දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද(21) දිනයේ නව ආසාදිතයින් පස් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ යි.
කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක වලට කි‍්‍රයාත්මක වන ඇදිරි නීතිය ලබන අගහරුවාදා දක්වා දීර්ඝ කර තිබෙනවා. එදිනම පස්වරු 02 ට යළිත් එම දිස්ති‍්‍රක්ක වලට නැවත ඇදිරි නීතිය පනවන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. අනෙක් දිස්ති‍්‍රක්ක වල ඇදිරි නීතිය සදුදා උදෑසන 6 ට ඉවත් කෙරෙන අතර නැවත එදිනම දහවල් 02 සිට යළි කි‍්‍රයාත්මක වනවා. […]
ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 100 කට ආසන්න ප‍්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළා.
කොරෝනා රෝගීන් සිව්දෙනෙක් අද දිනයේදී අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 76ක් වනවා.
නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 185ක ව්‍යාප්ත වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව සිම්බාබ්වේ සහ පැපුවා නිව්ගිනියාව ඇතුළු රටවල් හතරක, පළමු කොරෝනා ආසාධිතයන් ගත වූ පැය 24 තුළ වාර්තා වුණා. මේ අතර දිනක් තුළ වැඩිම නව කොරෝනා වෛරස ආසාදිතයින් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉතාලියෙන්. චීනයේ වූහාන් නගරයෙන් ඇරඹී […]
ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 48 දෙනෙකු මේ වන විට දිවයින පුරා විවිධ ප‍්‍රදේශ වලින් අත්අඩංගුවට ගෙන ඇති අතර මීට අදාල මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළා.
මෙරටින් පිටවීම සඳහා ගුවන් තොටුපල වෙත යාමට ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට නොහැකිව සිටින විදේශිකයන් වහාම තමන්ට ළඟම අති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙනවා.
දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි වන්දනාකරුවන් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. වන්දනාකරුවන් 210 දෙනෙකු ඊයේ(20) රාත්‍රී කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බව සදහන්. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රි ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 196 දරන ගුවන් යානයෙන් එම පිරිස දිවයිනට පැමිණ තිබෙනවා. මොවුන් සියලු දෙනා යුද හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් […]
නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් අඛන්ඩව තෙවන දිනටත් නව ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නොමැති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසනවා. ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 41 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් බව චීන සෞඛ්‍ය කොමිසම පෙන්වා දුන්නා. පසුගිය වසරේ දෙසැම්බර් මස අගභාගයේ දී චීනයේ වුහාන් […]
ඇඳිරි නීතිය වෙලාවේ ආපන ශාලාවක් විවෘත කළ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හපුතලේ පොලිස් වසමේ බඳුල්ල පාර, හපුතලේ ප්‍රදේශයේ දී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ ආපන ශාලාවක් විවෘතව තබා ගත් පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. ඊයේ(20) රාත්‍රී 10.10ට පමණ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරු වයස අවුරුදු 35 ක් වු නීව්වෘඩ් […]
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව හැත්තෑ දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ පස්වරුව වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවා. ඔවුන් අතරින් දෙදෙනෙකු පොළොන්නරුව මහ රෝහලෙන් ද තවත් අයෙකු අනුරාධපුර මහ රෝහලෙන් ද වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යවරිය සදහන් කළා. එම […]
අද (20) සවස් කාලයේදී කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් හමුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වෛරස් රෝගීන් ගණන 72ක් වන බව ඔහු පවසනවා.