අද (18) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 8 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද(18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර ති බෙනවා. රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත්ව තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස් පරිදි මෙම […]
සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(18) සමගි ජන බලවේග කාර්යාලයේදී සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා. ඒ කොළඹ දිස්ත්‍රීක් කණ්ඩායම් නායක ලෙසයි. මේ අතර රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ඉදිරි මැතිවරණයට අදාල එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා පත්‍ර මැතිවරණ කොමිසම වෙත ලබා දෙන්නේද, නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ […]
2020 මහමැතිවරණයට නාමයෝජනා භාරදීම සඳහා නම්කර ඇති අවසන් දිනය හෙටයි(19). අදත් දේශපාලන පක්ෂ නියෝජිතයින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාමයෝජනා පත්‍ර භාර දී තිබෙනවා. ජාතික ජනබලවේගය ගාල්ල දිස්ත්‍රික්කය සඳහා වන නාමයෝජනා පත්‍රය භාරදීම සඳහා අද පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහාද ජාතික ජනබලවේගය අද පෙරවරුවේ නාමයෝජනා පත්‍ර භාරදෙනු ලැබුවා. ජාතික ජනබලවේගය ගම්පහ […]
කොවිඩ් 19 ආසාදනය කෙල බිඳිති මගින් පැතිර යන ආසාදනයක් බැගින් මහජන සුභ සිද්ධිය සඳහා දන්ත ශල්‍යාගාර වල සිදුකරන ප්‍රතිකාර සීමා කිරිමට සිදුව ඇති බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සඳහන් කරනවා. ඒ අනුව වේදනාව, ඉදිමීම, සැරව ගෙඩි ආදිය සහිතව පැමිණෙණ රෝගීන් හා හදිසි අනතුරුවලින් දත් කැඩී යෑම, හකු අස්ථි බිඳීම් ආදිය සමග පැමිණෙන රෝගීන් සඳහා […]
රටේ ව්‍යාපරික කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන වලින් දී ඇති ණය අය කිරිම මාස 6කට නතර කිරීමට තමන් අණ කරණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද (17) ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. එමෙන්ම ආර්ථිකමය තවත් සහන රැසක් ලබා දීමට කටයුතු කරන බවද ඒ […]
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකටත්, සැමන් ටින් 01ක් රුපියල් 100 ක උපරිම සිල්ලර මිළකටත් අලෙවි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබෙනවා.
2020 වසරේ මාර්තු 16 වනදා සිට අප්‍රේල් 15 වනදා දක්වා දිනයන්හිදි අවලංගු වීමට නියමිතව ඇති රියදුරු බලපත්‍ර වල වලංගුභාවය ජූනි මස 30 වනදා දක්වා කල් දමා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළා.
මෙරටින් හමුවූ කොවිඩ්-19 හෙවත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා ආසාදිත රෝගීන් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.
පසුගිය පළමුවනදා සිට මේ වන තෙක් විදෙස් රට වල සිට ශ්‍රී ලංකාවට පැමිණි පිරිසට දුරකථන මාර්ග හරහා ලියාපදිංචි වීම සඳහා තවත් දුරකථන අංක 5ක් විවෘත කර තිබෙනවා. කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (17) මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවා. එම දුරකතන අංක […]
ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිම පිරිසක් සිටින්ගේ පුත්තම් දිස්ත්‍රික්කයේ බැවින් ඔවුන් සෑම විටම සෞඛ්‍ය අංශය දැනුම් දෙන සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කොරොනා වෛරසය අසාධනය වී ඇති නම් වහාම ඒ සම්බන්ධයෙන් අදාල අංශ වෙත දැනුම් දිය යුතු බවත් එම වෛරසය වෙනත් කෙනෙකුට බෝ […]
කොරෝනා වෛරස වැළැක්වීමේ ඇඳුම් කට්ටල තොගයක් අතුළු තවත් භාණ්ඩ කිහිපයක් ඇමරිකානු එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී.ටී. ප්ලිට්ස් මහත්මිය විසින්. ඇමරිකානු එක්සත් ජනපද විසින් පරිත්‍යාග කරන ලද භාණ්ඩ අතර ඩියුපොන්ට් ටයිවෙක් ඕවරෝල් ඇඳුම්, නයිට්‍රයිල් ඇත්වැසුම්, බර වැඩෙහි දී යොදාගත හැකි අත්වැසුම්, බුට් ආවරණ සහ පිරිසදුකාරක […]