ශ්‍රී ලංකාවට පැමිණ මේ මොහොතේ රට තුළ රැඳී සිටින විදේශික ජනතාවට හිරිහැර කිරිමෙන් වළකින්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අද(19) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක‍්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඍජු දායකත්වයක් විදේශිකයින් විසින් ලංකාවේ ආර්ථිකයට දක්වන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී සඳහන් වැඩිදුරටත් පැවසුවා.
මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිසම ගත් තීන්දුව ප්‍රශංසනීය බව කැෆේ සංවිධානය අවධාරණය කරනවා. රටේ පවතින අයහපත් සෞඛ්‍යමය වාතාවරණය මැනවින් වටහා ගැනීම පිළිබඳව මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කළ යුතු බව එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නා. පවතින වාතාවරණය මත ජනතාව එක් රැස් වීම නිවෙස්වලින් පිටතට යාම අනතුරුදායක තත්ත්වයක් බවද සඳහන් කරන ඒ […]
මෙරට කොරොනා වෛරසය ආසාදිතයින් සංඛාව 59ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට කොරෝනා ආසාධිතයින් 56 දක්වා ඉහළ ගොස් ඇති බව මේ වන විට කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂක විශේෂඥ අනිල් ජාසිංහ මහතා තහවුරු කළා.
මාර්තු 20, එනම් හෙට සිට 27 දින දක්වා සතියක කාලයක් රජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් සේවා ස්ථානවලට වාර්තා කිරීම අවම කිරීම සඳහා දුරස්ථ ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිය කාර්යාලයේ රාජකාරි ඉටු කිරිමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා.
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට යළිත් බලපැවැත්වෙන පරිදි නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයටත්, මීගමුව කොච්චිකඩේ පොලිස් වසමටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (19) පෙරවරු 8 ට අවසන් වුණා. පොලිස් මූලස්ථානය […]
පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල 25 පැවැත්විමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. ඒ් මහතා මේ බව කියා සිටියේ මේ වන විට පැවත්වෙන මාධ්‍ය හමුවේදියි
රට තුළ පැතිර යන කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා නිවසේ සිටම ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නිවසේ සිට නිරෝධායනය වීම යනු කුමක්ද? එහිදී අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු 10ක් තිබේ. එනම් 01. නිරෝධායනයට ලක්වන පුද්ගලයා හොඳ වාතාශ්‍රයක් සහිත වෙනම කාමරයක පවුලේ සෙසු සමාජිකයන්ගෙන් වෙන්ව සිටීම. 02. පවුලේ ඕනෑම සාමාජිකයෙකු සමග ගනුදෙනු […]
ලොකු ළූණු අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව ලොකු ළූණු අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 150ක් වන බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා.
ජෝන් හොප්කින්ස් (JOHNS HOPKINS) විශ්වවිද්‍යාලයේ කොරෝනා වයිරස් සම්පත් මධ්‍යස්ථානය විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව, බදාදා පස්වරු 5.00 වන විට ලෝකයේ මුළු කොවිඩ් -19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 201,436ක් බවට වාර්තා වනවා. මරණ 8007 ක් වාර්තා වී ඇති අතර වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ චීනයෙන්. එම ගණන 3,122ක්. ඉතාලියේ 2,503 ක් සහ ඉරානයේ මරණ 988ක් […]
දැඩි සීමා යටතේ පෞද්ගලික රෝහල් වලට පී.සී.ආර් පරීක්ෂණය කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබෙනවා. රු.6000ක උපරිම මිලකට යටත්ව එම පරීක්ෂණ සිදු කිරීම කළ යුතු බව සදහන්.
චාරිකා හා විනෝද ගමන් සම්පූර්ණයෙන් රජය විසින් අද(18) දින සිට තහනම් කර තිබෙනවා. රජය විසින් ඊයේ(17) දිනයේ සිට හෙට(19) දිනය දක්වා දින 3ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එවන් තීරණයක් ගනු ලැබුවේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් ලෙසින් බවද එවැනි අවස්ථාවක විනෝද චාරිකා යෑම සම්පූර්ණයෙන්ම තහනම් වන බවද සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි […]