News Line| Off Air
Generic placeholder image

Jan
4

පෞද්ගලික ආරවුලක් නිසා පහර කෑ 13 වියැති දරුවෙකු රෝහලේ

Generic placeholder image

මාතර, වලස්මුල්ල ඕමාරේ ප්‍රදේශයේදී පෞද්ගලික් ආරවුලක් මත ඇති වූ ගැටුමකදී පහර කෑමකට ලක් වූ දරුවෙකු රෝහල්ගතකර තිබෙනවා. එලෙස තුවාල ලබා ඇත්තේ 13 හැවිරිදි දරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් කළ බව දරුවාගේ ඥාතීන් පැවසුවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවසුවේ සිද්ධිය පිළිබද ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කරන්නැයි වළස්මුල්ල පොලිසියට උපදෙස් දී ඇති […]


Jan
4

තවත් යුක්‍රේන සංචාරකයින් 97 දෙනෙකු දිවයිනට

Generic placeholder image

තවත් යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත අද ළඟා වුණා. යුක්‍රේන ජාතිකයින් 97 දෙනෙකු රැගත් ගුවන් යානයක් එලෙස දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.


Jan
4

ඇත්තටම ලෙඩ හොඳ කරන්නේ “කාලී” ද?

Generic placeholder image

“කාලී” කිව්වම මතක් වෙන්නේ පහුගිය දවස්වල කොයි කව්රුත් කතා කරපු කොරෝනා පැණියත් එක්ක මතු වුණ “කාලී” කතාව.. ඒ අය මේ අය ඔය කොයි කව්රුත් ඒ නම එක එක දේවල්වලට ඈඳගත්තට “කාලී” ගැන ඉතිහාසය දන්න අය නම් ඒ නම එහෙම ආවට ගියාට පාවිච්චි කරන එකක් නෑ. ඒ වගේම කාලි ලෙඩ සුව කරනවා කියන එකත් පහුගිය කාලේ […]


Jan
4

නෙදර්ලන්ත ජිනවංශ හිමිනමගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණවලට නව හෝඩුවාවන්

Generic placeholder image

මසකට පමණ ඉහතදී රත්ගම පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ නෙදර්ලන්ත ජිනවංශ හිමිනමගේ අභිරහස් මරණය පිළිබඳ විමර්ශනය කරන කණ්ඩායම්වලට නව හෝඩුවාවන් කිහිපයක් ලැබී ඇතැයි වාර්තා වනවා. ජිනවංශ හිමියන් පරිහරණය කළ දුරකතන සිම්පත් හා මෙමරි කාර්ඩ්පත් ඇසුරින් ද සාක්ෂි කිහිපයක් ලැබී ඇති බවයි එම කණ්ඩායම් පවසන්නේ. මළ සිරුර දියේ පාවෙමින් තිබී හමුවන අවස්ථාවේ භික්ෂුවගේ දකුණු කකුලට කම්බියකින් […]


Jan
4

හන්තානේ අභිරහස් මරණයක් – ඝාතනයක්දැයි සෙවීමට පරීක්ෂණ

Generic placeholder image

මහනුවර, හන්තාන ප්‍රදේශයේ ලැගුම්හලක අභිරහස් ලෙස පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා. අදාළ ලැගුම්හලේ නාන කාමරයක් තුළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිබෙන බවට එහි කළමනාකාරවරයා පොලිසිය දැනුවත්කර තිබුණා. පසුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ සිරුර අසල ලේ පැල්ලම් කිහිපයක් ඇති බවත් නාන කාමරයේ ජනේලයක රෙදි පටියක් ගැට ගසා තිබූ […]


Jan
4

කෝටි 60කට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් මීගමුව මුහුදෙන් සොයා ගනියි (වීඩියෝ)

Generic placeholder image

මීගමුව මුහුදු තීරයේ සිදු කළ මෙහෙයුමකදී රුපියල් කෝටි 60කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් හමු වී තිබෙනවා. අදාළ මෙහෙයුම සිදු කරනු ලැබුවේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. එහිදී බහුදින ධීවර යාත්‍රාවක් එම නිලධාරීන් භාරයට ගැනුණු අතර පුද්ගලයින් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අදාළ යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් […]


Jan
4

අද සහ හෙට සංචාරක ස්ථාන කිහිපයක් වැසීමට ගත් තීරණයේ වෙනසක්

Generic placeholder image

අද සහ හෙට පොළොන්නරුවේ සහ සීගිරියේ සංචාරක ස්ථාන කිහිපයක් දේශීය සංචාරකයින් සදහා වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල ඊයේ නිවේදනය කළා. ඒ, දිවයිනට පැමිණ සිටින යුක්‍රේන ජාතිකයින් එම ස්ථානවල සංචාරය කිරීමට නියමිතව තිබීම හේතුවෙන්. එහෙත් ඔවුන්ගේ එම සංචාර අවලංගු කිරීම හේතුවෙන් අදාළ ස්ථාන දේශීය සංචාරකයින් සදහා විවෘතව පවතින බව අද නිවේදනය කෙරුණා. පොළොන්නරුවේ […]


Jan
4

හුදෙකලාකර තිබූ තවත් නිවාස යෝජනා ක්‍රමයක් නිදහස්

Generic placeholder image

හුදෙකලා තත්ත්වයට පත්කර තිබූ NHS මාලිගාවත්ත, නිවාස යෝජනා ක්‍රමය ඉන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒම මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ ඒ අනුව අදාළ නිවාස යෝජනා ක්‍රමය මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් වන බවයි.


Jan
4

අරණායකදී පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනයකර, සිරුර මා ඔයට විසි කරයි

Generic placeholder image

අරණායක, රහල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොලුවලින් අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයින් පහර දීම සදහා පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි දෙකක් ද සිය භාරයට ගත් බවයි. ඉකුත් පළමුවැනිදා රාත්‍රියේ ත්‍රිරාේද රථයකින් නිවස බලා යමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට අරණායක සපත්තු පාලම ආසන්නයේදී පහර දීමට පැමිණි පිරිස තර්ජනයකර ඇති […]


Jan
4

ගජමුතු ජාවාරමක තතු හෙළි වෙයි

Generic placeholder image

ගජමුතු අලෙවි කිරීමට පැමිණි පුද්ගලයෙකු ඊයේ මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පෙලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් කළ වැටලීමකදීයි. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ පුද්ගලයා සතුව තිබී ගජමුතු 6ක් සොයා ගැනුණු බවයි. එම පුද්ගලයා ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු රුපියල් මිලියන 15ක මුදලකට ගජමුතු අලෙවි කිරීමට සැළසුම්කර […]


Jan
4

විදෙස් රටක පිස්තෝලයක් සමග කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

විදෙස් රටක නිෂ්පාදනය කළ පිස්තෝලයක් සහ හිස් පතොරම් ගැබක් සමග කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් අනුව කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ, මාතලේ – ඉහළගම ප්‍රදේශයේදීයි. 31 හැවිරිදි හා 40 හැවිරිදි සැකකරුවන් දෙදෙනා බදුල්ල සහ මාතලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් අද මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය […]


Jan
4

හෙරොයින් සමග දෙදෙනෙක් කොටු වෙයි

Generic placeholder image

හෙරොයින් ග්‍රෑම් 12කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රී මඩකලපුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදීයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු වන අතර එක් රියදුරෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 1ක් ද අනෙක් රියදුරා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 20ක් […]


News Articles
Latest Videos
Most Popular Post