ඉන්දියාවේ පළමු අලි ඇතුන් අනුස්මරණ උද්‍යානය පසුගියදා විවෘත කෙරුණා. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිවි අහිමිවූ අලි ඇතුන් උදෙසා, ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ පිහිටි මතුරා නගරයේ මෙම අනුස්මරණ උද්‍යානය ඉදිකර තිබෙනවා. උද්‍යානය නිර්මාණය කිරීමට මූලිකවී කටයුතු කළේ මතුරාහි වනජීවී සංරක්ෂණ මධ්‍යස්ථානයයි. එම උද්‍යානය ඉකුත් සිකුරාදා සිට ජනතාවට විවෘතකර ඇති බව සදහන්. මිනිස් ක්‍රියාකාරකම් වලින් දිවි අහිමිවූ අලි ඇතුන්ගේ […]
මෙරට පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝග නිවාරණය සඳහා ඕස්ටේ‍්‍රලියාවේ සහයෝගීතා වැඩපිළිවෙල තවත් වසර දෙකකින් දීර්ඝ කර තිබෙනවා. වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය සහ ඕස්ටේ‍්‍රලියාවේ න්‍යාෂ්ඨික විද්‍යා හා තාක්ෂණ සංවිධානය මේ සදහා දායකත්වය ලබා දෙනවා. 2017 වසරේ මැයි මස 25 වන දින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ ඕස්ටේ‍්‍රලියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අතර […]
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා තවත් විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් අද සහ හෙට යන දෙදින තුළ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්දියාව, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, මාලදිවයින සහ භූතානය යන රටවල නිරීක්ෂකයින් මීට ඇතුළත් වන බව සදහන්. පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයන් ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දැනටමත් දිවයිනට පැමිණ අවසන්.
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම වසර 14කට පසු සමනළ වැව ජලාශයේ ජල මට්ටම පිටාර […]
ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අද යි. ශී‍්‍ර ලාංකික බෞද්ධ බැතිමතුන් සැමට ඉතා වැදගත් පොහොය දිනයක් වන මෙහි වැදගත්කම් රැසක් තිබෙනවා. මෛතී‍්‍ර බෝධිසත්වයන් ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබුවේ අද වගේ පොහෝ දිනකයි. එමෙන්ම ප‍්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප‍්‍රචාරය සදහා ගමනාරම්භ කිරීම, බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම, පසුවස් ප‍්‍රචාරණය කළ […]
මේ මාසයේදී ඉන්ධන මිලෙහි වෙනසක් සිදුනොකරන බවත් පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කළ මිලට සමාන මිලකට ඉන්ධන අලෙවි කරන බව මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වෙනසක් සිදු නොවූ බැවින් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුනොකරන බව එම ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියා. සෑම මසකම 10 වන දින ලෝක වෙළදපලේ මිල ගණන් අනුව […]
නවකවදය ලබාදීමේ සිද්ධියකට අදාළව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නේවාසිකාගාරවලින් එළියට රැගෙන ගොස් සහ ආපනශාලාව ඇතුලු ස්ථාන කිහිපයකදී පහරදී වද දුන් බවට සිසුන් 04 දෙනෙකු විසින් කරන ලද පැමිණිලි අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. පහරදීම් නිසා තුවා ලැබූ සිසුන් බදුල්ල මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර […]
ප්‍රසිද්ධ පෙම්වතුන් යුවළක් වන අර්ජූන් කපූර් හා මලේයිකා ආරෝරා යන දෙදෙනා 2020 වසරේදී විවාහ වීමට තිරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මෙම විවාහය ඉතා ඉක්මණින් සිදුවීමට නියමිත බවත් තවමත් දින නියමයක් නොමැති බවත් අර්ජූන් කපුර්ගේ පාර්ශවයෙන් වාර්තා වනවා. මලෙයිකා හැඩ ගන්වන රූපලාවන්‍ය ශිල්පිනිය කියා සිටියේ මෙය සුදු වෙරළ මංගල උත්සවයක් වනු ඇති […]
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට චෙන්නායි බලා යන පළමු ජාත්‍යන්තර ගුවන් ගමන අද(11) ආරම්භ වුණා. ඒ අනුව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ඉන්දියාවේ චෙන්නායි දක්වා එයාර් ඉන්දියා ඒඑල් 9 102 මගී ගුවන් යානයෙන් පියාසර කර තිබෙනවා. මෙම නව ගුවන්තොටුපළ දෙරට අතර නව සබඳතා මෙන්ම වෙළඳ සබඳතා ඇති කරනු ඇතැයි තමන් […]
රත්නපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක දෙකට අදාළව නාය යාමේ අවදානමක් නිකුත් කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත මෙම නාය යාමේ අවදානම නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා. එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද නාය යාමේ අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ ගෙවී ගිය […]
ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ගතවූ සතිය තුළ ඉහළ ගිය අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 62 යි ශත 51 ක් ලෙසින්. මේ වසර තුළදී ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් මිල සියයට 26 කින් සහ බ්‍රෙන්ට් වර්ගයේ තෙල් මිල සියයට 17 කින් ඉහළ ගොස් තිබෙනවා. තෙල් මිල පසුගිය අප්‍රේල් මාසයේදී සියයට 40 ක් දක්වා […]
ජනාධිපති මාධ්‍ය අංශයෙන් මාධ්‍ය ආයතන වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබා දීම වෙනුවෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ගත් තීරණය සම්බන්ධයෙනි. ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කල සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වෙනවා. -උපුටා ගැනීම- රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි 34 […]