News Line| Off Air
Generic placeholder image

Mar
17

Update – දිවයිනේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට

Generic placeholder image

දිවයින පුරා මේ වන විට කොරෝනා වෛරසය ආසාධිතයින් 34 ක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය තහවුරු කළා. ඒ අනුව අද දිනයේදී කොරෝනා වෛරසයට ගොදුරු පුද්ගලයින් 06 දෙනෙක් හමුවූ බවයි අමාත්‍යවරිය සඳහන් කර සිටියේ. මේ අනුව අද දින හදුනාගත් කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් 6 දෙනා පිලිබද විස්තර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් […]


Mar
17

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට තද වැසි

Generic placeholder image

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශ වල පවතින කි‍්‍රයාකාරි වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප‍්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ධීවර සහ නාවික ප‍්‍රජාව මේ පිලිබදව අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.


Mar
17

අද සිට සති දෙකක් බන්ධනාගාර රැඳවියන් බැලීම තහනම්

Generic placeholder image

අද සිට සති දෙකක කාලයක් බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන් කිසිවෙකුටත් අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් කියා සිටියා.


Mar
17

කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී තනතුර හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අංක. 1090, ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරිය ලිපිනයේ ස්ථාපනය කර ඇති කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර තිබෙනවා. මහජන සුභසිද්ධිය සහතික කිරීම සඳහා පොදු සෞඛ්‍ය හා සෙසු සේවාහි මනා සම්බන්ධීකරණයකින් යුත් නිවාරණ හා කළමනාකරණ පියවර ගන්නා බවට සහතික කිරීමේ […]


Mar
17

කොරෝනා නිරෝධායන මෙහෙයුම්වලට සම්බන්ධ යුධ හමුදා නිලධාරියෙකුටත් කොරෝනා

Generic placeholder image

කොරෝනා නිරෝධායන මෙහෙයුම්වලට සම්බන්ධ වූ යුධ හමුදා නිලධාරියෙකුට, එම වෛරසය ආසාදනය වී ඇති බව හමුදා ප්‍රකාශකවරයා දැනුම් දී තිබෙනවා.


Mar
17

අද මධ්‍යම රාත්‍රියේ සිට කටාර්, බහරේන් සහ කැනඩා වලින් ලංකාවට ඇතුළු වීම තහනම්

Generic placeholder image

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා යන රට වලින් පැමිණෙන සියලු මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරනවා.


Mar
16

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිළධාරියෙකුටත් කොරෝනා වැළදෙයි

Generic placeholder image

ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකුටත් කොරෝනා වෛරසය වැළදී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ හේතුවෙන් ඔහු ඇසුරු කළ කාර්ය මණ්ඩලයට ස්වයං නිරෝධානයකට ලක්වීමට උපදෙස් ලැබී තිබෙනවා. මෙම පුද්ගලයා කොළඹ පැවති වාර්ෂික කි‍්‍රකට් මහා තරගයක් නැරඹීමටද ගොස් සිට ඇති බවයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වන්නේ. මෙරට වාර්තා වී ඇති කොරෝනා ආසාධිතයින් 28 දෙනාට මොහුද […]


Mar
16

මුහුණු ආවරණ වලට උපරිම සිල්ලර මිලක්

Generic placeholder image

ඉවත දැමිය හැකි මුහුණු ආවරණ රුපියල් 50ක් හා N95 වර්ගයේ මුහුණු ආවරණ රුපියල් 325 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.


Mar
16

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 28 දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා වෛරසය ආසධිත වූ තවත් පුද්ගලයින් 06 දෙනෙක් සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 28 ක්.


Mar
16

සැනිටයිසර් බෝතල් 5 ක් සොරකම් කළ අයෙක් දින 14 ක් රිමාන්ඩ්

Generic placeholder image

කොරෝනා වෛරසය පැතිර යන පසුබිමක සැනිටයිසර් හෙවත් අත්පිසිනා දියර බෝතල් 5 ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොංකොං හි පුද්ගලයෙකු දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 47 හැවිරිදි අදාල පුද්ගලයා එම චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක්වුන් ටොන් මහේස්ත්‍රාත් අධිකරණය අද පස්වරුවේ නියෝග කර ඇති බව වාර්තා වනවා. අදාල සැකකරු සොරකම් කර […]


Mar
16

සියලු අධිකරණවල මාර්තු 17-20 දක්වා වු නඩු කල්යයි

Generic placeholder image

මාර්තු 17 සිට 20 දක්වා වන කාලය තුළ සියලු අධිකරණවල ගැනීමට නියමිතව තිබූ නඩු කෘත්‍ය කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවට අප්‍රේල් මුල් සතියේ දී නඩු විමසීම සිදු කරන බවත් නැවත දින නියම කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් පවසනවා. අධිකරණය පරිශ්‍රවල ජනතාව රැස්වීම සීමා කිරීමේ අරමුණින් ,නඩු කටයුතු තාවකාලිකව කල් දැමීම පිළිබඳ හෙට තීරණයක් ගන්නා […]


Mar
16

ග්‍රහලෝකාගාරය හෙට සිට තාවකාලිකව වසා දමයි

Generic placeholder image

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට(17) සිට තාවකාලිකව වසා දමා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ කේ.අරුණු ප්‍රභා පෙරේරා මහත්මිය මේ බව දැනුම් දුන්නා. ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර විවෘත කරන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post