News Line| Off Air
Generic placeholder image

Nov
24

එජාපයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් දැඩි තීරණයක් ගැනීමට සුදානමින්

Generic placeholder image

ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මහතා සදහන් කරනවා. මන්තී‍්‍රවරු බහුතරයක් සජිත් පේ‍්‍රමදාස මහතා විපක්ෂ නායක ධූරයට පත් කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරය ලබා නොදුනහොත් එජාප ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ඉදිරි මහ […]


Nov
24

ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් එගොඩවෙලේ මහතා පත් කෙරේ

Generic placeholder image

විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙලේ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කර තිබෙනවා. ඒ මහතා මිට පෙර ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කර තිබෙන අතර සීමාසහිත රක්නා ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ද වසර 33 කාලයක් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ සේවය කල අයෙකි.


Nov
24

රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

Generic placeholder image

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරන ආකාරයට අද දිනයේ ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරිමක් හේතුවෙන් ජාඇල සහ වත්තල කටුනායක – සීදුව, ජා ඇළ යන නගර සභා බල ප්‍රදේශවලට සහ වත්තල – මාබෝල , වැලිසර, කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම, පොල්ගහහේන සහ බෝයිස්ටවුන් යන ප්‍රදේශ කිහිපයකට පැය […]


Nov
24

අදත් සවසට තද වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම නැගෙනහිර, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි වාර්තා වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම […]


Nov
23

ලෝක රූ රැජිණ කිරුළ වෙනුවෙන් රටවල් 120 ක රූමතියන් ලන්ඩනයට පැමිණෙයි

Generic placeholder image

2019 ලෝක රූ රැජිණ කිරුළ වෙනුවෙන් තරග වදින රූමතියන් සියලු දෙනා එංගලන්තයේ ලන්ඩන් අගනුවරට පැමිණ තිබෙනවා. එම අවස්ථාවට පසුගිය වසරේ ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳි මෙක්සිකෝ රූමතිය ද එක්ව සිටියා. 2019 ලෝක රූ රැජිණ උළෙල එළඹෙන දෙසැම්බර් 14 වැනිදා ලන්ඩනයේ පැවැත්වීමට නියමිතයි. ලන්ඩනයේ හදවත බඳු ටවර් පාලම ඉදිරිපිටදී ඔවුන් සමූහ ඡායාරූපයකට පෙනී සිට ඇති […]


Nov
23

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සමාජ මාධ්‍ය පරිශීලකයිට ඇගයීමක්

Generic placeholder image

තමාගේ ජයග්‍රහණයට සමාජ මාධ්‍ය, සෘජුව හා වක්‍රව සුවිශේෂී දායක්ත්වයක් දැක්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළා. ඉදිරියේදී වැඩ කරන රටක් බිහිකිරිමේදී ද සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයවා පැවසුවා. තම සමාජ මාධ්‍ය ජාල හරහා සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.


Nov
23

වාහන තදබදය අවම කිරීම සදහා ආරක්ෂක ලේකම්ගෙන් පොලීසියට උපදෙස්

Generic placeholder image

කොළඹ ඇතුළු තදාසන්න නගරවල පවතින වාහන තදබදය අවම කිරීම සහ ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා. රථවාහන පොලිස් නිලධාරීන් ගේ රාජකාරී අවශ්‍යතා සඳහා යතුරුපැදි ලබාදීමට සහ වාහන තදබදය අධිකව පවතින තදාසන්න නගර ආශ්‍රිතව රාජකාරී සඳහා යොදවන පොලිස් නිලධාරීන් […]


Nov
23

අංගොඩ ලොක්කාගේ සහයකයින් තිදෙනෙකු කේරළ ගංජා සමඟ අත්අඩංගුවට

Generic placeholder image

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සහයකයින් තිදෙනෙකු කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී මුල්ලේරියාව, අඹතලේ ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01යි ග්‍රැම්600ක තොගයක් විශේෂ කාර්ය බලකා නිළධාරීන් භාරයට ගෙන ඇති අතර වැඩිදුර […]


Nov
23

ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට නූතන ක්‍රමවේදයන් උපයෝගි කරගන්නා බව නාමල් කියයි

Generic placeholder image

නූතන ක්‍රමවේදයන් උපයෝගි කර ගනිමින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා. ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මනා පලපුරුද්දක් පවතින බවද ඔහු සදහන් කළා. කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.


Nov
23

අගමැති මහින්ද රාජපක්ෂ දළඳා සමිඳුන් වැඳ පුදාගනී

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද උදෑසන මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණ දළදා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීම සදහා පිටත්ව ගියා. පසුගිය 21 වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයේ දිවුරුම් දුන් අතර එදින පස්වරුවේ ඔහු එම ධුරයේ වැඩ භාර ගනු ලැබුවා. මහින්ද රාජපක්ෂ තුන්වන වතාවටත් මෙරට අග්‍රාමාත්‍යවරයා […]


Nov
23

අල්ලස් ගත් පොලිස් අධිකාරිවරයා රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා ලබන මස 4වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහු ඊයේ පස්වරුවේ හලාවත වැඩබලන මහේස්ත්‍රාත් බී.යූ. ශානක උදයංග වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ බව සදහන්. හලාවත – මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයක හිමිකරුවෙකුගෙන් රුපියල් එක්ලක්ෂ 90,000 ක […]


Nov
23

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේත් තද වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද අද පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]


News Articles
Latest Videos
Most Popular Post