News Line| Off Air
Generic placeholder image

Mar
20

දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 81ක් පිරිමි පුද්ගලයින්

Generic placeholder image

මෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ආසාදිතයින්ගෙන් සියයට 45යි දශම දෙකක පිරිසක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බවයි. ආසාදිතයින්ගෙන් සියයට 16යි දශම 7ක් වයස අවුරුදු 31ත් 40ත් අතර පුද්ගලයින් වන බව ද වසංගත රෝග විද්‍යා අංශය […]


Mar
20

අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

Generic placeholder image

ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ අඩු කර ‍නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(20) දිනයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කියා සිටියා. මුළු ලෝකයම කොරෝනා ‍වසංගතයට මුහුණ දී ඇති අතර වසංගතය පැතිරිමට ගත් මොහොතේ සිට දැඩි අවධානයකින් වත්මන් රජය කටයුතු කළ බව මෙහිදී අදහස් දක්වමින් […]


Mar
20

ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවේ මුහුදට ගිය පුද්ගලයින් 20 ක් අත්අඩංගුවට

Generic placeholder image

ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ මුහුදට ගිය පුද්ගලයින් 20 දෙනෙකු කොච්චිකඩේ සහ පුත්තලම් වෙරළට ඔබ්බෙන් ප්‍රදේශයේදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Mar
20

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 70ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.


Mar
20

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළට

Generic placeholder image

අද (20) දිනය තුළ මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.


Mar
19

ජාඇලට-වත්තලට පොලිස් ඇඳිරි නීතිය පනවයි

Generic placeholder image

අද(19) රාත්‍රී 10.00 සිට ජාඇල, වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි.


Mar
19

දිස්ත්‍රික්ක කිහිපයක නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි

Generic placeholder image

අද(19) දහවල් 12.00 සිට නාම යෝජනා භාර ගැනීම අවසන් වීමෙන් පසු පස්වරු 01.30 දක්වා කාලය තුළ විරෝධතා ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබාදී තිබුණා. එම විරෝධතා සලකා බැලීමෙන් පසු විවිධ පක්ෂවලින් ඉදිරිපත් කළ නාමයෝජනා දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ අනුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අපේ ජනබල පක්ෂය විසින් කොළඹ, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් කළ නාමයෝජනා […]


Mar
19

සියලුම රාජ්‍ය සේවකයින්ගේ මාර්තු වැටුප ලබන 23 වනදාට

Generic placeholder image

සියලුම රාජ්‍ය සේවකයින්ගේ මාර්තු මස වැටුප ලබන 23 වනදා ලබාදීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතාට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා. ඒ අනුව සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළු සියලුම රජයේ සේවකයින් සඳහා මේ මස වැටුප ලබන 23 වනදා […]


Mar
19

නඩු කටයුතු සිදුවන ආකාරය ගැන අධිකරණ කොමිසමෙන් විශේෂ චක්‍රලේඛයක්

Generic placeholder image

හදිසි සහ අත්‍යවශ්‍ය යැයි විනිසුරුවරයා විසින් තීරණය කරනු ලබන නඩු හැර වෙනත් කිසිදු නඩුවක් විවෘත අධිකරණයේ නොකැඳවන ලෙසට චක්‍රලේඛයක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් හෙට සිට ලබන 27 වනදා දක්වා පැවැත්වෙන නඩු කටයුතු ඉලක්ක කර ගනිමින් මෙම චක්‍ර ලේඛය නිකුත් කළ බව සදහන්. වාණිජ මහාධිකරණ, […]


Mar
19

ඡන්ද ප‍්‍රතිඵල අහන්න වගේ ගෙවල් දෙක තුනකට එකතු වෙන්න එපා

Generic placeholder image

ඊයේ දිනයේ පුත්තලම ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය කි‍්‍රයාත්මක කළ අතර එහිදී මහජනතාව පාරට නොපැමිණියද නිවෙස් කිහිපයක අය එක නිවෙසකට පැමිණ සාද පවත්වන බව එම ප‍්‍රදේශ වල පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් දැනගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ. ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ කොරෝනා වෛරසය වැළැක්වීමේ අරමුණෙන් වන අතර එහිදී මිනිසුන් එක්ව කටයුතු කිරීමට නොව හුදෙකලා […]


Mar
19

සිංගප්පූරුවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යයි

Generic placeholder image

සිංගප්පූරුව තුළ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. ගතවූ පැය 24 ක කාලය තුළ එරටින් නව ආසාදිතයින් 47 දෙනෙකු හදුනාගෙන ඇති අතර එක් දිනක් තුළ සිංගප්පූරුවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ආසාදිතයින්ගෙන් 33 දෙනෙකුම යුරෝපා, උතුරු අමෙරිකා සහ ගිනිකොන දිග ආසියානු කලාපීය රටවලින් පැමිණි […]


Mar
19

කොරෝනා වෛරසයෙන් ලොවපුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9000 ඉක්මවයි

Generic placeholder image

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9000 ඉක්මවූ බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාතනය සඳහන් කරනවා. ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 9,115ක් වන අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 222,643ක්. ගතවූ පැය 24 තුලදී වාර්තා වන මරණ සංඛ්‍යාව 1108ක් වන අතර වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 21,000 කට අධිකයි. […]


News Articles
Latest Videos
Most Popular Post