මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 219 දක්වා ඉහළ නංවමින් ඊයේ රාත්‍රී තවත් මරණ දෙකක් පිළිබද තොරතුරු වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවේ දෙහිවල සහ අලව්ව යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එලෙස මිය ගිය බවට තොරතුරු ලැබී ඇති බවයි. ඔවුන් අවුරුදු 60 සහ 78 යන වයස්වල පසු වූවන්. […]
ඊයේ රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් වසම් කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඒ අනුව හුදෙකලාකර තිබූ කොටහේන, ආදුරුප්පු වීදිය, රුවන්වැල්ල යන පොලිස් වසම් සහ කුරුදුවත්ත පොලිස් වසමේ 60 වත්ත ප්‍රදේශය එම තත්ත්යෙන් ඉවත් වනු ඇති.
ගාල්ලේ ප්‍රධාන පෙළේ පාසලක පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත්කර දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා පවසා ඇත්තේ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග තමන්ට සමීප සබදතා පැවැතීම හේතුවෙන් දරුවා අදාළ පාසලට ඇතුළත්කර දීමට හැකි බවයි. ඒ සදහා රුපියල් ලක්ෂ හයක මුදලක් අවශ්‍ය බවත් ඔහු පවසා තිබුණා. කෙසේ වෙතත් එම පුද්ගලයා සිදු […]
දෙන්නෙක් කසාද බඳින්නේ විදි දෙකකින්. එක්කෝ ආදරේ කරලා, නැත්තම් විවාහ යෝජනාවකින්.. ඔය කොයි විදිහට කසාද බැන්දත්, බැන්දට පස්සේ ඇති වෙන ප්‍රශ්න නිසා සමහර වෙලාවට කසාදේ කැඩිලා යන වෙලාවලුත් තියෙනවා.. සමහර වෙලාවට දිග්ගැස්සෙන ප්‍රශ්න ගැන පස්සේ වෙලාවක හිතලා බලද්දි ඇත්තටම එතන දිග්ගැස්සෙන්න තරම් ප්‍රශ්නයක් තිබිලා නෑ. කසාද බදින තරම් ලේසි නැතිලුනේ බැන්ද කසාදේ රැකගන්න. ඉතිං බැන්ද […]
ඉකුත් 31 වැනිදා පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය කොරෝනා ආසාදිත රැඳවියන් පස් දෙනාගෙන් තවත් අයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඒ ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව ප්‍රදේශයේදීයි. එලෙස අත්අඩංගුවට ගත් තැනැත්තා 52 හැවිරිදි වියේ පසු වූ රැදවියෙක් වන අතර ඔහුට රැඳී සිටීමට උපකාර කළ පුද්ගලයාව ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එලෙස පළා […]
කොරෝනා වෙෙරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු බෞද්ධ දහම් පාසල් යළි විවෘත කිරීමට තීරණයකර තිබෙනවා. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පැවසුවේ, දැනට හුදෙකලාකර ඇති ප්‍රදේශවල පිහිටි දහම් පාසල් හැර සෙසු ප්‍රදේශවල දහම් පාසල් විවෘත කිරීමට තීරණයකර ඇති බවයි. ඒ අනුව එළැඹෙන 17 වැනි ඉරිදා සිට යළි දහම් පාසල් ආරම්භ කෙරෙන බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
යාපනය විශ්වවිද්‍යාලයේ වෙෙද්‍ය සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඔහුගේ ඥාතීන් ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක්කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ වෙෙද්‍ය පීඨයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අදාළ සිසුවාගේ සිරුර ඉකුත් නොවැම්බර් මස විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ එල්ලෙමින් තිබියදී සොයා ගැනුණා. එම සිසුවාගේ සොහොයුරා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ සිය දිවි නසා ගැනීමට […]
දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා. එම සාකච්ඡාව පැවැත්වුණේ, ජනාධිපති කාර්යාලයේදීයි. එමෙන්ම ඒ මහතා අද උදෑසන විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමු වී තිබෙනවා. ජයශංකර් මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට ද නියමිතයි. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා […]
12 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික දැරියක් TikTok සමාගමකට එරෙහිව නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඇයගේ පෞද්ගලික දත්ත සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චාේදනා කරමින්. ලොව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාලයක් වන අදාළ සමාගම සිය ග්‍රාහකයින්ගේ පෞද්ගලික තොරතුරු අවභාවිත කරන බවට චෝදනා ලැබ තිබුණා. අදාළ සමාගම වරදකරු බවට එරට මහාධිකරණය තීන්දුකර ඇති බවයි විදෙස් […]
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. මෙම තරගය දින තුනක් තුළ අවසන් වූ අතර තරග 2-0ක තරගාවලි පරාජයක් වැලද ගැනීමටයි ශ්‍රී ලංකාවට සිදු වුණේ. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 67ක පහසු ඉලක්කය එක කඩුල්ලක් හෝ නොදැවී සම්පුර්ණකර […]
නීති විරෝධීව මෙරටට රැගෙනවිත් තිබූ කහ කිලෝ 1,128 ක් මෝදර ප්‍රදේශයේදී පොලිසිය භාරයට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ කහ තොගය මුහුදු මාර්ගයෙන් දිවයිනට රැගෙනවිත් තිබූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ලොරියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර එලෙස නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වන ලද කහ තොග ගණනින් පසුගිය කාලයේදී රේගු භාරයට […]
පසුගියදා පැහැර ගැනීමට ලක් වූ තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමගේ ඝාතනයට හේතු වූ කරුණු රැසක් අනාවරණ වී තිබෙනවා. පොලිසිය පැවසුවේ, එම ආරණ්‍යයේ වැඩ වාසය කළ කුඩා හිමිනමකට සිදු වූවේ යැයි පැවසෙන අතවර සිද්ධි කිහිපයකට අදාළ වීඩියෝ පට මුදා හරින බව පවසමින් ඝාතනයට ලක් වූ හිමිනමගෙන් මුදල් කොල්ල කෑමට අපරාධ කල්ලිය උත්සාහකර ඇති බවයි. එම අපරාධය […]