඊයේ(22) බොරතෙල් නැවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. ජනතාවට අවශ්‍ය ගෑස් ලබාදීමට ගෑස් ටැංකි පිරවීමට ලිට්රෝ ගෑස් සමාගම කටයුතු කරමින් සිටිනවා. ලාෆ්ස් ගෑස් සමාගමද පවසන්නේ හිඟයකින් තොරව ගෑස් වෙළෙඳපොළට සැපයිය හැකි බවයි. මේ අතර බේකරි ආහාර බෙදාහරින ජංගම වෙළෙඳුන් හෙවත් චූන් පාන් වෙළෙඳුන් හට නිවෙස්වලටම ගොස් ආහාර විකිණීමට රජය දැඩි කොන්දේසි […]


Mar
23

ලොව පුරා කොරෝනා මරණ 14000 ඉක්මවයි – ආසාධිතයින් තුන් ලක්ෂ තිස්දහස ඉක්මවයි

Generic placeholder image

නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට 14,611ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉතාලියේ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 5476 ක්. මේ අතර අමෙරිකානු සෙනෙට් සභිකයෙක්ද වෛරසයට ගොදුරුවී ඇති බව ඊයේ නිවේදනය කළා. රටවල් 190 ක පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසයෙන් අද වන විට මරණ 14,611 ක් වාර්තා වී ඇති අතර […]


Mar
22

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලීමක්

Generic placeholder image

මහජනතාවට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා හෙට (23) දින පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලින් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් හැකි සෑම විටම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා මංගත උපකරණ (on-line instruments) භාවිත කරන […]


Mar
22

එමිරේට්ස් සියලු ගුවන් ගමන් අත්හිටුවයි

Generic placeholder image

එමිරේට්ස් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් සේවා කටයුතු මාර්තු 25 වනදා දක්වා තාවකාලිකව නවතා දමා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය මේ බව සදහන් කළා.


Mar
22

කොරෝනා ආසාධිතයින් 81 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළට ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.


Mar
22

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 80 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.


Mar
22

ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන කාල සීමාවේ බේකරි නිෂ්පාදන නිවෙස් වෙත බෙදාහැරීමේ වැඩපිළිවෙලක්

Generic placeholder image

ඇදිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළදී පවා බේකරි නිෂ්පාදන නිවෙස් වෙත බෙදාහැරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. රජයේ අවසර පරිදි එම කටයුතු සලසා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කළා.


Mar
22

මහරගම නාගරික මන්තී‍්‍රගෙන් ප‍්‍රදේශයේ ජනතාවට සහනයක්

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් දිවයින පුරා කි‍්‍රයාත්මක වන ඇදිරි නීතිය හමුවේ ආහාර පාන සපයාගැනීමට පවා මිනිසුන් පත්ව ඇති අපහසුතාවයන්ට කිසියම් අස්වැසිල්ලක් වෙමින් මහරගම නාගරික මන්තී‍්‍ර කුමාර නීලවෙල මහතා අද දින මහරගම වත්තේගෙදර අතුරු මාර්ග වල පාන් බෙදීමේ වැඩපිළිවෙලක නිරත වී තිබෙනවා. ඡායාරූප පහතින්


Mar
22

විදුලි බිල් ගෙවීම සදහා සහන කාලයක්

Generic placeholder image

ජනතාවට විදුලි බිල් ගෙවීම සදහා මාර්තු 31 දක්වා සහන කාලයක් ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීම මහතා සදහන් කළා.


Mar
22

කොරෝනා ලොව පුරා රටවල් 188 ක් බිලිගනී

Generic placeholder image

නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 188 ක ව්‍යාප්ත වී තිබෙනවා.


Mar
22

මෙරට කොරෝනා ආසාධිතයින් 77 න් 48 ක්ම විදේශගතව සිට පැමිණි අය බව හෙළිවෙයි

Generic placeholder image

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 77 දෙනාගෙන් 48 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පෙන්වා දී තිබෙනවා. එමෙන්ම ආසාධිත රෝගීන් 27 දෙනෙකු විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සමග සමීපව ඇසුරු කළ පුද්ගලයන් බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. අනෙක් දෙදෙනාට රෝගය ආසාදනය වූ ආකාරය පිලිබදව […]


Mar
22

අනුරාධපුර බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියෙන් තවත් රැඳවියෙක් මියයයි

Generic placeholder image

අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවු වෙඩි තැබීමෙන් තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) දින සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරය තුළ රැඳී සිටි රැඳවියන් විසින් සිදුකරන ලද විරෝධතාවයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට යෑමේ දී නොසන්සුන් තත්ත්වයක් හට‍ ගත් බව පොලීසිය සදහන් කළා. ඒ අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ඉන් මිදී පලා යෑමට උත්සහ […]


News Articles
Latest Videos
Most Popular Post